බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Mominul Haque හට COVID-19 වෛරසය වැළඳී ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අද (10) දින නිවේදනය කළේය.
Mominul හට සුළු වශයෙන් රෝග ලක්ෂණ පැවත ඇති අතර පසුගිය සඳුඳා ඔහුව COVID-19 පරීක්ෂණයකට භාජනය කර තිබේ. මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුනේ එහි ප්‍රතිඵල ලැබීමෙන් පසුවය.
තවත් ක්‍රිකට් පුවත්:
- Mitchell Starc වසර හයකට පසු Big Bash පිටියට
- ඉන්දීය කඩුලු රකින්නාට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වන ලකුණු
- කොදෙව්වන්ට දින 7ක නිරෝධායනයකට!
- හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායකයා ක්‍රිකට් පිටියට සමුදෙයි
“Mominul හට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. ඔහුට සුළු රෝග ලක්ෂණ තිබෙනවා.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝජනය කරමින් Debashish මහතා පවසා තිබුනි.
Mominul මේ වන විට සිය නිවසේ නිරෝධායනය වන අතර ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබුනි.
“මම පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ දැනගත්තා. මම දැන් නිවසේ නිරෝධායනය වෙනවා. ලොකු රෝග ලක්ෂණ නම් නැහැ. මට පොඩි උණක් තිබුනා.”
ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත Bangabandhu විස්සයි විස්ස තරගාවලියට Mominulගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබේ. Bangabandhu තරගාවලිය නොවැම්බර් මාසයේ තෙවන සතියේ දී ආරම්භ වීමට නියමිතය.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<