ආසියානු දැල්පන්දු ශූරතාවලිය කල් යයි

248

මේ දිනවල සියලුම ක්‍රීඩා තරගාවලීන්ට බාධාවක් වෙමින් පවතින කොරෝනා වයිරසය නිසාවෙන් මෙම වසරේ ජුනි මාසයේ දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු දැල්පන්දු ශූරතාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව ජාතික දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ThePapare.com වෙත තහවුරු කරන ලදි.

Photos : Blood Donation by the National Netball Team

ThePapare.com | Roshintha Perera | 8/3/2020 Editing and re-using images without permissioN……

“තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමුවා, අප නැවත තරගාවලිය පැවැත්වීමේ දිනයක් පිළිබඳව සාකච්ඡා කරනවා, නමුත් දැන් පවතින තත්වය පහව තුරු කල් ගත යුතුයි. යම් හෙයකින් එය මෙම වසර අවසානය දක්වා කල් දැමීමට සිදු වුවහොත් තරගාවලිය පැවැත්වීමට නියමිත දකුණු කොරියාවේ දැඩි ශීත කාලගුණයක් පැවතිය හැකියි. එම නිසා මාගේ මතයට අනුව අප සෑම රටකටම ගැළපෙන පරිදි පැවැත්විය යුතුයි” යැයි එතුමිය ප්‍රකාශ කළාය.

2018 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයග්‍රහණයෙන් පසු – Image Courtesy Sport Singapore

තවද ක්‍රීඩිකාවන් පිළිබඳව අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කර සිටියේ ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් හට තම නිවස තුල පුහුණුවීම් සිදු කරන ලෙස දන්වා ඇති බවයි.

“ලබා දී ඇති උපදෙස් පරිදි අප මෙම සංචිතය සමග සියලු කටයුතු අත්හිටුවා ඇත, නමුත් අප මෙම සංචිතයට ඇතුළත් ක්‍රීඩිකාවන් හට දැනුම් දී තිබෙනවා තම තමන්ගේ පුහුණුවීම් නිවස ආශ්‍රිතව සිදු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය වූවොත් සියලුම වෛද්‍ය ප්‍රතිකාර අප විසින් ලබා දෙනවා” යැයි යන්න ඇය වැඩි දුරටත් පවසා සිටියා.

2018 වසරේ අවසන් වරට පැවති ආසියානු දැල්පන්දු ශූරතාවලියට තිලකා ජිනදාස මහත්මියගේ මග පෙන්වීම යටතේ ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම් අවසන් තරගයේ දී සිංගප්පූරුව 69-50ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගන්න ලදි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<