පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවති 28 වැනි වාර්ෂික මහා එක්දින තරගය අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක විය.
එහි දී ලකුණු 72ක ඉතා විශිෂ්ට ජයක් හිමිකරගත් ශ්‍රී සුමංගල විද්‍යාල කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි වතාවටත් එක්දින මහා සංග්‍රහයේ ජය තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය.
රන් මහා සටනේ 68 වැනි දිග හැරුම ජය පැරදුමෙන් තොරව නිමා වේ
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවති 68 වැනි රන් මහ සටන අද (7) මොරටුව………………….
පසුගිය වසර තුන පුරාවට එක්දින මහා ගැටුමේ සිය ආධිපත්‍යය පතුරවාලූ ශ්‍රී සුමංගලයින් අද උදෑසන කාසියේ වාසිය ජය ගැනීමෙන් අනතුරුව පන්දුවට පහර දීමට තීරණය කළේ තරගකාරී ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙනි.
සුමංගල විද්‍යාලයේ ආරම්භක පිතිකරු සුසංයෝගයෙහි යම් වෙනසක් සිදු කරමින් මිහිරංග ප්‍රනාන්දු සමඟින් ඉනිම ඇරඹීමේ වගකීම යොවුන් ක්‍රීඩක සතිර ප්‍රනාන්දු හට පැවරීමට පියවර ගෙන තිබුණි.
නමුත් ඔහුට සාර්ථක වීමට අවසර නොදුන් අත්දැකීම් බහුල මොරටු විද්‍යාලයීය ආරම්භක වේගපන්දු යවන්නන් යුගලය පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 22 වැනි විට දී දවා ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදීන් වෙත රතු එළියක් දල්වාලමිනි.
Photos: Sri Sumanagala College vs Moratu Maha Vidyalaya | 28th Battle of the Golds – One Day
නිරාජ් කවිශ්ක යැවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැඳීමත් සමඟම සතිරගේ ඉනිම අවසන් වූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි චාරුක පිරිස් සුමංගල ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන දීමට සමත් වූයේ මනා සංයමයකින් යුතුව තම පිත්ත හැසිර වූ නිසාවෙනි.
පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 29ක්ව තිබිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු වූ මිහිරංග ප්‍රනාන්දු තම ඉනිම නිමා කරමින් ක්‍රීඩාගාරය වෙත ගමන් කළේ තම කණ්ඩායමේ ගිණුමට ලකුණු 33ක් හර කරමිනි. කඩුලු 2ක් වැටී ලකුණු 52ක් ලෙසින් දිස් වූ සුමංගල ඉනිම ගොඩ නැඟූ නියමුවා පිටියට සපැමිණියේ ඉන්පසුවයි.
වාර්තා සමඟින් සාන්තුවරුන්ගේ සටන නිමා වෙයි
සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 86 වැනි සාන්තුවරුන්ගේ සටන අද (07) ජය පරාජයෙන්…………………….
උපනායක තරණ ද සිල්වා ඉතා සූක්ෂමව ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ දුර්වලතා හඳුනා ගනිමින් ආක්‍රමණශීලී පිතිකරණ රටාවකට අවතීර්ණ වූයේ ඉනිම මැද පන්දුවාරයන්හීද ඉතාමත් හොඳ දල ලකුණු වේගයක් රඳවා ගනිමිනි. අර්ධ ශතයක් කරා ඔහු තම ඉනිම මෙහෙය වූයේ හයේ පහර 2ක් සහ හතරේ පහර 8කින් ලකුණු පුවරුව වර්ණවත් කරමිනි.
