ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි. වර්ෂාවේ බාධා මැද ක්‍රියාත්මක වූ අද දිනය (30) නිමාවෙද්දී ශ්‍රී ලංකාව පෙරට වඩා හොඳ තත්ත්වයක පසුවෙයි. ඒ අද පන්දු යවන්නන් දක්ෂතා අතරට පැමිණි බැවිනි.
කෙසේවෙතත් හෙට දිනයේ ශ්‍රී ලංකාවට අවාසිදායක ප්‍රතිඵලයක් සමඟින් තරගය නිමාවීමේ අවදානම ද මුළුමනින්ම දුරුවී ගොස් නැත. එය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේ දක්වන දස්කම් මතයි.
පිතිපෙළ කඩා වැටෙද්දී සිම්බාබ්වේ ග්‍රහණය දැඩිවෙයි
තරගාවලි ජයක් පිලිබඳ සුබ සිහින දකිමින් සිටි ශ්‍රී ලංකා පිළට මරු පහරක් එල්ල වූ දිනයක් ලෙස අද (29) හරාරේ හිදී ක්‍රියාත්මක…………..
අද තරගය ඇරඹෙන විට සිම්බාබ්වේ පිළ තරගය තුල අණසක පතුරුවා තිබූ අතර කඩුලු 9ක්ම අතැතිව ඔවුන් ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් පසුවූහ. එබැවින් පෙරළිකාර ජයක් අපේක්ෂා කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය වූයේ තම දෙවැනි ඉනිම සාර්ථක කර ගැනීම පමණි. කෙසේනමුත් අද දිනය කඩුල්ලක් සමඟින්ම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පිළට හැකිවූ අතර එහිදී දැවී ගියේ ලකුණු 15ක් ලබා සිටි රෙගිස් චකබ්වායි. මෙම කඩුල්ලේ හිමිකාරීත්වය වමතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට හිමිවිය.
එතැන් සිට නැවතත් ලකුණු 47ක සබඳතාවයක් ගොඩ නැගීමට ප්‍රින්ස් මැස්වෝරේ සහ බ්‍රෙන්ඩන් ටේලර් සමත් වූ අතර ඔවුන් දෙදෙනා හොඳ ලකුණු වේගයක්ද රඳවා ගැනීමට උත්සාහ දරන බව පෙනෙන්නට තිබුණි. ඉතාමත් හොඳින් ගොඩ නැගෙමින් තිබූ මෙම සබඳතාවය අවසානයේ නිමා වන්නේ ප්‍රින්ස් මැස්වෝරේ දුවද්දී දැවී යාමත් සමඟයි. එහිදී ලකුණු 35ක් ලබමින් අර්ධ ශතකය වෙත ලඟා වෙමින් සිටි ඔහුගේ මෙම අනවශ්‍ය ලකුණක් කරා දුවයාම සියතින් ගෙල සිඳ ගැනීමක් බඳුවිය.
ඉන්පසු තවත් නවක සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු වූ ටිමිසෙන් මරුමා පිටියට පිවිසි අතර වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටින්නට ඔහුට හැකි නොවීය. ඒ පන්දු 14කට මුහුණ දුන් නමුදු කිසිදු ලකුණක් ලබා ගැනීමට අපොහොසත් වූ ඔහු අවසානයේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක්වීම නිසයි. එතකින් නොනැවතුනු ශ්‍රී ලංකා පිළ අද දිවා විවේකය සඳහා ගියේ ඔවුන්ට තිබූ විශාලම හිසරදය වූ බ්‍රෙන්ඩන් ටේලර්වද ක්‍රීඩාගාරයට කැඳවා ගනිමිනි.
