සාන්ත අන්තෝනි විද්‍යාලය B කාණ්ඩයේ පෙරමුණ ගනියි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

191

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (9) ක්‍රියාත්මක වූ අතර නිමාව දුටු තරග අතරින් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූයේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පමණි. ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයි. අනෙක් තරගය නිමා වූයේ රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

සහිරාව අවශ්‍යම ජයක් ලබා ගනිද්දී රාජකීයට නොතිබූ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග……

දෙවන දිනයට පැවති තරග 

වෙස්ලි විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

වෙස්ලි විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. සඳුන් මෙන්ඩිස් රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමේ වීරයා බවට පත්වෙමින් ලකුණු 80ක් වාර්තා කර ගත් අතර නායක රාහුල් ගුණසේකර ලකුණු 35කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිමේ ක්‍රීඩා කරමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටි අතර ලකුණු 98කට ඔවුන්ගේ පළමු ඉනිම සඳහා තිත වැටුණි. 

Photos: Wesley College Vs Richmond College | U19 Cricket Tournament 2019/20

ලකුණු 92ක පළමු ඉනිමේ වාසියක් සමඟින් පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාල ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 166ක් ලබා ගනිමින් සිය ඉනිම අත්හිටවූයේ වෙස්ලි විද්‍යාලයට ලකුණු 257ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින් වුවත් තරගය නිමා වන විට වෙස්ලි විද්‍යාලය සිය දෙවන ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 124ක් ලබාගෙන සිය පූර්ණ තරග පරාජය වළක්වා ගත්තේය.

රිච්මන්ඩ් විද්‍යාලයේ සඳුන් මෙන්ඩිස් මේ තරගය පුරාවට පිතිකරණයෙන් දස්කම් දක්වමින් ලකුණු අතරට පිවිසෙන විට, පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන දිලුම් සුධීර කඩුලු 7ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය – 190 (60) සඳුන් මෙන්ඩිස් 80, දිලුම් සුධීර 34, රාහුල් ගුණසේකර 4/35, දෙනුවන් මෙන්ඩිස් 3/46 සහ 166/5d (27) තවීෂ අභිෂේක් 44, දිමුත් සඳරුවන් 35, යුගාන්ත මල්ෂාන් 25, සඳුන් මෙන්ඩිස් 20*, දිලුම් සුධීර 20*, තේනුක පෙරේරා 3/45

වෙස්ලි විද්‍යාලය – 98 (53.4) බුද්ධිම විජේසුන්දර 31, දිලුම් සුධීර 3/30, කවිඳු නිර්මාණ 2/10, අම්ෂි ද සිල්වා 2/31. සහ 124/8 (51) සෙමිල ලියනගේ 40*, රාහුල් ගුණසේකර 34, දිලුම් සුධීර 4/68, සුගීත් නිම්නාද 2/28

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

අභියෝගවලට අභියෝග කළ ඉන්දියාවේ අලුත් වීරයා – යශස්වි ජයීස්වාල්

“මම ඔහුව පොරොන්දු කරගත්තා. ඔහු පොරොන්දු වුනා මේ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ගන්න.

ධර්මපාල විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

සාන්ත අන්තෝනි විද්‍යාලය මේ තරගයෙන් ද පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ගැනීම නිසා තවදුරටත් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට ඔවුන්ට හැකි විය. සාන්ත අන්තෝනි ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

ලක්ෂිත පූරසිංහ ලබා ගත් ලකුණු 42 පෙරමුණේ තබා ගනිමින් සිය පළමු ඉනිම අවසන් කළ ධර්මපාල ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී ලකුණු 130ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු දුන් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය පන්දුවාර 47ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 138ක් ලබා ගනිමින් ලකුණු 8ක පළමු ඉනිමේ වාසියක් දිනා ගත්තේය. ඒ සඳහා හිරුදික දැක්වූ තුන් ඉරියව් දක්ෂතා බොහෝ සෙයින් වැදගත් විය. 

දකුණතින් පිට දඟපන්දු යවන ගිහාන් ඊබර්ට්ගේ ක්‍රියාත්මක වීම නිසා ධර්මපාල විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම පළමු ඉනිම තුල දී ලබා ගත් ලකුණු මට්ටමට හෝ පසු කර යාමට නොහැකි වූ අතර ලකුණු 32ක් ලබා ගත් සිශාර වික්‍රමසිංහ එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. 

ඒ අනුව ලකුණු 111ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය අන්තෝනි විද්‍යාලය පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි. 

ධර්මපාල විද්‍යාලය – 130 (40.4) ලක්ෂිත පූරසිංහ 42, සංචන ලංකා 31, සසිත් හිරුදික 3/22, දිව්යේෂ් රාමයියා 2/15, නිම්නක ජයතිලක 2/32 සහ 118 (33.1) සිශාර වික්‍රමසිංහ 32, විහඟ ගුණරත්න 22, ගිහාන් ඊබර්ට් 4/21, සසිත් හිරුදික 3/26, අසිත වන්නිනායක 2/28.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 138 (47) සසිත් හිරුදික 32, නදීෂ බණ්ඩාර 2/05, ලක්ෂිත පූරසිංහ 2/21, යසිරු ගාල්ලගේ 2/17 සහ 111/3 (18.4) ලසිත වැරෙල්ලේගම 51, චමිඳු වික්‍රමසිංහ 40, සිශාර වික්‍රමසිංහ 2/09.

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 7ක ජයක් 

වරායේ කොමා කඩුලු 11ක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ…..

පළමු දිනයට පැවැත්වූ තරග

මහින්ද විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත ජෝසප් විද්‍යාලය  – 302 (72) ලක්ෂාන් ගමගේ 118, ශෙරන් ෆොන්සේකා 32, දිනෙත් ජයකොඩි 28, මිරංග වික්‍රමගේ 24, නවෝද් පරණවිතාන 5/53.

මහින්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 98/2 (28) නවෝද් පරණවිතාන 52*.


ධර්මරාජ විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය)

ධර්මරාජ විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි

නාලන්දා විද්‍යාලය – 209 (56.5) රවීන් ද සිල්වා 82, ජිතේෂ් වාසල 29, දුලාජ් බණ්ඩාර 3/35, චේතිය කසුන් 3/56, යසිත සමරරත්න 2/14.

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 91/3 (29) දුලාජ් බණ්ඩාර 37*

මයිකල් තිසේරා – රෝයි ඩයස් අභියෝගතා කුසලාන වෙනුවෙන් සාන්ත පීතර සහ ගල්කිස්ස සාන්ත තෝමස් දෙවිදුහල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින පුරාවට සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය ඩයලොග් TV නාලිකා අංක 16 ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත සජීව ලෙස ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග හෙට (10) දිනයේ දී දෙවන දිනය වෙනුවෙන් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<