ලොව වමත් පන්දු යවන්නන් අතරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා වන රංගන හේරත් ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශකයෙකු ලෙස එක්වීමට නියමිත බව ThePapare.com වෙත වාර්තා වේ.
මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රංගන හේරත්ට දඟපන්දු උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන ලෙස ඉල්ලීමක් කර ඇති අතර, හේරත් එය ප්‍රතික්ෂේප කර ඇත. ඒ විදෙස් කණ්ඩායමක් සමඟ එක්ව පුහුණුකරණය සඳහා අත්දැකීම් ලබා ගැනීමට හේරත්ට අවශ්‍ය වූ බැවිනි. කෙසේ නමුත් මේ වන විට වයස අවුරුදු 42ක් වන රංගන හේරත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සිය කැමැත්ත ලබා දී ඇති බව දැනගන්නට ලැබේ.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- ශ්‍රී ලංකාවට රහසින් සහයෝගය දුන් විරේන්ද්‍ර සේවාග්
- IPL යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ටත් දින 6 නිරෝධායන කාලයක්
- “විශිෂ්ට දේවල් ළඟ එනවා” – හර්දික් පාන්ඩ්
- CSK එක් කෙනෙක් සනීප වෙද්දී තව කෙනෙක්ට තවමත් කොරෝනා
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන්ව ඇති බවත්, බොහෝ දුරට බංග්ලාදේශ තරග සංචාරයේ දී සහ එංගලන්ත ටෙස්ට් තරග සංචාරයේ දී ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු උපදේශකවරයෙකු ලෙස වැඩ කරනු ඇත. එසේම එම එකඟතා කොන්ත්‍රාත්තුව තරගාවලියෙන් තරගාවලිය සඳහා අලුත් වන කොන්ත්‍රාත්තුවක් බව ද වාර්තා වේ.
කෙසේ නමුත් දැනට මුළු ලෝකයේම පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි දෙකම පැවැත්වීම නිශ්චිත වශයෙන් තහවුරු කර නොමැත.
>>Video – ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ලොව විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා – රංගන හේරත් <<
ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකෙන දකුණතින් දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රහණ ලබා දීමේ මූලිකයා බවට පත්වූයේ රංගන හේරත්ය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ටෙස්ට් තරගාවලි බහුතරයක ඔහු තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන සම්මාන දිනා ගැනීම ඒ බවට සනාථ කිරීමට ඇති හොඳම සාක්ෂියකි.
හේරත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන විට ටෙස්ට් ක්‍රිකට් තරග 93කට සහභාගී වෙමින් කඩුලු 433ක් දවාගෙන ඇත්තේ ලොව වැඩිම කඩුලු දවා ගත් වමත් දඟපන්දු යවන්නාගේ වාර්තාව ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් කරගනිමිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<