පාකිස්තානයට එන කණ්ඩායමේ නායකත්වය සංගාට
පාකිස්තානයේ ලාහෝර් හිදී 2009 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව…………
ඒ වනවිට පන්දු 75කට මුහුණ දී සිටි ඔහු හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියේ ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමේ දී සුපිරි අභියෝගයක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. මේ අනුව ශ්‍රී ලංකා පිළ දිවා විවේකයට පෙර කඩුලු 5ක් දවාගෙන සිටියද සිකන්දර් රාසා සහ ශෝන් විලියම්ස් තව දුරටත් නොදැවී සිටීම තරමක අවදානමක් ගැන ඉඟියක් කියා පෑවේය. බලාපොරොත්තු වූ පරිදිම මොවුන් දෙදෙනා අතර ලකුණු 70ක සබඳතාවයක් වර්ධනය වූ අතර සිම්බාබ්වේ පිළට ලකුණු 300ක වඩා වැඩි ඉදිරියක් ලබා ගැනීමටද මෙම සබඳතාවය උපකාරී විය.
අවසානයේ පන්දු යවන්නන් මාරු කිරීම් කිහිපයකින්ම පසුව මෙම සබඳතාවය බිඳ දැමීමට හැකිවූයේ විශ්ව ප්‍රනාන්දුටයි. ඒ වනවිට සිකන්දර් රාසා හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබාගෙන සිටියේය. රාසාගේ දැවී යාමෙන් පසු හරාරේ පිටියට වැසි ඇද හැලුණු අතර කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් සිදුවූයේ තවදුරටත් ක්‍රීඩා නොකොටම මදක් වේලාසනින් තේ පානය සඳහා යොමුවීමටයි. ඒ වනවිට සිම්බාබ්වේ ඉනිම ලකුණු 222ට කඩුලු 6ක් ලෙස සටහන් විය. ඒ ලකුණු 335ක ඉදිරියක් සමඟයි.
තේ විවේකයෙන් පසු වැඩි කාලයක් ගතවන තෙක් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ අතර එතැන් පටන් අද දිනය නිමාවන තෙක්ම යැවීමට හැකි වූයේ පන්දුවාර 6ක් පමණි. ඒ නැවත වතාවක් හරාරේ පිටියට වැසි පතිත වීම නිසයි. ඒ අතරේ පසුපෙළ පිතිකරු ටිනොටෙන්ඩා මුටොම්බොසි ලකුණු 8කට දැවී ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. මේ වනවිට තවත් කඩුලු 3ක් අතැතිව සිටින සිම්බාබ්වේ පිළ තම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 354ක් ඉදිරියෙන් සිටියි.
2020 IPL වෙනස් වෙයි; නිපන්දුවට අලුතින් විනිසුරුවෙක්!
2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය අන් තරගාවලිවලට………..
එබැවින් බොහෝදුරට හෙට දිනයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිළට පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ලැබෙනු ඇති අතර අභියෝගය වන්නේ දිනයේ නිමාව තෙක්ම කඩුල්ලේ රැඳී සිටීමයි. කෙසේවෙතත් අද සිව්වැනි දිනයට වර්ෂාවේ බලපෑම ලැබීමත් සමඟ තරග වාසි බොහෝදුරට සමබර වූ නිසා හෙට දිනයේ තරග ප්‍රතිඵල 3න් ඕනෑම එකක් ලැබීමේ සම්භාවිතාවක් පවතී.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Niroshan Dickwella b Lahiru Kumara | 9 | 44 | 1 | 0 | 20.45 |
Kevin Kasuza | b Suranga Lakmal | 38 | 97 | 4 | 0 | 39.18 |
Craig Ervine | c Oshada Fernando b Dhananjaya de Silva | 12 | 11 | 1 | 1 | 109.09 |
Brendan Taylor | lbw b Suranga Lakmal | 62 | 62 | 10 | 1 | 100.00 |
Sean Williams | b Dhananjaya de Silva | 107 | 137 | 10 | 3 | 78.10 |
Sikandar Raza | c Angelo Mathews b Lasith Embuldeniya | 72 | 99 | 4 | 2 | 72.73 |
Regis Chakabva | c Niroshan Dickwella b Lasith Embuldeniya | 31 | 69 | 3 | 0 | 44.93 |
Tinotenda Mutombodzi | lbw b Dhananjaya de Silva | 33 | 99 | 4 | 0 | 33.33 |
Donald Tiripano | c Suranga Lakmal b Lasith Embuldeniya | 13 | 47 | 1 | 0 | 27.66 |