පිටිය පුරා පහරවල් එල්ල කරමින් මොරටු පන්දු යවන්නන් අසරණ කළ තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 66කින් නතර වූයේ ලකුණු 34ක් රැස් කරගෙන සිටි චාරුක පීරිස් 27 වැනි පන්දුවාරයේ දී දැවී යමත් සමඟිනි. මහා තරගයේ හොඳම පන්දු යවන්නා ලෙසින් අභිසෙස් ලැබූ විශ්ව ප්‍රනාන්දු එම කඩුල්ලේ හිමිකාරිත්වය ඔහුගේ නමින් ලියා ගැනීමට සමත් විය.
මුළු ලකුණු සංඛ්‍යාව 152ක් වන විට සුමංගල ඉනිමේ සිව්වැනි කඩුල්ල බිඳ වැටුණේ සුපිරි ඉනිමක් දියත් කළ තරණ ද සිල්වාගේ විශිෂ්ට පිතිහරඹයට වැට බඳිමිනි. පන්දු 61ක් පමණක් වැය කරමින් ලකුණු 66ක් තම පිත්තෙන් වාර්තා කළ තරණගේ ඉනිම බොහෝ දෙනාගේ පැසසුමට භාජනය විය.
තරණගෙන් අනතුරුව ඉනිම මෙහෙය වීමේ සුක්කානම තම අතට ගත් ප්‍රභාෂ් ජයසේකර කඩුලු රකින් ක්‍රීඩක ඉමෙත් ගම්පොළ සමඟ එක්ව වටිනා ලකුණු 30ක සබඳතාවක් ගොඩ නැඟුවේ නැවත වතාවක් තරගයේ පීඩනය මොරටු කණ්ඩායම වෙත යොමු කරමිනි.
නමුත් ඉමෙත් ගම්පොළගේ දුවද්දී දැවී යාමත් සමඟින් පියවරක් පසු පසට ඇඳ වැටුණු සුමංගල ඉනිම ලකුණු 200 සීමාව පසු කරන විට කඩුලු 6ක් දැවී ගොස් තිබුණේ අවසන් පන්දුවාර කිහිපයේ දී නැවතත් මොරටු ක්‍රීඩකයින් හට තරගයට අවතීර්ණ වීමට මඟ සලසා දෙමිනි.
රවීන්, රශාන් සහ වාසල නාලන්දාව වෙනුවෙන් ජය කඳවුරු බඳියි
නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වාගේ සහ රශාන් දිසානායකගේ ප්‍රවේගවත් පිතිකරණයට ජිතේශ් වාසලගේ……………….
ලකුණු 37ක් ලබා සිටි ප්‍රභාෂ් ජයසේකර විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඉන්පසුව පැමිණි කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකොට යාමට මොරටු ක්‍රීඩකයින් ඉඩ ලබා නොදුන්නේ පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සුමංගල ඉනිම ලකුණු 220කට සීමා කරමිනි. මොරටු විද්‍යාලය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ චමල්ක පුෂ්පකුමාර ලකුණු 13කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.
ලකුණු 221ක ඉලක්කයක් හඹා යෑමේ අරමුණින් පිටියට පිවිසි මොරටු විද්‍යාලයීය ආරම්භක පිතිකරුවන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කර දැමූ සතිර ප්‍රනාන්දු, ඔහුගේ මද වේගපන්දුවෙන් ඩිල්ෂාන් දුලක්ෂණ මුලා කළේ සුමංගල විද්‍යාලයට දිනයේ පළමු කඩුල්ල සැමරීමට අවකාශ සලසා දෙමිනි.
මුළු ලකුණු සංඛ්‍යාව 4ක්ව තිබිය දී එක් කඩුල්ලක් දැවී තරමක අවදානම් සහගත තත්වයක සිටි මොරටු විද්‍යාල ඉනිමට යම් ජීවයක් එක් කිරීමට චමල්ක පුෂ්පකුමාර සහ නායක මධුෂාන් දිලක්ෂණ සමත් විය. දෙවන සහ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 37ක සහ 38ක සබඳතාවන් ද්විත්වයක් ගොඩනැඟූ මොරටු විද්‍යාල පිතිකරුවන් යම් අභියෝගයක් සුමංගලයින් වෙත එල්ල කිරීමට මාන බලනු දැකගන්නට ලැබිණි.
