ඩී. එස්. සේනානායක විද්‍යාලය රග්බි ක්‍රීඩාවට අත්පොත් තබන්නේ 1980 වසරේ දී ය. 2010 වසර දක්වා කාලය තුල විටින් විට දස්කම් දැක්වීමට සමත්වුවත් ඔවුන් අනෙකුත් කණ්ඩායම්වලට සාපේක්ෂව ප්‍රබල වටපිටාවක් ගොඩනගාගෙන තිබුණේ නැත.
කෙසේ වෙතත් ඩී. එස්. සේනානායක නාමය මෙරට රග්බි ක්‍රීඩාව තුල වඩාත් කතාබහට ලක්වන නමක් වීමට පටන් ගත්තේ 2010 වසරේ දී ය. එම වසරේ දී අන්තර් පාසල් රග්බි තරගාවලියේ C කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ඔවුන් සමත් විය.
ඉන් නොනැවතුනු ඔවුන් 2011 වසරේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් B කාණ්ඩයේ අනුශූරයන් බවට පත් වූ අතර ඔවුන්ගේ දක්ෂතා A කාණ්ඩයට පිවිසීමට ප්‍රමාණවත් විය. 2012 වසරේ දී ඔවුන් තම රග්බි ඉතිහාසයේ පළමු වතාවට A කාණ්ඩය නියෝජනය කළේය.
එවර තරගාවලිය එතරම් සාර්ථක නොවූ අතර ඔවුන් තරගාවලිය නිමා කළේ ලකුණු සටහනේ අවසන් ස්ථානය ලබා ගනිමිනි. ඉන් අනතුරුව 2013 වසරේ දී නැවතත් B කාණ්ඩයේ සිට A කාණ්ඩය දක්වා ඉහළට පැමිණෙන ඩී. එස්. සේනානායකයන් 2014 වසරේ දී B කාණ්ඩය නියෝජනය කළේය.
2015 වසරේ දී දෙවන කාණ්ඩය යටතේ තරගාවලිය සඳහා එක්වූ එම කණ්ඩායම එම වසරේ දැක්වූ දක්ෂතා නිසාවෙන් 2016 වසරේ දී පළමු කාණ්ඩය නියෝජනය කිරීමට වරම් දිනා ගත්තේය.
ඩී. එස්. සේනානායක විද්‍යාලය නියෝජනය කරමින් මෙරට රග්බි ක්‍රීඩාවට පිවිසි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටී. ඒ අතරින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන වර්තමාන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන බුද්ධිම පියරත්නට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
පසුගිය තරගාවලියේ දී මූලික වටයේ දී B කාණ්ඩයේ අපරාජිතව තරගාවලිය නිමා කළ එකම කණ්ඩායම බවට පත්වීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 53-03ක් ලෙස පරාජය කළ ඔවුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කළේ ලකුණු 52-06ක් ලෙසිනි. කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 69-03ක් ලෙස පරාජය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය මහනුවර සුමංගල විද්‍යාලය ලකුණු 22-31ක් ලෙස පරාජය කළේය. මූලික වටයේ අවසන් තරගයේ දී ලුම්බිණි විද්‍යාලය ලකුණු 38-10ක් ලෙස පරාජය කරමින් පලඟ ශූරතාව සඳහා සුදුසුකම් ලබාගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.
පලඟ ශූරතාව සඳහා වූ තරගාවලියේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලය ප්‍රබල ආරම්භයක් ලබා ගන්නේ කුරුණෑගල මලියදේව කණ්ඩායම ලකුණු 22-10ක් ලෙස පරාජය කරමිනි.
පලඟ ශූරතා තරගාවලියේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හමුවේ ලකුණු 22-10ක් ලෙසත්, මහනුවර ධර්මරාජ විද්‍යාලය හමුවේ ලකුණු 13-14ක් ලෙසත්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හමුවේ ලකුණු 29-21ක් ලෙසත් පරාජය වීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයට සිදු විය. එම පරාජයන් හමුවේ A කාණ්ඩයේ සිහිනය බිඳ වැටී ගියේය.
