යෝශිත රාජපක්ෂ නැවතත් රාජකාරියට වාර්තා කරයි

192

ශ්‍රී ලංකා හිටපු රග්බි නායක හා නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ඩයලොග් අන්තර් සමාජ ලීග් ශූරයෙකු වූ යෝශිත රාජපක්ෂ නැවතත් නාවික හමුදා රග්බි කණ්ඩායම සමඟින් එක්ව තිබේ. ඒ අනුව මෙවර තරග වාරයේ 9 වැනි සතියේ තරග සඳහා ඔහු සහභාගි වීමට නියමිතය.

DRL නවවැනි සතිය – හිටපු මහනුවර නායකයා නුවර බලකොටුව බිඳ දමයි ද?

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ……

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස 2013 වසරේ දී ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට යෝශිත රාජපක්ෂ සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හා නාවික හමුදා කණ්ඩායමේ ප්‍රබල තුන්වැනි පෙළ ක්‍රීඩකයෙකු ලෙස ඔහු කණ්ඩායම සඳහා දැක්වූ දායකත්වය ඉමහත්‍ ය.

2015/16 තරග වාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ යෝශිත ඉන් අනතුරුව ශ්‍රී ලංකා සමාජ රග්බි ලීග් තරගාවලියට පැමිණෙන්නේ 2017 වසරේ දී ය. ඒ CH&FC කණ්ඩායම නියෝජනය කරමිනි. පසුගිය වසරේ දී CH&FC නායකයා ලෙස එම සමාජයේ සාර්ථකම තරගාවලිය දක්වා කණ්ඩායම මෙහෙයවීමට යෝශිත රාජපක්ෂ සමත් විය. ඔවුන් තරගාවලියේ සියලුම කණ්ඩායම් පරාජය කිරීමට සමත් විය.

පොලිසියට තවත් ෆීජී සහයක්

ආබාධයකට ලක්ව සිටින ඉමොසි වුනිවෝසා …….

මෙම වසරේ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පළමු  වටය සඳහා ක්‍රීඩා නොකළ යෝශිත දෙවන වටයේ දෙවන සතියේ දී පොලිස් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතය.

නාවික හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ එතරම් සාර්ථක නොවූ අතර ඔවුන් සමස්ත ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන්නේ තරග දෙකක් ජයග්‍රහණය කරමිනි. ඔවුන් තරගාවලියේ මෙතෙක් පැවති තරග 6ක් පරාජය වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<