කෙසේ නමුත් සුමංගල දඟපන්දු බලඇණියේ විජ්ජාවන්ට හසු වූ මොරටු ප්‍රහාරකයින් තම කඩුලු එකිනෙක පූජා කරමින් පානදුර පුරවරය වෙත මෙවරත් ජයග්‍රහණය උරුම කරදෙනු පෙනෙන්නට වූයේ මධුෂාන් දිලක්ෂණ, චමිදු රවිෂාන් සහ නිරාජ් කවිෂ්ක වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසාවෙනි.
විදූශ පිරීස් සහ විශ්ව ප්‍රනාන්දු දඟපන්දු සුසංයෝගය මොරටු විද්‍යාලයේ පිතිකරණ බලඇණිය අඩපණ කරද්දී නායක අනුක ජයසිංහ ද තම වගකීම අකුරටම ඉටු කළේ හිසරදයක්ව සිටි පසුපෙළ පිතිකරුවන් කිහිප දෙනෙකුම කඩුලු කල් වේලා ගත නොකොට දවා ගනිමිනි.
මොරටු විද්‍යාලයේ කඩා වැටීම හමුවේ යම් තරමක හෝ ප්‍රතිරෝධයක් පෑමට සමත් වූ සුකිත දෙව්තිළිණ පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 21ක් රැස් කළේ සුමංගල ජයග්‍රහණය තරමක් පමා කරමිනි.
පන්දුවාර 3යි පන්දු 2ක් ඉතිරිව තිබිය දී මොරටු විද්‍යාලයේ සියලුම පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ ශ්‍රී සුමංගලයින් තරගය ඉතා පහසුවෙන් ජය ගත්තේ අඛණ්ඩව සිව්වැනි වතාවටත් රන් මහ සටනේ ජයකෙහෙලි නංවමිනි.
- තරගයේ වීරයා – තරණ ද සිල්වා (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- දක්ෂතම පිතිකරුවා – තරණ ද සිල්වා (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- දක්ෂතම පන්දු යවන්නා – විදූශ පීරිස් (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- දක්ෂතම පන්දු රකින්නා – එරාන් හංසමාල් (මොරටු මහා විද්‍යාලය)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sathira Fernando | b Niraj Kavishka | 2 | 8 | 0 | 0 | 25.00 |
Mihiranga Fernando | run out (Rashan Kavishka Fernando) | 33 | 53 | 6 | 0 | 62.26 |
Charuka Peiris | c Eran Hansamal b Vishwa Didulana Fernando | 34 | 75 | 3 | 0 | 45.33 |
Tharana de Silva | b Rashan Kavishka Fernando | 63 | 60 | 6 | 2 | 105.00 |
Prabash Jayasekera | b Vishwa Didulana Fernando | 37 | 39 | 3 | 0 | 94.87 |
Imeth Gampola | run out (Eran Hansamal) | 17 | 21 | 3 | 0 | 80.95 |
Charuka Jayathilake | c Rashan Kavishka Fernando b Eran Hansamal | 2 | 8 | 0 | 0 | 25.00 |
Vidusha Peiris | c Rashan Kavishka Fernando b Chamalka Pushpakumara Fernando | 4 | 11 | 0 | 0 | 36.36 |
Heshan Uminda | c Madushan Dilakshana Ferdinando b Chamalka Pushpakumara Fernando | 9 | 11 | 1 | 0 | 81.82 |
Vishwa Lahiru | not out | 2 | 4 | 0 | 0 | 50.00 |
Anuka Jayasinghe | lbw b Chamalka Pushpakumara Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 0 , lb 3 , nb 0, w 14, pen 0) |
Total | 220/10 (48.5 Overs, RR: 4.51) |
