ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට වැඩිම අවධානයක් දිනා ඇත්තේ කවුරුන්දැයි ඇසුවොත් ලැබෙන පිළිතුර Rahul Tewatia ය. පසුගිය දා පැවති කිංග්ස් ඉලෙවන් පංජාබ් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය වාර්තා පොත් අතරට ගෙන යාමට ඔහු ඉටු කළ කාර්යභාරය අතිමහත්ය.
Rahul Tewatia රාජස්ථාන් ඉනිමේ මුල් අවධියේ දී පන්දු 19ක් තුල දී රැස් කර තිබුණේ ලකුණු 8ක් පමණි. විස්තර විචාරකයන්ගේ ද දැඩි විවේචන ඔහුට එල්ල වෙමින් පැවතිනි. තරගය උඩු යටිකුරු කරමින් Rahul Tewatia සිය ඉනිම අවසන් කළේ පන්දු 31ක් තුල ලකුණු 53ක් රැස්කරමිනි. ඒ සමඟින් ජයග්‍රහණය පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම හඹා යාම සටහන් කළේ පන්දු තුනක් ඉතිරිව තිබිය දී ය.
තරගය වෙනස් කළ ශෙල්ඩන් කෝට්රෙල් යැවූ 18 වැනි පන්දුවාරයේ දී Rahul Tewatia හයේ පහරක් පහක් එල්ල කිරීමට සමත් විය.
තරගයෙන් අනතුරුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් හා Rahul Tewatia මාධ්‍ය හමුවක අදහස් දක්වා සිටියේය.
ඔබේ ඉනිමේ මුල් භාගයේ දී ඔබට නිවැරදිව ලකුණු රැස් කරන්න අපහසු වුනා. ඒ වෙලාවෙදී ඔබට දැනුණු හැඟීම මොකක්ද?
Rahul Tewatia: මම හිතන්නේ ඒ මම මෙතෙක් ක්‍රීඩා කළ නරකම පන්දු 20. ඊට පස්සේ මට පුළුවන් වුනා නිවැරදිව පහර එල්ල කරන්න. මම පුහුණුවීම්වල දී ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. මට විශ්වාසයක් තිබුණා මගේ දක්ෂතා ගැන. ඒ නිසා මම විශ්වාසයක් තියාගෙන ඉදිරියට ගියා.
ඔබේ මානසික ශක්තිය ගැන ඔබට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක් ද? ඔබ පන්දු 19ක දී ලකුණු 8ක් ලබාගෙන සිටියේ. ඔබ එය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒ වෙලාවෙ දී ඔබ ධනාත්මකව හා ශක්තිමත්ව සිටියේ කොහොමද?
මම මුලින් පන්දුවට හොඳින් පහර දුන්නේ නැහැ. ඊටපස්සේ මම අපේ ක්‍රීඩකයන් හිටිය dugout එක දැක්කා. හැමෝම කුතුහලයෙන් හිටියේ. ඔවුන් දන්නවා මට පන්දුවට පහර දෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම හිතුවා මම ගැන විශ්වාස කරන්න ඕනෙ කියලා. මට ඕනෙ වෙලා තිබුණේ එක හයක් ගහන්න. ඊට පස්සේ මගේ මේ පීඩනය අඩු වෙනවා කියලා මම දැනගෙන හිටියා. වාසනාවට කෝට්රෙල්ගේ පළවෙනි පන්දුවට හයේ පහරක් ගහන්න පුළුවන් වුනා. ඊට පස්සේ මම හිතුවා දැන් තමයි ලකුණු ගන්න ඕනෙ වෙලාව කියලා. හයේ පහක් ගහන්න ලැබුණ එක ඇත්තටම පුදුම දෙයක්. ඒක කියාගන්න බැරි හැඟීමක්.
අවසානයේ කොට්‍රෙල් ගේ පන්දුවාරයේ දී ඔබ ඔබේ රිද්මය සොයාගත්තා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තෙන්ම අපේ පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් මට කිව්වේ පා දඟපන්දු යවන්නාට (රවී බිෂ්නෝයි) හයේ පහර එල්ල කරන්න කියලා. නමුත් අවාසනාවකට මගේ ඒ උත්සහය සාර්ථක වුනේ නැහැ. ඒ නිසා මට අනෙක් පන්දු යවන්නාට පහර දෙන්න සිදු වුනා. මට අවශ්‍ය වුනේ ජයග්‍රහණය කරන්න හෝ ඉලක්කයට හැකිතාක් ළං වෙන්න.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න
- ශ්‍රී ලංකා ක්‍රිකට් බාලගිරි දෝෂය තවදුරටත්
- CCCට දැවැන්ත ජයක්
- ඩෙනිස් ලිලීගේ ප්‍රියතම ගෝලයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර
- එක තරගයෙන්ම ලෝකයේම අවධානය දිනා ගත් RCB කෝඩුකාරයා
තම කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් අදහස් දක්වා සිටියේය.
