FA කුසලාන ශූරතාවය පොලිසියට

247
VANTAGE FA Cup 2019

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (07) දින කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති “2020 Vantage FA කුසලාන” අවසාන මහා තරගය නියමිත කාලය අවසානයේ ගෝල 1-1ක් ලෙස නිමා වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-5ක් ලෙස ජයග්‍රහණය කළ පොලිස් ක්‍රීඩා සමාජය තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය. 

Saunders හා SL Police FA කුසලාන අවසන් මහා තරගයට

2019/20 Vantage FA කුසලාන අවසන් පූර්ව වටයේ තරග පසුගිය සති අන්තයේ දී අවසන් වූයේ Blue Eagles SC කණ්ඩායම

අවසන් පූර්ව වටයේ දී Blue Eagles SC කණ්ඩායම ගෝල 1-5ක් ලෙස පරාජයට පත්කරමින් සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. පොලිස් ක්‍රීඩා සමාජය ඒ සඳහා සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව වටයේ දී Blue Star SC සමඟ තරගයේ නියමිත කාලය ගෝල විරහිතව අවසන් වීමත් සමඟ දඬුවම් පහර 4-2ක් ලෙස එම තරගය ජයග්‍රහණය කරමිනි. 

මෙම තරගය ආරම්භ වී මිනිත්තු 2ක් පමණක් ගත වන විට පොලිස් ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් ලැබුනත් එහිදී එය ලබා ගත් චතුරංග ගුණරත්න එල්ල කළ පහර දක්ෂ ලෙස රැකගන්නට සෝන්ඩර්ස් ගෝල රකින ක්‍රීඩක කේ. එස්. තිලකසිරි සමත් විය. 

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ පොලිස් ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝල වාර්තා කරන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබූවත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. 

එහිදී ඔවුන්ට හිමි වූ කෝනර් අවස්ථාවක් හරහා ඔවුන් ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් නිසි පරිදි ඉවතට යොමු කිරීමට සෝන්ඩර්ස් ක්‍රීඩකයින් අසමත් වීමත් සමඟ එය ලබා ගත් රිෆ්කාන් මොහොමඩ් එයට හිසින් අලංකාර පහරක් එල්ල කළේය. එහිදී සෝන්ඩර්ස් ආරක්ෂක ක්‍රීඩකයින් දැඩි ප්‍රයත්නයක් දරා පන්දුව ඉවතට යොමු කරමින් පොලිස් ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කර ගන්නට ලැබුනු අවස්ථාවක් ව්‍යර්ථ කරන්නට සමත් විය. 

සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ද කෙමෙන් කෙමෙන් තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව සුන්දරාජ් නිරේෂ් ලබා දුන් පන්දුවක් හරහා ක්‍රිෂාන්ත අබේසේකර හට ගෝලයක් වාර්තා කරන්නට අවස්ථාවක් හිමි වුවත් එහිදී ඔහු නිසි ලෙස පන්දුවට පහරක් එල්ල කිරීමට අසමත් වීමත් සමඟ එම අවස්ථාව ඔවුන්ට ගිලිහී ගියේය. 

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 0 – 0 පොලිස් ක්‍රීඩා සමාජය 

Icardi සහ Kehrer, PSG ජය තහවුරු කරති

ප්‍රංශ Ligue 1 තරගාවලියේ 23 වැනි සතියේ තරගයක් ලෙස Paris Saint-Germain (PSG) සහ FC Nantes කණ්ඩායම් අතර

දෙවන අර්ධයේ දීද ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත් පොලිස් ක්‍රීඩකයින් එය ආරම්භ වී මිනිත්තු 5ක කාලයක් ගත වන විට පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. එහිදී පන්දුව ලබා ගත් රිෆ්කාන් එය ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් වේගවත් පහරක් කළ අතර පන්දුව ගෝල රාමුවේ පැති දාරයේ වැදී ගෝලය තුළට යොමු වීමෙන් එම ගෝලය වාර්තා විය. 

අනතුරුව ඊට වහාම පිළිතුරු දැක්වූ සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ඔවුන්ගේ ද පළමු ගෝලය වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය නැවතත් සම කරන්නට සමත් විය. එහිදී නිරේෂ් විසින් ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් ලබා ගන්නට ගිය චමත් රශ්මිත හමුවේ පොලිස් ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ් සිදුකළ ‘foul’ කිරීමක් වෙනුවෙන් සෝන්ඩර්ස් හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළේය. එය ලබා ගත් නිරේෂ් එහිදී පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරනු ලැබීය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු කරනු දක්නට ලැබිනි. නමුත් දෙපිළේම ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට අපොහොසත් වීමත් සමඟ තරගයේ තීරණය දඬුවම් පහර මඟින් තීරණය කිරීමට සිදුවිය. 

සම්පූර්ණ කාලය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1 – 1 පොලිස් ක්‍රීඩා සමාජය 

පොලිස් ගෝල රකින ක්‍රීඩක දිනේෂ් අවසන් පූර්ව වටයේ දී දැක්වූ දක්ෂතා නැවත වරක් මෙම තරගයේ දීද ක්‍රියාවට නංවමින් සෝන්ඩර්ස් දෙවන දඬුවම් පහර අවස්ථාව ලබා ගත් ටී. රංගනගේ දඬුවම් පහර දක්ෂ ලෙස නවතාලන්නට සමත් විය. අනෙක් පසින් පොලිස් දඬුවම් පහර ලබා ගත් ක්‍රීඩකයින් 5 දෙනාම ඒවා සාර්ථක කර ගැනීමත් සමඟ දඬුවම් පහර වටයෙන් මෙම තරගය ජයග්‍රහණය කරමින් 1993 වසරෙන් පසුව සිය පළමු FA කුසලානය ජයග්‍රහණය කරන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. 

දඬුවම් පහර වටය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 4 – 5 පොලිස් ක්‍රීඩා සමාජය 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්: 

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – සුන්දරාජ් නිරේෂ් 55’ (P)

පොලිස් ක්‍රීඩා සමාජය – රිෆ්කාන් මොහොමඩ් 50’ 

රොනාල්ඩෝ නිසා තරග සංවිධායකයන්ට දඩ

පසුගිය වසරේ දකුණු කොරියාවේ සියොල් නගරයේ දී පැවති පාපන්දු තරගයක සංවිධායකයන්ට එම

විශේෂ සම්මාන 

රන් පන්දුව – සුන්දරාජ් නිරේෂ් (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

රන් සපත්තුව – එම්. එන්. එම්. නෆීර් (Red Rose SC)

රන් අත්වැසුම – මහේන්ද්‍රන් දිනේෂ් (පොලිස් ක්‍රීඩා සමාජය)

තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා – රිෆ්කාන් මොහොමඩ් (පොලිස් ක්‍රීඩා සමාජය)

ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිදෙන සම්මානය – පොලිස් ක්‍රීඩා සමාජය

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<