Fall of Wickets | 1-22 (4.4) Sathira Fernando, 2-51 (13.1) Mihiranga Fernando, 3-117 (27.6) Charuka Peiris, 4-152 (34.4) Tharana de Silva, 5-192 (41.2) Imeth Gampola, 6-199 (43.2) Charuka Jayathilake, 7-206 (45.2) Prabash Jayasekera, 8-214 (46.6) Vidusha Peiris, 9-220 (48.3) Heshan Uminda, 10-220 (48.5) Anuka Jayasinghe, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Niraj Kavishka | 5 | 1 | 17 | 1 | 3.40 | |
Vinura Nipun Peiris | 5 | 0 | 23 | 0 | 4.60 | |
Sukitha Devthilina | 6 | 0 | 39 | 0 | 6.50 | |
Eran Hansamal | 10 | 2 | 38 | 1 | 3.80 | |
Maheeth Methdinu | 3 | 0 | 14 | 0 | 4.67 | |
Rashan Kavishka Fernando | 10 | 0 | 42 | 1 | 4.20 | |
Vishwa Didulana Fernando | 6 | 0 | 30 | 2 | 5.00 | |
Chamalka Pushpakumara Fernando | 3.5 | 0 | 10 | 3 | 2.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishwa Didulana Fernando | lbw b Vidusha Peiris | 16 | 31 | 2 | 0 | 51.61 |
Dilshan Dulakshana Peiris | b Sathira Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Chamalka Pushpakumara Fernando | c Imeth Gampola b Vidusha Peiris | 38 | 56 | 3 | 0 | 67.86 |
Madushan Dilakshana Ferdinando | c Charuka Peiris b Vidusha Peiris | 13 | 42 | 1 | 0 | 30.95 |
Chamidu Ravishan Fernando | c Charuka Peiris b Vishwa Lahiru | 11 | 25 | 0 | 0 | 44.00 |
Niraj Kavishka | c Vishwa Lahiru b Vidusha Peiris | 6 | 12 | 1 | 0 | 50.00 |
Sukitha Devthilina | lbw b Mihiranga Fernando | 25 | 50 | 2 | 0 | 50.00 |
Rashan Kavishka Fernando | b Vishwa Lahiru | 3 | 24 | 0 | 0 | 12.50 |
Eran Hansamal | c & b Anuka Jayasinghe | 4 | 13 | 0 | 0 | 30.77 |
Vinura Nipun Peiris | c & b Anuka Jayasinghe | 15 | 14 | 2 | 0 | 107.14 |
Maheeth Methdinu | not out | 0 | 9 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 0 , lb 3 , nb 0, w 14, pen 0) |
Total | 148/10 (46.4 Overs, RR: 3.17) |
Fall of Wickets | 1-4 (1.2) Dilshan Dulakshana Peiris, 2-41 (9.4) Vishwa Didulana Fernando, 3-79 (19.6) Chamalka Pushpakumara Fernando, 4-80 (21.6) Madushan Dilakshana Ferdinando, 5-94 (25.6) Niraj Kavishka, 6-107 (30.5) Chamidu Ravishan Fernando, 7-128 (40.1) Rashan Kavishka Fernando, 8-129 (41.1) Sukitha Devthilina, 9-147 (44.1) Vinura Nipun Peiris, 10-148 (46.4) Eran Hansamal, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Charuka Jayathilake | 4 | 0 | 23 | 0 | 5.75 | |
Sathira Fernando | 4 | 0 | 14 | 1 | 3.50 | |
Vishwa Lahiru | 10 | 0 | 25 | 2 | 2.50 | |
Vidusha Peiris | 10 | 0 | 26 | 4 | 2.60 | |
Heshan Uminda | 7 | 0 | 26 | 0 | 3.71 | |
Anuka Jayasinghe | 8.4 | 2 | 17 | 2 | 2.02 | |
Mihiranga Fernando | 3 | 0 | 14 | 1 | 4.67 |