තනි අතින් පන්දු ඔසවා දෙන්නා – බෲනෝ රෙසෙන්ඩේ

වොලිබෝල් පුරාවෘත අංක 15

753

නම – බෲනෝ මොසා ඩි රෙසෙන්ඩේ (Bruno Mossa de Rezende)

අන්වර්ථ නාමයබෘනිනෝ (Brunino)

උපත – 02/07/1986

උස – 190 cm (6 ft 3 in)

බර –  76 kg (168 lbs)

ක්‍රීඩා කරන ස්ථානය – පන්දු ඔසවන්නා (Setter)

කමිස අංකය – අංක 1

ප්‍රහාරක උස – 323 cm (127 in)

ආවරණ උස – 302 cm (119 in)

නියෝජනය කළ රට – බ්‍රසීලය

වෙනත් කණ්ඩායම් – 

2003–2005 Unisul Florianópolis (Brazil)

2005–2011 Cimed Florianópolis (Brazil)

2011 Casa Modena (Italy)

2011–2012 Cimed Florianópolis (Brazil)

2012–2014 RJX (Brazil)

2014–2016 DHL Modena (Italy)

2016–2017 SESI São Paulo (Brazil)

2017–2018 Azimut Modena (Italy)

2018–2020 Cucine Lube Civitanova (Italy)

2020– Funvic Taubaté (Brazil)

RIO DE JANEIRO, BRAZIL – AUGUST 19: Bruno Rezende of Brazil celebrates victory over Russia during the Men’s Volleyball Semifinal match on Day 14 of the Rio 2016 Olympic Games at the Maracanazinho on August 19, 2016 in Rio de Janeiro, Brazil. (Photo by Patrick Smith/Getty Images)

ඔහුගේ විශේෂත්වය

වෙබ් අඩවියට අනුව 2020 වසරේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුවන්නේ බෲනෝ ය. එසේම ඔහු සමස්ත ක්‍රීඩක ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් වී ඇත්තේ සර්ජියෝ සැන්ටොස්, මක්සිම් මිහායිලොව් වැනි ප්‍රබලයන් කිහිප දෙනා අතරට එක්වෙමිනි. 

බෲනෝගේ ක්‍රීඩාවේ විශේෂත්වය වන්නේ ඉතා අසීරු අන්දමින් පිටියේ ඉදිරිපස කලාපයට යොමුවෙන පන්දු අතිසාර්ථක ලෙස ඔසවා දීමට ඔහු දක්වන නිසඟ හැකියාවය. විශේෂයෙන්ම ඔහුගේ ඉන මට්ටමට පැමිණෙන පන්දු පවා එක් දණහිසක් බිම තබා උඩු අත් ක්‍රමයට ඔසවාදීමට ඔහු අති දක්ෂයෙකි. බෲනෝගේ ඔසවාදීම් බොහෝ විට අවිනිශ්චිතය. ඒවා කලින් උපකල්පනය කළ නොහැකි නිසා පන්දු ආවරණය කරන්නන් හට ඔහුගේ ඔසවා දීම් ආවරණය කිරීම ඉතා අපහසු කටයුත්තකි. 

ඇතැම් අවස්ථාවල ඔහු එකම ප්‍රහාරකයාට පන්දුව තුන් හතර වතාවක් නොකඩවා ඔසවා දෙයි. මෙය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරග බිමේ සිදු නොවන දෙයකි. එසේ සිදු කිරීමට විශාල ආත්ම ධෛර්යයක් තිබිය යුතුය. ඉතින් ඒ මගින් අපට බෲනෝ සතු වන ආත්ම විශ්වාසය පිළිබඳව අවබෝධ කරගත හැකිය.

එපමණකින් නොනැවතී තම කණ්ඩායමේ සගයින්ගේ වැරදි නිසා දැල මතට යොමුවෙන පන්දු පවා තනි අතින් ඔසවාදීම ඔහුගේ ක්‍රීඩාවේ නිරන්තරයෙන් දක්නට ලැබෙන අංගයකි. විශේෂයෙන්ම බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විට බෲනෝ විසින් කෙටි පන්දු ප්‍රහාරක ලූකස් හට මෙවැනි පන්දු සකසා දීම් විශාල ප්‍රමාණයක් සිදු කරන ආකාරය ඔවුන් දෙදෙනා එක්ව ක්‍රීඩා කළ ඕනෑම තරගයක දැකිය හැකි වූ සුවිශේෂී දර්ශනයකි. 

