COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද වසංගතයක් ලෙස පැතිරෙමින් පවතියි. මෙම තත්ත්වය හමුවේ මෙරට වැසියන් ආරක්ෂා කර ගැනීමට රජය විසින් තාවකාලික ඇඳිරි නීති තත්ත්වයක් ශ්‍රී ලංකාව පුරා පනවා ඇත. එලෙස ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හමුවේ එදිනෙදා වැටුප් ලබන විශාල පිරිසක් අසරණ වී ඇත.
දිනේෂ් චන්දිමාල්ගෙනුත් සහන මල්ලක්
ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන…..
ශ්‍රී ලාංකීය ජනතාව සෑමවිටම අන්‍යන්ට උදව් උපකාර කරන පිරිසක් බවට ප්‍රචලිත කරමින් මෙරට බොහෝදෙනා එලෙස අසරණව ඇති ජනතාවට උදව් උපකාර කිරීමට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් හා හිටපු ක්‍රීඩකයන් රැසක් ද මෙම මහඟු කර්තව්‍යය සඳහා එක්ව සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු උපුල් තරංග ද කොරෝනා සටනට එක්ව සිටින්නේ මෙම අසීරු අවස්ථාවේ දී අසරණව සිටින ජනතාවට උපකාරි කිරීමට එක්වෙමිනි.
මෙම ජනතාව සඳහා එදිනෙදා පරිහරණයට අවශ්‍ය වියලි ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කිරීමට උපුල් තරංග තීරණය කර තිබේ. ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති, අඩු ආදායම් ලාභී පවුල් රැසක් සිටින කොණ්ඩගල ප්‍රදේශයේ අසරණ පවුල් 100ක් සඳහා මෙලෙස භාණ්ඩ ලබා දීමට ඔහු කටයුතු කළේය.
ශ්‍රී ලංකාව තුළ අසරණ ජනතාව සඳහා ආධාර උපකාර කිරීමට මෙලෙස ක්‍රීඩකයන් බොහෝදෙනෙකු එක්ව සිටීම ඉතාමත් සංවේදී හා වටිනා පණිවිඩ රැසක් ලොවට කියා දීමට සමත් වී තිබේ.
එදත් අදත් විපතේ දී පිහිටට ආ හිත හොඳ මුරලි!
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ප්රතාපවත් චරිත අතරින් ලොව වැඩිම කඩුලු ගණනක් බිඳ හෙළු පන්දු යවන්නා ලෙස…..
මෙලෙස කොරෝනා සටනට සහය දැක්වීම සඳහා හිටපු ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොශාන් මහානාම සහ චමින්ද වාස් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියහ.
මේ අතර වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ජාතික රෝහල් සඳහා අවශ්‍යව තිබූ උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට පසුගියදා එක්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මෙම කොරෝනා මර්දනය සඳහා වන අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<