ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත පිළ අද (12) තම දෙවැනි පුහුණු තරගයට මුහුණ දීම ආරම්භ කළේ කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. එහිදී නුදුරේදීම ඇරඹෙන උණුසුම් ටෙස්ට් අත්දැකීමක් ගැන පෙරනිමිති පළ කරමින් ඔවුන් තරගයේ මුල් දිනය නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 354ක් රැස්කර ගනිමිනි. අද දිනයේ වීරයා බවට පත්වූ සැක් ක්‍රවුලි අනර්ඝ ශතකයක් වාර්තා කරමින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීය.
එංගලන්ත තරග සංචාරය තුල සෙල්ෆි හා සමරු සටහන් තහනම් වෙයි
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය එළඹෙන මාර්තු මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත්……
තරගයේ කාසියේ වාසිය ද දිනා ගැනීමට සමත් වූ එංගලන්ත පිළ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතුකර ගත්තේය. එහි උපරිම වාසි සලසා ගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන්ම ශතක සබඳතාවයක් ගොඩ නැගීමට ඔවුන්ට හැකිවිය. පන්දු 92ක් සඳහා මුහුණ දුන් ඩොම් සිබ්ලි එහිදී හතරේ පහර 5ක් එල්ල කරමින් ලකුණු 37ක් ලබා ගත්තේය. අවසානයේ පළමු කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ රමේෂ් මෙන්ඩිස් යොමුකළ පන්දුවක් හමුවේ සදීර සමරවික්‍රම අතට උඩපන්දුවක් ලබා දෙමිනි.
Photos: Sri Lanka vs England – Warm-Up Match 2 – Day 1
ඔහු සමඟ ඉනිම ඇරඹූ සැක් ක්‍රවුලි තම සගයාටත් වඩා ඉදිරියට තම ඉනිම ගෙන යමින් පන්දු 145කට මුහුණ දෙමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 105කි. ඔහුගේ ශතකයට හතරේ පහර 11ක් ඇතුළත් විය. අවසානයේ ශ්‍රී ලංකා පිළට හිසරදයක් වී තිබූ සැක්ගේ කඩුල්ල බිඳ හෙලන්නට මොහොමඩ් ශිරාස්ගේ වේග පන්දුවකට හැකිවිය. පසුගිය කාලයේ එංගලන්ත පිළට අසීරු අවස්ථා වලදී පිහිටවූ ජෝ ඩෙන්ලි අද ආරම්භයක් ලබා ගත්තද ලකුණු 26දී දැවී ගියේය. එම කඩුල්ල අයිති වූයේ ප්‍රභාත් ජයසූරියටයි.
නවෝද් ශ්‍රී ලාංකීය චතුර් ශතක ලැයිස්තුව විවෘත කරයි
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ පළමු චතුර් ශතකය වාර්තා කිරීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න්…..
ඒ වනවිට ලකුණු 179ට කඩුලු 3ක් ලෙසින් දිස්වූ එංගලන්ත ඉනිම ලකුණු 354ක් දක්වා වේගයෙන් ඉදිරියට ඇදුනේ ජෝ රූට් සහ ඔලී පෝප් අතරේ ගොඩ නැගුණු නොබිඳුනු සබඳතාවය නිසයි. එහිදී පන්දුවාර 40කින් අනතුරුව අද දිනය අවසන් වනතුරුම තම කඩුලු ආරක්ෂා කරගත් මොවුන් දෙදෙනා මේ වනවිට ලකුණු 175ක සබඳතාවයක් ගොඩ නගා සිටියි. එහිදී විශිෂ්ට අන්දමින් පිත්ත මෙහෙයවූ එංගලන්ත නායක ජෝ රූට් තම කණ්ඩායම තමන් ගැන තබන අඛණ්ඩ විශ්වාසය සුරකිමින් පන්දු 122කදී ලකුණු 90ක් ලබා සිටියි. ඒ හතරේ පහර 8ක් සමඟයි.
තවමත් 22 වැනි වියේ පසුවන ඔලී පෝප් ඉදිරියේ දී ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමේ අටියෙන් පන්දුවට පහර දෙන්නේ නොදැවී ලකුණු 84ක් රැස්කර ගනිමිනි. පන්දු 120ක් වැයවුණු ඔහුගේ ඉනිමට දැකුම්කළු හතරේ පහර 7ක් ඇතුළත් විය. මේ අනුව හෙට දිනයේ මෙම පිතිකරුවන් දෙදෙනා තම තමන්ගේ ශතක කරා යාමට උපරිම උත්සාහ දරනු ඇත. එහි වැඩිම තර්ජනය වන්නේ එංගලන්ත මුල්පෙළ මේ අයුරින් සාර්ථක වීමත් සමඟ ශ්‍රී ලංකාවට සපුරා ගැනීමට අසීරු ඉලක්කයක් ලැබීමට ඉඩකඩ තිබීමයි.