මෙය දිගු කාලයක් තිස්සේ එක්ව ක්‍රීඩා කිරීමෙන් පමණක් සාර්ථක කරගතහැකි උපක්‍රමයකි. මක්නිසාද යත් මේ ඔසවාදීම කෙටි පන්දු ඔසවාදීමක් වන බැවින් බෲනෝ විසින් පන්දුව ඔසවා දෙන මොහොතේ දී ලූකස් පන්දුව අසලට පැමිණ සිටිය යුතු වීමයි. ඔවුන් දෙදෙනා අතර තිබෙන ඉතා හොඳ අවබෝධය නිසා මේ උපක්‍රමය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. වරක් සුප්‍රකට වොලිබෝල් විචාරක පෝල් සන්ඩර්ල්න්ඩ් විසින් බෲනෝ හා ලූකස් අතර ඇති සම්බන්ධතාවය දිව්‍යලෝකය තුළ දී සිදු කළ ගැළපීමක් (A Match Made in Heaven) යනුවෙන් ප්‍රකාශ කිරීමට හේතු වූයේ ද ඔවුන් දෙදෙනා අතර එකිනෙකා පිළිබඳව වූ අවබෝධයයි.

සිරස් පැනීමේ රාක්ෂයා – රිකාඩෝ ලුකරෙලි

දැල මතට යොමුවෙන පන්දු ඔසවාදීමෙන් ඔබ්බට ගොස් එම පන්දු ප්‍රතිවාදී පිටිය වෙත යොමු කිරීමෙන් ලකුණු රැස් කිරීමට ද බෲනෝ දක්ෂයෙකි. විශේෂයෙන්ම තරගයේ වාසිය ප්‍රතිවාදීන් වෙත දෝලනය වී තම කණ්ඩායම පසුපසින් සිටින අවස්ථා වල මෙවැනි යොමුකිරීමක් මඟින් තරගයේ රිද්මය වෙනස් කිරීම බෲනෝ ගේ ක්‍රීඩාව තුළ දැකිය හැකි සුවිශේෂී අංගයකි. 

තෙවන පන්දුව තමා අසලට යොමු වෙන සෑම අවස්ථාවකම පාහේ එය නිදහසේ යොමු කරනවා වෙනුවට පහරක් එල්ල කරමින් එය ප්‍රතිවාදී පිටියට යොමු කිරීමට ද බෲනෝ සැමවිටම උත්සාහ කරයි. එමගිනුත් කෙසේ හෝ ලකුණක් රැස්කර ගැනීම ඔහුගේ අරමුණයි.

එසේම බෲනෝගේ ලකුණු සැමරීම් ද ඔහු තරමටම සුවිශේෂීය. අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් මිදී ප්‍රේක්ෂකයන් වෙත දිවගොස් ලකුණු සැමරීමට ඔහු ප්‍රිය කරයි. ලකුණ රැස් කිරීමෙන් පසුව කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් පස්දෙනා එක්ව සැමරීම සිදු කරද්දී බෲනෝ පිටියේ ඈත කෙළවරකට දිවගොස් තනිව ලකුණ සමරන ආකාරය  බොහෝ විට ඔහු ක්‍රීඩා කරන තරගවල දී දක්නට ලැබෙන දර්ශනයකි. ඒ අවස්ථාවල දී අනෙක් ක්‍රීඩකයන් පස් දෙනා බෲනෝව සොයන දර්ශනය ඇතැම් විට ඉතා හාස්‍යජනකය.

Brazil’s Lucas Saatkamp (L) and Bruno Rezende (R) try to block as Italy’s Cristian Savani (C) spikes during their men’s volleyball semifinal match of the London 2012 Olympics Games in London on August 10, 2012. AFP PHOTO / KIRILL KUDRYAVTSEV (Photo credit should read KIRILL KUDRYAVTSEV/AFP/GettyImages)

පුද්ගලික දිවිය

බෲනෝගේ දෙමාපියන් වන්නේ සුපිරි වොලිබෝල් ක්‍රීඩක / ක්‍රීඩිකා දෙපළක් වන බර්නාඩින්හෝ සහ වේරා මොසා ය. 2016 වසරේ බෲනෝ බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කරන අවස්ථාවේ දී කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළේ ඔහුගේ පියා බර්නාඩින්හෝ වීම විශේෂත්වයකි. බර්නාඩින්හෝ 2001 සිට 2017 දක්වා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලදි.