කාලෙකට පස්සේ කාලයක් මතක තියන හඹා යාමක්. එහෙම නේද?
ඔව්, මම හිතුවේ අපි ටිකක් පසුපසින් ඉන්නේ කියලා. ඒත් ඉන් පස්සේ Rahul Tewatiaගේ ඉනිම ආරම්භ වුනා. එය ලස්සන කුඩා සංදර්ශනයක් වගේ. කොට්‍රෙල්ගේ පන්දුවාරය හැමදේම වෙනස් කළා. ඒක යම් ආකාරයකින් දේවල් ආපසු ඇදලා ගත්තා කියලා මට හිතෙනවා. ඒ පන්දුවාරය අපිට අවස්ථාව ලබා දුන්නා තරගයට එන්න. ඇත්තමටම ක්‍රිකට් කියන්නේ පුදුමාකාර ක්‍රීඩාවක්.
Rahul Tewatia මුලදී පන්දු 13කින් ලකුණු 5ක් ලබාගෙන හිටියේ. සියලු දෙනාම ඔහුව අංක 4 දක්වා උසස් කිරීමේ තීරණය ගැන ප්‍රශ්න කරමින් සිටියේ. එය කාගේ තීරණයක් ද? ඔබගේ ද නැත්නම් හෝ ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්ගේ ද? Rahul Tewatia පුහුණුවීම්වල දී ඔබලා දැකලා තියෙන්නේ මොනවාද?
අපි ඔහුගෙන් පුහුණුවීම්වල දී දැකපු දෙය තමයි ෂෙල්ඩන් කොට්‍රෙල්ගේ ඕවරයෙන් අපි දැක්කේ. එහි දී ඔහු නිවැරදිව පන්දුවේ මැදට පහර දෙනවා. ඒ වගේම පන්දුවට දිගු පහරවල් එල්ල කරනවා අපි දැක්කා. ඇත්තටම Rahul Tewatiaගේ ඉනිමේ ආරම්භය තරමක් අසාර්ථක ආරම්භයක් වුනා. ඔහුට ඔහුගේ පහරවල් නිවැරදිව එල්ල කරන්න බැරි වුනා.
නමුත් අපි දැනගෙන හිටියා ඔහුට කරන්න පුළුවන් දේ. ඇත්ත වශයෙන්ම මම පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්ට කිව්වා Rahul Tewatia එක් පහරක් හරියට එල්ල කළොත් ඔහුව නවත්වන්න බැරි වේවි කියලා. අපේ උපකල්පන ඇත්ත කියලා ඔහු ඔප්පු කළා. ඔහු ඉවසීමෙන් රැඳී සිටියා.
මම හිතන්නේ සංජු සැම්සන් එක් අවස්ථාවක ඔහුට කිව්වා, ‘කඩුලු අතර දුවන්න, ඔබට හැකි තාක් දුරට පහර දෙන්න උත්සාහ කරන්න, සිදුවන්නේ කුමක්දැයි බලන්න’ කියලා. ඔහුට ගෞරවය හිමිවෙන්න ඕනේ. ඔහු ඔහුගේ වෙලාව එනතුරු හිටියා. ඔහු එසේ කළා. කෝට්රෙල්ගේ පන්දුවාරයට මොහොතකට කලින් ඔහු මට කිව්වා “මම තවමත් විශ්වාස කරනවා මට මොහොමඩ් ෂාමිගේ පන්දුවාරයට හයේ පහර 3ක් සහ කොට්‍රෙල්ගේ පන්දුවාරයට හයේ පහර 3ක් එල්ල කරන්න පුළුවන් කියලා. ඒකෙන් අපිව නැවත තරගයට පිවිසෙන්න පුළුවන් වේවි” කියලා. මම ඒ වෙලාවේ ඔහුට කිව්වා “ඔබට ලොකු විශ්වාසයක් තියනවා. ඔබේ වෙලාව ආවම ඒක කරන්න” කියලා. ඔහුට ගෞරවය හිමිවෙන්න ඕනේ ඔහු අවසානයේ දී විශිෂ්ට කාර්යයක් ඉටු කළා.
Rahul Tewatiaගේ හයේ පහරවලින් අනතුරුව රොබින් උත්තප්පා දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ජොෆ්රා ආචර් මොහොමඩ් ශාමි හට පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් තරගය මුළුමනින්ම රාජස්ථාන් කණ්ඩායම වෙත හරවා ගැනීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස පන්දු 42ක් තුල ලකුණු 85ක් රැස් කළ සංජු සැම්සන් නම් කෙරිනි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ වන විට ඔවුන් සහභාගී වූ තරග දෙකම ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටී. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එහි පෙරමුණ ගෙන සිටී.
Cricinfo ඇසුරෙනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<