ඉඟටිය ආශ්‍රිත ඇති වූ ආබාධයක් නිසා බටහිර ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ හට IPL තරගාවලියේ ඉතිරි කොටස අහිමි වනු ඇතැයි වාර්තා වෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් අතර ඔක්තෝබර් 17 වැනිදා පැවති තරගය අතරතුර දී බ්‍රාවෝ මෙලෙස ආබාධයකට ලක් වුනා.
“ආබාධයක් නිසා බ්‍රාවෝට IPL තරගාවලිය අහිමි වෙනවා” චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන විධායක නිලධාරි කාසි විශ්වනාතන් මහතා Cricbuzz වෙත පවසා තිබුණා. “ඔහු හෙට (22) එක්සත් අරාබි අමීර් රාජ්‍යයෙන් පිටව යයි, කණ්ඩායම් කළමනාකරණය තීරණය කරයි ඉදිරියට අපිට ආදේශක ක්‍රීඩකයෙක් අවශ්‍ය ද නැද්ද කියන බව.”
දිල්ලි කණ්ඩායමට එරෙහි තරගයේ දී බ්‍රාවෝ පන්දුවාර තුනක් ක්‍රියාත්මක කළ නමුත් ආබාධයකට ලක් වීම නිසා ඔහු සිය සිව්වැනි පන්දුවාරය යැවීමට සමත් වුනේ නැහැ. දෝනි හට සිදු වුනේ 20 වැනි පන්දුවාරය ජඩේජාට ලබා දීමටයි. එම පන්දුවාරයේ දී අක්සාර් පටෙල් දැවැන්ත හයේ පහර තුනක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය චෙන්නායි කණ්ඩායමෙන් උදුරා ගත්තා.
තවත් ක්‍රිකට් පුවත්:
- “මානසික සෞඛ්‍ය ගැනත් හිතන්න!” – එංගලන්ත නායකයාගෙන් ඉල්ලීමක්
- “මේ පරාජය අපිව අධෛර්යමත් කරන්නේ නැහැ” – ශිකර් ධවාන්
- වාර්තා රැසක් බිහිවූ තරගයක වීරයා වූ මොහොමඩ් සිරාජ්
2020 IPL තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම චෙන්නායි කණ්ඩායමට අර්බුද රැසකටම මුහුණ දීමට සිදු වුනා. දීපක් චහාර් හා රුටුරාජ් ගයික්වාඩ් හට COVID-19 වයිරසය ආසාදනය වී තිබුණු අතර ඒ නිසා චෙන්නායි කණ්ඩායමේ නිරෝධායන කාලසීමාව නොසිතූ ලෙස දීර්ඝ වුනා. ඒ අතරම සුරේෂ් රයිනා හා හර්බජාන් සිංග් පෞද්ගලික හේතු මත කණ්ඩායමෙන් ඉවත් වුනා.
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ජෝෂ් හේසල්වුඩ් බ්‍රාවෝ වෙනුවට කණ්ඩායමට ඇතුළු වී තිබුණා. චෙන්නායි කණ්ඩායම ඒ තරගය ද පරාජය වුනේ තරග 10ක් තුළ සිය 7 වැනි පරාජයටත් මුහුණ දෙමිනුයි.
කෙසේ වෙතත් ඒ පරාජයත් සමඟම play-offs වටයට යන්නට ඔවුන්ට තිබුණු අවසන් අවස්ථාවත් ගිලිහි ගියා. බ්‍රාවෝගේ හිඩැස පිරවීමට ඉම්රාන් තාහිර්, මිචෙල් සැට්නර් හා ලුන්ගි න්ගිඩි වැනි විදෙස් ක්‍රීඩකයින් චෙන්නායි කණ්ඩායම සතුව සිටිනවා.
CricBuzz ඇසුරින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<