එබැවින් හෙට උදෑසන පළමු හෝරාව තුලදී පන්දු යවන්නන්ට ලැබෙන වාසියත් උපයෝගී කර ගනිමින් හැකි ඉක්මනින් කඩුලු කිහිපයක් බිඳ හෙලීමට ශ්‍රී ලංකා පිළ උත්සාහ දැරිය යුතුය. ඒ සිව්දින පුහුණු තරගයක් ලෙස ක්‍රියාත්මක වන මෙම තරගයේ ආරම්භක දින දෙක අසාර්ථක වුවහොත් බොහෝදුරට එය තරග පරාජයක් දක්වා දික් ගැස්සීමට ඉඩ ඇති බැවිනි.
මහා තරග අතර මහා තරගය – නිල් මහා සටන
මේ රාජකීය විදුහලේ පාසල් ගීතයේ එක් කොටසකි. එහි සරල අර්ථය පොත පතින් පමණක් නොව මිනිසුන්ගෙන් ද ජීවිතය ඉගෙන…..
කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළ තම පළමු ඉනිම ආරම්භ කළ පසු තරගය තවදුරටත් රසවත් වන්නේ ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට බලා සිටින රොෂේන් සිල්වා, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් රැසක් පිතිකරණයේ යෙදීමට සූදානම්ව සිටින බැවිනි.
Stumps
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | b Mohamed Shiraz | 105 | 145 | 11 | 0 | 72.41 |
Dominic Sibley | c Sadeera Samarawickrama b Ramesh Mendis | 37 | 92 | 5 | 0 | 40.22 |
Joe Denly | c Minod Bhanuka b Prabath Jayasuriya | 26 | 61 | 2 | 1 | 42.62 |
Joe Root | lbw b Prabath Jayasuriya | 102 | 139 | 9 | 0 | 73.38 |
Ollie Pope | b Prabath Jayasuriya | 95 | 134 | 8 | 0 | 70.90 |
Jos Buttler | b Prabath Jayasuriya | 14 | 29 | 1 | 0 | 48.28 |
Sam Curran | c Prabath Jayasuriya b Mohamed Shiraz | 9 | 13 | 1 | 0 | 69.23 |
Chris Woakes | c Shehan Jayasuriya b Prabath Jayasuriya | 12 | 15 | 1 | 1 | 80.00 |
Dominic Bess | b Asitha Fernando | 11 | 14 | 2 | 0 | 78.57 |
Jack Leach | not out | 14 | 28 | 1 | 1 | 50.00 |
Matthew Parkinson | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 22 | 36 | 3 | 0 | 61.11 |
Extras | 16 (b 4 , lb 11 , nb 0, w 1, pen 0) |
Total | 463/10 (117.4 Overs, RR: 3.93) |
Fall of Wickets | 1-103 (25.6) Dominic Sibley, 2-175 (49.3) Joe Denly, 3-179 (50.1) Zak Crawley, 4-369 (93.4) Joe Root, 5-388 (97.4) Ollie Pope, 6-399 (100.5) Sam Curran, 7-404 (103.1) Jos Buttler, 8-421 (106.2) Dominic Bess, 9-429 (107.4) Chris Woakes, 10-463 (117.4) Matthew Parkinson, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 20 | 2 | 63 | 1 | 3.15 | |
Mohamed Shiraz | 18 | 0 | 68 | 2 | 3.78 | |
Prabath Jayasuriya | 37.4 | 3 | 164 | 6 | 4.39 | |
Ramesh Mendis | 31 | 0 | 106 | 1 | 3.42 | |
Shehan Jayasuriya | 9 | 0 | 36 | 0 | 4.00 | |
Angelo Perera | 2 | 0 | 11 | 0 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | lbw b Chris Woakes | 0 | 1 | 0 | 0 | 0.00 |
Lahiru Thirimanne | not out | 88 | 115 | 12 | 0 | 76.52 |
Sadeera Samarawickrama | c & b Chris Woakes | 4 | 14 | 0 | 0 | 28.57 |
Angelo Perera | b Matthew Parkinson | 38 | 53 | 7 | 0 | 71.70 |
Roshen Silva | not out | 11 | 58 | 1 | 0 | 18.97 |
Extras | 9 (b 4 , lb 4 , nb 1, w 0, pen 0) |
Total | 150/3 (40 Overs, RR: 3.75) |
Fall of Wickets | 1-0 (0.1) Pathum Nissanka, 2-12 (4.5) Sadeera Samarawickrama, 3-95 (23.1) Angelo Perera, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chris Woakes | 6 | 1 | 11 | 2 | 1.83 | |
Sam Curran | 6 | 0 | 36 | 0 | 6.00 | |
Jack Leach | 12 | 1 | 44 | 0 | 3.67 | |
Dominic Bess | 9 | 1 | 32 | 0 | 3.56 | |
Matthew Parkinson | 7 | 2 | 19 | 1 | 2.71 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<