බෝම්බයකට හසු වූ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ජීවිතක්ෂයට

1052

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහා ක්‍රිකට් විනිසුරු සේවය ලබා දුන් Bismillah Jan Shinwari විනිසුරුවරයා අද සවස ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ ඇෆ්ගනිස්තානයේ Nangarhar හිදී මරාගෙන මැරෙන කාර් බෝම්බයකට හසුවීමෙනි. 

ඇෆ්ගනිස්තානයෙන් බිහි වූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයා වන Shinwari මෙලෙස හදිසියේ ජීවිතක්ෂයට පත්වන විට 36 වැනි වියේ පසු වූ අතර මෙම ප්‍රහාරය නිසාවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් විනිසුරුවරයාගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු හටද තුවාල සිදුවී ඇත. 

තවත් ක්‍රිකට් පුවත්: 

ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරන පරිදි එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඊට අමතරව තවත් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 දෙනෙකුට අධික පිරිසක් සඳහා තුවාල සිදුකරමිනි. 

2018 වසරේ දී ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී සිය පළමු ජාත්‍යන්තර විනිසුරු වගකීම ඉටුකළ Bismillah Jan Shinwari එදා සිට මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිහිපයක දීම සිය සේවය ලබාදී ඇත. 

geo.tv ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<