සහිරා “Super 16” ජය සාන්ත ජෝසප්වරුන් දිනා ගනියි

421

සහිරා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායකයින්ගේ සංගමය 15 වන වරටත් සංවිධානය කළ “සහිරා Super 16 සත්සාමාජික පාපන්දු තරගාවලිය” පසුගියදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා. කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල පරාජය කරමින් තරගාවලියේ ජය හිමිකර ගත්තේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය යි. 

Ronaldinhoගේ උපන් දිනයට බන්ධනාගාරයේ සාදයක්

ඊයේ (21) දිනට යෙදී තිබුණු Ronaldinhoගේ 40 වැනි උපන් දිනය සඳහා ඔහු මේ වන විට සිරගතකර සිටින බන්ධනාගාරයේ….

කුසලාන ශූරතාවය 

සාන්ත ජෝසප් විද්‍යාලය හා ගේට්වේ විද්‍යාලය අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි අතර තියුණු තරගයකට පසුව සාන්ත ජෝසප් කණ්ඩායම ගෝල 1 – 0ක් ලෙස තරගය ජය ගත්තා. 

තරගයේ එකම ගෝලය වාර්තා කළ කවින්ද්‍ය රූපසිංහ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර සාන්ත ජෝසප් විද්‍යාලයේම ෂෙනාල් සංදේශ් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා. ගේට්වේ කණ්ඩායමේ ඩ්වේන් ඩි මෙල් තරගාවලියේ හොඳම ගෝල රකින්නා ලෙස සම්මාන දිනා ගත්තා. සහිරා කණ්ඩායම, සාන්ත තෝමස් විද්‍යාලය දඬුවම් පහර 4 – 3ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ තෙවන ස්ථානය  දිනා ගත්තා. 

කණ්ඩායම දෙකම සිය කාණ්ඩ වල පළමු ස්ථානය දිනා ගත් අතර කඳාන ද මැසනොඩ් කණ්ඩායම හා සාන්ත තෝමස් විද්‍යාලය ගෝල 2 – 1 බැගින් පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් මහා තරගය දක්වා පැමිණියා. ගේට්වේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී ගෝල 3-0 ක් ලෙස සාන්ත බෙනඩික් කණ්ඩායමත්, අවසන් පූර්ව තරගයේ දී දඬුවම් පහර වලින් ගෝල 3 – 1ක් ලෙස සහිරා කණ්ඩායමත් පරාජය කළා. 

පළඟ ශූරතාවය 

මීගමුව මාරිස් ස්ටෙලා කණ්ඩායම, සාන්ත බෙනඩික් කණ්ඩායම ගෝල 3 – 0ක් ලෙස පරාජය කරමින් පළඟ ශූරතාව දිනා ගත්තා. කුසලාන ශූරතාවයේ පරාජිතයින් පළඟ ශූරතාවයේ තරග වැදුනා. එහිදී මාරිස් ස්ටෙලා කණ්ඩායම ගෝල 2 – 1ක් ලෙස කඳාන ද මැසනොඩ් කණ්ඩායම පරජය කළ අතර සාන්ත බෙනඩික් කණ්ඩායම ගෝල 3 – 2ක් ලෙස සාන්ත හෙන්රි කණ්ඩායම පරාජය කළා. 

Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක නිරත වන අතරතුර සිය අවසන් කැමති පත්‍රය ද…..

බඳුන ශූරතාවය 

කොළඹ රාජකීය විද්‍යාලය දඬුවම් පහර 2 – 0ක් ලෙස පරාජය කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම බඳුන ශූරතාවය දිනා ගත්තා. නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කර ගැනීමට සමත්ව තිබුනේ නැහැ. 

සෑම කාණ්ඩයකම තුන්වන ස්ථානය දිනා ගත් කණ්ඩායම් බඳුන අර්ධ අවසන් පූර්ව වටයේ තරග වල ක්‍රීඩා කළා. වෙස්ලි කණ්ඩායම, කින්නියා අල් අක්සා විද්‍යාලයීය කණ්ඩායම ගෝල 2 – 1ක් ලෙස පරාජය කළ අතර රාජකීය විද්‍යාලයීය කණ්ඩායම Alethea ජාත්‍යන්තර පාසල ගෝල 1 – 0ක් ලෙස පරාජය කළා. 

පලිහ ශූරතාවය 

හින්දු විද්‍යාලය පරාජය කරමින් ඉසිපතන විද්‍යාලය ගෝල 1 – 0ක් ලෙස පලිහ ශූරතාවය දිනා ගත්තා. 

ගම්පොළ සහිරා කණ්ඩායම ගෝල 1 – 0ක් ලෙස පරාජය කරමින් ඉසිපතන කණ්ඩායම අවසන් තරගයට පිවිසුනු අතර හින්දු විද්‍යාලය ගෝල 2 – 1ක් ලෙස ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායම පරාජය කළා. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<