හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව එංගලන්ත ප්‍රාන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හා එක්වීමේ අපේක්ෂාවෙන් පසු වූවත් මේ වන විට එම ගමනට තිත තැබී ඇත්තේ මෙවර තරග වාරය පැවැත්වීම සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිත ස්වභාවය සැකිල්ලට ගනිමිනි.
ශකීබ්ගේ වාසනාවන්ත පිත්තට ඉහළ මිලක්
තරග පාවාදීමේ උත්සාහයක් පිළිබඳ ලැබුණු තොරතුරක් පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත්..
එංගලන්තය ඇතුළු සමස්ත යුරෝපය පුරාම වේගයෙන් පැතිර යන Covid-19 වසංගතය නිසාවෙන් දැනටමත් ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි රැසක් දින නියමයකින් තොරව කල්දැමීමට කටයුතු කොට ඇති අතර ජුනි මස පළමුවැනිදායින් අනතුරුව මෙවර තරග වාරය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව සඳහන් කර මින් ඉහත අවස්ථාවක දී සඳහන් කර තිබුණි.
පසුගිය වසරේ පළමු පෙළ ශූරතාව හිමිකරගත් එසෙක්ස් කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකයෙකු බවට පත් වූ සිඩ්ල් එහි දී තරග අටකට ක්‍රීඩා කරමින් කඩුලු 38ක් බිඳ දැමුවූයේ ලකුණු ලබා දීමේ සාමාන්‍ය 20.08ක් වැනි ප්‍රශංසනීය මට්ටමක රඳවා ගැනීමට සමත්කම් දැක්විය.
සිඩ්ල් පෙන්වූ සුපිරි දක්ෂතා සැකිල්ලට ගනිමින් මෙවර තරග වාරය සඳහා ද ඔහුගේ සේවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසු වූ එසෙක්ස් කණ්ඩායම් කළමනාකාරිත්වය එම ගිවිසුම් කාලය ලබන වසර දක්වා දීර්ඝ කිරීමට මේ වන විට කටයුතු කොට තිබෙන්නේ බොහෝ විදෙස් ක්‍රීඩකයින් පවතින වතාවරණය හමුවේ වෙනත් රටවල සංචාරය කිරීමෙන් වැළකීමට සිටීමට ගෙන ඇති තීරණයන් සියල්ල සමඟිනි.
ලෝක කුසලාන පදක්කම නැති වෙලා
එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් BBC රේඩියෝව සමඟින් පසුගිය සෙනසුරාදා..
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 67ක දී කඩුලු 221ක් බිඳ හෙළා ඇති 35 හැවිරිදි සිඩ්ල්, තමන්ගේ ද එකඟතාව මත මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවී සිටීමට ගෙන ඇති තීරණය පිළිබඳ මෙසේ කරුණු පැහැදිලි කර සිටියේය.
“මම ඇත්තටම ගොඩක් කනගාටු වෙනවා මේ අවුරුද්දේ එසෙක්ස් කණ්ඩායම නියෝජනය කරන්න තිබුණු හොඳ අවස්ථාවක් අහිමි වෙන එක ගැන. නමුත් මේ වගේ අවස්ථාවක අපි ගොඩක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන මොකද අපි හැමෝටම කවදාහරි ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා සුදුසු වටපිටාවක් සකස් වුන දවසකට. දැන් අපි හැමෝම ඉදිරියේ තියෙන විශාලතම අභියෝගය තමයි මේ ගැටලුවට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නෙ කියන එක.”
“මට හොඳටම විශ්වාසයි, අපි හැමෝම එකතු වෙලා වැඩ කරොත් මේ බාධකය ජය ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා 2021 දී නැවත චෙම්ස්ෆීල්ඩ් නගරයට ඇවිත් මගේ උපරිමය එසෙක්ස් කණ්ඩායම වෙත ලබා දෙන්න.”
Covid-19 වසංගතයෙන් තම ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය දැඩි නීති රාමුවක් තුල සිට කටයුතු කරන අතර එරට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ නීති රෙගුලාසීන්ට අනුව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි කිසිදු පුද්ගලයෙකුට විදේශගත වීම මේ වන විට තහනම් කර තිබේ.
ඒ අනුව සසෙක්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජේසන් ගිලෙස්පි හට සේවය සඳහා වාර්තා කිරීමට නොහැකි වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද වාර්තා වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<