කෙසේ වෙතත් මෙවර A කාණ්ඩය සඳහා පිවිසීම තම ප්රමුඛ අරමුණ කර ගත් ඩී. එස්. සේනානායක කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අංක 8 ක්‍රීඩක හසිඳු දිනූශ හටය. උපනායකයා ලෙස සෙන්ටර් ක්‍රීඩක සාරංග උඩවත්ත කටයුතු කරයි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අසේල දේශප්‍රිය මහතා කටයුතු කරයි.
මෙවර තරගාවලිය සඳහා සහභාගි වන ඩී. එස්. සේනානායක විද්‍යාල රග්බි කණ්ඩායම
නම | ස්ථානය |
කේ. එම්. එස්. මධුශංක | ප්‍රොප් |
එල්. එල්. ඩී. චතුරංග | හුකර් ක්‍රීඩක |
පී. එන්. වී. ධර්මගුණවර්ධන | ප්‍රොප් |
පී. සී. හවුපෙලියනගේ | ලොක් ක්‍රීඩක |
කේ. ජේ. එස්. කුමාර | ප්‍රොප් / ලොක් ක්‍රීඩක |
කේ. එච්. ඩී. ඒ. අමරසූරිය | ෆ්ලෑන්කර්/ලොක් ක්‍රීඩක |
ආර්. එච්. පනාගොඩ | ෆ්ලෑන්කර් |
එච්. ඩී. හේමසිරි | අංක 8 |
එම්. ඒ. ඒ. එම්. පෙරේරා | අංක 8 / ෆ්ලෑන්කර් |
එච්. එස්. වික්‍රමගේ | වින්ග් ක්‍රීඩක |
ඩබ්ලියු. ඒ. එච්. මධුශංක | ස්ක්රම් හාෆ් |
ජී. එන්. සී. රාජරත්න | ෆ්ලයි හාෆ් |
ආර්. ඒ. ටී. විශ්වජිත් | වින්ග් ක්‍රීඩක |
ඒ. ඒ. ඩී. ඒ. සෙනවිරත්න | සෙන්ටර් |
එස්. කේ. එස්. උඩවත්ත | සෙන්ටර් |
වී. අකලංක | ෆුල් බැක්/ සෙන්ටර් |
එච්. එම්. සී. සංජලික | ෆුල් බැක් |
අයි. ඊ. ඒ. උඩවත්ත | වින්ග් ක්‍රීඩක |
කේ. එල්. අකලංක | ලොක් ක්‍රීඩක |
පී. පී. එල්. ආර්. පතිරණ | ෆ්ලෑන්කර්/ලොක් ක්‍රීඩක |
ජී. ජේ. සී. රාජරත්න | වින්ග් ක්‍රීඩක / ෆ්ලයි හාෆ් |
එච්. කේ. බී. එන්. ගුණරත්න | ප්‍රොප් |
එම්. ආහීල් | හුකර් ක්‍රීඩක / ෆ්ලෑන්කර් |
ආර්. එල්. සී. ද සොයිසා | ලොක් ක්‍රීඩක |
පී.එච්. සේමසිංහ | ස්ක්රම් හාෆ් |
ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර තරගාවලිය සඳහා IIB කාණ්ඩය යටතේ තරග වදී. එයට සුමංගල විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ඇතුලත් වේ.
ඩී. එස්. සේනානායක විද්‍යාලයේ තරග කාලසටහන
- මාර්තු 03 – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – CR&FC ක්‍රීඩාංගණය
- මාර්තු 14 – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
- මාර්තු 20 – ආනන්ද විද්‍යාලය – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය
- මාර්තු 29 – තර්ස්ටන් විද්‍යාලය – තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණය
- අප්‍රේල් 06 – සුමංගල විද්‍යාලය – CR&FC ක්‍රීඩාංගණය
මෙවර තරගාවලිය සඳහා සාර්ථකව මුහුණ දීමට thepapare.com ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙත අපගේ උණුසුම් සුබපැතුම්. මෙවර ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සියලු තොරතුරු, ඡායාරූප හා වීඩියෝ සඳහා රැදීසිටින්න ThePapare.com සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<