මේ වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසර දක්වා කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඒ තවමත් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය නිසාවෙනි.
“අනපේක්ෂිත විදිහට 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දාන්න අපිට සිදු වෙලා තියෙනවා. ලබන වසරේ පැවැත්වීමට සූදානම් වුනත් මේ තරගාවලිය පැවැත්වීමට හැකි කාලවකවානුවක් අපි තවමත් සොයා සොයා ඉන්නේ. මොකද ඒ ක්‍රීඩා පිටිවල තරග පැවැත්වෙන්නේ නැති දින සහ ඉදිරි තරගාවලි කාලසටහන් බලලා අපි ලබන වසරේ මේ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන කාලය අපි තීරණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික සහ බංග්ලාදේශ ක්‍රිකට් සංවර්ධන කමිටු කළමනාකරු AEM Kawsar මහතා Cricbuzz වෙත පවසා තිබේ.
තවත් ක්‍රිකට් පුවත්:
- ගේල්ගේ IPL ඉරණම ගැන පුහුණුකරුගෙන් අනාවැකියක්
- එංගලන්තයත් ශ්‍රී ලංකාවට එන්න අදිමදි කරයි
- ජාතික ක්‍රිකට් තරු එකිනෙකා මුණගැසෙන තරගාවලියත් කල් යයි
- බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිගෙන් විශේෂ නිවේදනයක්
- තව පොඩ්ඩෙන් කෝලි නීති කඩයි
කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළුව එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නා තවත් කණ්ඩායම් දෙකක් සහභාගී වීමට නියමිතව තිබුණි.
එසේම මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද මේ වසංගත තත්වය නිසාවෙන් දින නියමයක් නොමැතිව කල් ගිය අතර එය ලබන වසරේ ජුනි මාසයේ දී පැවැත්වීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැනට සූදානමින් සිටියි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<