ඔහුගේ මව වන වේරා මොසා තුන් වතාවක් ඔලිම්පික් තරගාවලි සඳහා බ්‍රසීල ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කර තිබේ (1980, 1984, 1988 වසරවල ). ඔහුගේ පියා ද 1984 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභියෙකු වේ. බෲනෝ කුඩා කාලයේ දී ඔහුගේ දෙමාපියන් දික්කසාද විය. 

එසේම බෲනෝ හා සුපිරි පාපන්දු ක්‍රීඩක නේමා(ර්) ඉතා කුලුපග මිතුරන් බව පැවසේ.

වෘත්තීය දිවිය

2005 වසරේ දී බ්‍රසීල වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් 20න් පහළ ලෝක ශූරතාවලියට සහභාගී වූ බෲනෝ එහි රිදී පදක්කම දිනා ගනිමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. 2007 වසරේ දී ජ්‍යේෂ්ඨ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් හිමි කර ගත් ඔහු එම වසරේ දී පෑන් ඇමරිකානු ක්‍රීඩා, FIVB ලෝක කුසලානය සහ දකුණු ඇමරිකානු ශූරතාව යන ශූරතා ත්‍රිත්වය ජයග්‍රහණය කරමින් තම ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. 2008 දී ඔහු බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ අතර එහි දී බ්‍රසීලය රිදී පදක්කම හිමි කරගත්තේය.

2009 දී බෲනෝ ජාතික කණ්ඩායම සමඟ කුසලාන දෙකක් දිනා ගැනීමට සමත් විය. ඒ ලෝක ලීගය සහ චැම්පියන්ස් කුසලානය යන තරගාවලි දෙකෙහිදී ය. ඉන් වසරකට පසුව, ඔහු තෙවැනි වරටත් ලෝක ලීගය දිනා ගත් අතර එම වසරේ දීම ඔහු තමාගේ පළමු FIVB ලෝක ශූරතා ජයග්‍රහණය ලබා ගත්තේය. පසුව 2011 දී ඔහුගේ බ්‍රසීල කණ්ඩායම ලෝක ලීගයේ දෙවන ස්ථානයට පත්වූ නමුත් දකුණු ඇමරිකා සහ පෑන් ඇමරිකානු තරගාවලිවල දී ඒවායේ ශූරතාවය දිනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනේය. ඉන් පසුව 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගය පරාජයට පත් වීම නිසා රිදී පදක්කමකින් සෑහීමකට පත් වන්නට බෲනෝට සිදු විය.

2013 වසරේ ලෝක ලීගයේ දී බ්‍රසීලය දෙවන ස්ථානයට පත්වූ අතර ඉන් පසුව දකුණු ඇමරිකානු ශූරතාවලියේ දී සහ FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී රන් පදක්කම් 2ක් දිනා ගැනීමට ඔවුන් සමත් විය. 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඉතාලියට එරෙහි අවසන් තරගයෙන් පසුව බ්‍රසීලය රන් පදක්කමක් දිනා ගත් අතර එහි දී බෲනෝ තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස නම් කරන ලදි. මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂීම අවස්ථාව ලෙස සැලකෙයි.

වර්තමාන බ්‍රසීල ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයා වන්නේ ද බෲනෝ යි.

වොලිබෝල් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – විල්ෆ්‍රෙඩෝ ලියො

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණක්‍රීඩා සමාජ තරග

CEV චැම්පියන්ස් ලීගය

  • 2019 – රන් පදක්කම – Cucine Lube Civitanova සමඟ

FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය

  • 2018  රිදී පදක්කම – Cucine Lube Civitanova සමඟ
  • 2019  රන් පදක්කම – Cucine Lube Civitanova සමඟ

දකුණු ඇමරිකානු සමාජ ශූරතාවය

  • 2009 –  රන් පදක්කම – Cimed Floianópolis සමඟ

ජාතික ශූරතා

  • 2003/2004 බ්‍රසීලියානු ශූරතාවයරන් පදක්කම, Unisul Florianópolis සමඟ
  • 2005/2006 බ්‍රසීලියානු ශූරතාවලියරන් පදක්කම, Cimed Floianópolis සමඟ
  • 2007/2008 බ්‍රසීලියානු ශූරතාවලියරන් පදක්කම, Cimed Floianópolis සමඟ
  • 2008/2009 බ්‍රසීලියානු ශූරතාවලියරන් පදක්කම, Cimed Floianópolis සමඟ 
  • 2009/2010 බ්‍රසීලියානු ශූරතාවලියරන් පදක්කම, Cimed Floianópolis සමඟ
  • 2012/2013 බ්‍රසීලියානු ශූරතාවයරන් පදක්කම, RJX සමඟ
  • 2014/2015 ඉතාලි කුසලානය රන් කුසලානය Modena Volley සමඟ 
  • 2015/2016 ඉතාලි සුපර් කප් රන් කුසලානය DHL Modena සමඟ 
  • 2015/2016 ඉතාලි කුසලානයරන් කුසලානය DHL Modena සමඟ
  • 2015/2016 ඉතාලි ශූරතාව රන් පදක්කම, DHL Modena සමඟ
  • 2018/2019 ඉතාලි ශූරතාව රන් පදක්කම, Cucine Lube Civitanova සමඟ

