සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් එක් තරගයක් අඩු කිරීමට සිදු වනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා.
ඒ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමක් නිසාවෙනි. එළඹෙන ජනවාරි මාසයේ කොදෙව්වන් ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග දෙකක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇත.
“තරගාවලිය කෙටි වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා, මොකද ඔවුන්ට සංචාරය ඉතා ඉක්මනින් ඉවර කරන්නට අවශ්‍ය නිසා. ඒ නිසා එක් ටෙස්ට් තරගයක් අඩු වෙන්න පුළුවන්” බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරි Akram Hussain Khan, Cricbuzz වෙත පවසා සිටියා. “සංචාරය තහවුරුයි, ඔවුන් එළඹෙන ජනවාරි 7 වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිතයි. සෞඛ්යාරක්ෂිත වටපිටාව පිළිබඳ කෙරෙන සාකච්ඡා ධනාත්මක ලෙස ඉදිරියට යනවා. අපි නිරෝධායන කාලසීමාව පිළිබඳවත් සාකච්ඡා කරනවා.”
තවත් ක්‍රිකට් පුවත්:
- එංගලන්තයේ පාකිස්තාන ගමන කල් යන ලකුණු
- 2020 LPL නිල අනුග්‍රාහකත්වය තීන්දු වෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව තේරීම් කමිටුවක්
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට COVID-19 කළමනාකරණ සැලැස්මක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. Cricbuzz පුවත් සේවය වාර්තා කරන අන්දමට කොදෙව් කණ්ඩායම බංග්ලාදේශයට ළඟා වීමට ජනවාරි 7 වැනිදාට වඩා ප්‍රමාද වනු ඇති බවයි.
කොරෝනා වසංගතය නිසා අතහැර දැමුණු තරගාවලි කිහිපයක් නැවත සංවිධානය කරන්නට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට උත්සහ කරමින් සිටිනවා. මාර්තු මස පාකිස්තානය සංචාරය හා මැයි මස අයර්ලන්ත සංචාරය අතහැර දමන්නට ඔවුන්ට සිදු වුනා. පසුව ශ්‍රී ලංකා සංචාරය හා ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ටෙස්ට් සංචාර ද අතහැර දැමුණා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචාරය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුනත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කළ දින 14ක නිරෝධායන කාලසීමාවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අකමැති වීම නිසා එම සංචාරය නැවත වරක් කල් දැමුණා.
Cricbuzz ඇසුරින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<