ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල ද මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී තිබේ. ලොව සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට බලපා ඇති COVID -19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ද එක්වී තිබේ.
රජයේ කොරෝනා මර්දනයට SLC සහයට එයි
මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින්…..
මෙරට රෝහල් සඳහා අත්‍යවශ්‍යව තිබූ Video Laryngoscopes යන්ත්‍ර මිල දී ගැනීම සඳහා ක්‍රීඩකයින් මුදල් පරිත්‍යාග කර ඇති අතර එය වයිරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා උපකාරී වනු ඇත.
“මෙම වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා රෝහල් බලධාරීන් අරමුදල් සොයන බව දැන ගත් විගස, මුළු කණ්ඩායමම මේ කාර්යයට දායක වුනා. COVID-19 සමඟ සටන් කිරීමට අපි හැකි තරම් උත්සාහ කර දායක වෙනවා. මේ උපකරණ දින කිහිපයකින් පැමිණේවි.”
ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ThePapare.com වෙබ් අඩවියට පවසා සිටියේය.
දරුණු කොරෝනා වයිරස් ආසාදනය හේතුවෙන් ශ්වසන අස්ථායිතාව සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙම Video Laryngoscope උපකරණ භාවිතා කළ හැකිය. ස්වර තන්ත්ර නිරීක්ෂණය සඳහා එය වඩාත් නිවැරදි හා පහසු ක්‍රියා පටිපාටියකි.
මෙම උපකරණ ශ්‍රී ලංකාවට පැමිණි වහාම ජාතික රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතය.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද රුපියල් මිලියන 25ක් රජයට පරිත්‍යාග කරමින් මෙම COVID-19 සටන සඳහා දායක විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<