කණ්ඩායම් ජයග්‍රහණබ්‍රසීල ජාතික කණ්ඩායම සමඟ 

  • 2005 FIVB U19 ලෝක ශූරතාවලිය රිදී පදක්කම 
  • 2007 ඇමරිකා කුසලානය රිදී පදක්කම  
  • 2007 දකුණු ඇමරිකානු ශූරතාවය රන් පදක්කම
  • 2007 පෑන් ඇමරිකානු ක්‍රීඩා රන් පදක්කම 
  • 2007 FIVB ලෝක කුසලානය රන් පදක්කම 
  • 2008 ඇමරිකා කුසලානය රිදී පදක්කම 
  • 2008 ඔලිම්පික් ක්‍රීඩා රිදී පදක්කම 
  • 2009 FIVB ලෝක ලීගය රන් පදක්කම 
  • 2009 දකුණු ඇමරිකානු ශූරතාවය රන් පදක්කම
  • 2009 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය රන් පදක්කම 
  • 2010 FIVB ලෝක ලීගය රන් පදක්කම 
  • 2010 FIVB ලෝක ශූරතාවලිය රන් පදක්කම 
  • 2011 FIVB ලෝක ලීගය රිදී පදක්කම 
  • 2011 දකුණු ඇමරිකානු ශූරතාවය රන් පදක්කම
  • 2011 පෑන් ඇමරිකානු ක්‍රීඩා රන් පදක්කම 
  • 2011 FIVB ලෝක කුසලානය ලෝකඩ පදක්කම 
  • 2012 ඔලිම්පික් ක්‍රීඩා රිදී පදක්කම 
  • 2013 FIVB ලෝක ලීගය රිදී පදක්කම 
  • 2013 දකුණු ඇමරිකානු ශූරතාවය රන් පදක්කම
  • 2013 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය රන් පදක්කම 
  • 2014 FIVB ලෝක ලීගය රිදී පදක්කම 
  • 2014 FIVB ලෝක ශූරතාවලිය රිදී පදක්කම 
  • 2015 දකුණු ඇමරිකානු ශූරතාවය රන් පදක්කම
  • 2016 FIVB ලෝක ලීගය රිදී පදක්කම 
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා රන් පදක්කම 
  • 2017 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය රන් පදක්කම 
  • 2017 FIVB ලෝක ලීගය රිදී පදක්කම 
  • 2017 දකුණු ඇමරිකානු ශූරතාවය රන් පදක්කම
  • 2018 FIVB ලෝක ශූරතාවලිය රිදී පදක්කම 
  • 2019 FIVB ලෝක කුසලානය රන් පදක්කම 

තනි ජයග්‍රහණ

  • 2006 Superliga Brasileira – හොඳම පන්දු සකසන්නා
  • 2007 Superliga Brasileira – හොඳම පන්දු සකසන්නා
  • 2007 ඇමරිකා කුසලානය – හොඳම පන්දු සකසන්නා
  • 2008 Superliga Brasileira – හොඳම පන්දු සකසන්නා
  • 2008 ඇමරිකා කුසලානය – හොඳම පන්දු සකසන්නා
  • 2009 Superliga Brasileira – හොඳම පන්දු සකසන්නා
  • 2009 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – හොඳම පන්දු සකසන්නා
  • 2013 FIVB ලෝක ලීගය – හොඳම පන්දු සකසන්නා
  • 2013 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම පන්දු සකසන්නා
  • 2013 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – හොඳම ආරම්භකයා
  • 2015 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම පන්දු සකසන්නා
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා – හොඳම පන්දු සකසන්නා
  • 2017 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම පන්දු සකසන්නා
  • 2019 FIVB ක්ලබ් ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2019 FIVB ක්ලබ් ලෝක ශූරතාවය – හොඳම පන්දු සකසන්නා

Image credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<