Carl Mumba | not out | 11 | 19 | 2 | 0 | 57.89 |
Victor Nyauchi | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 6 | 10 | 1 | 0 | 60.00 |
Extras | 12 (b 8 , lb 3 , nb 1, w 0, pen 0) |
Total | 406/10 (115.3 Overs, RR: 3.52) |
Fall of Wickets | 1-21 (13.6) Prince Masvaure, 2-49 (19.4) Craig Ervine, 3-114 (32.6) Kevin Kasuza, 4-133 (36.5) Brendan Taylor, 5-292 (71.6) Sikandar Raza, 6-324 (78.5) Sean Williams, 7-362 (95.2) Regis Chakabva, 8-386 (110.1) Tinotenda Mutombodzi, 9-394 (111.6) Donald Tiripano, 10-406 (115.3) Victor Nyauchi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 22 | 9 | 37 | 2 | 1.68 | |
Vishwa Fernando | 14 | 1 | 45 | 0 | 3.21 | |
Lahiru Kumara | 20 | 5 | 60 | 1 | 3.00 | |
Lasith Embuldeniya | 42.3 | 8 | 182 | 4 | 4.30 | |
Dhananjaya de Silva | 17 | 1 | 71 | 3 | 4.18 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | lbw b Sikandar Raza | 44 | 120 | 3 | 0 | 36.67 |
Oshada Fernando | c Regis Chakabva b Donald Tiripano | 44 | 119 | 4 | 0 | 36.97 |
Kusal Mendis | c Carl Mumba b Sikandar Raza | 22 | 73 | 1 | 1 | 30.14 |
Angelo Mathews | c Regis Chakabva b Carl Mumba | 64 | 158 | 3 | 2 | 40.51 |
Dinesh Chandimal | c & b Sikandar Raza | 6 | 9 | 0 | 1 | 66.67 |
Dhananjaya de Silva | b Sikandar Raza | 42 | 64 | 5 | 1 | 65.62 |
Niroshan Dickwella | lbw b Sikandar Raza | 1 | 6 | 0 | 0 | 16.67 |
Suranga Lakmal | c Tinotenda Mutombodzi b Sikandar Raza | 5 | 27 | 0 | 0 | 18.52 |
Lasith Embuldeniya | c Brian Mudzinganyama b Sikandar Raza | 5 | 39 | 0 | 0 | 12.82 |
Vishwa Fernando | c Regis Chakabva b Victor Nyauchi | 38 | 81 | 5 | 0 | 46.91 |
Lahiru Kumara | not out | 3 | 22 | 0 | 0 | 13.64 |
Extras | 19 (b 9 , lb 10 , nb 0, w 0, pen 0) |
Total | 293/10 (119.5 Overs, RR: 2.45) |
Fall of Wickets | 1-94 (36.2) Dimuth Karunarathne, 2-104 (43.1) Oshada Fernando, 3-134 (62.5) Kusal Mendis, 4-142 (64.5) Dinesh Chandimal, 5-226 (86.3) Dhananjaya de Silva, 6-228 (88.2) Niroshan Dickwella, 7-242 (94.3) Suranga Lakmal, 8-244 (97.1) Angelo Mathews, 9-268 (108.4) Lasith Embuldeniya, 10-293 (119.5) Vishwa Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Carl Mumba | 18 | 4 | 43 | 1 | 2.39 | |
Sikandar Raza | 43 | 8 | 113 | 7 | 2.63 | |
Donald Tiripano | 24 | 12 | 30 | 1 | 1.25 | |
Victor Nyauchi | 22.5 | 7 | 40 | 1 | 1.78 | |
Tinotenda Mutombodzi | 12 | 1 | 48 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | run out (Dhananjaya de Silva) | 35 | 105 | 3 | 1 | 33.33 |
Craig Ervine | c Niroshan Dickwella b Vishwa Fernando | 13 | 43 | 1 | 0 | 30.23 |
Regis Chakabva | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 15 | 39 | 1 | 0 | 38.46 |
Brendan Taylor | lbw b Lahiru Kumara | 67 | 75 | 7 | 1 | 89.33 |
Timycen Maruma | st Niroshan Dickwella b Lasith Embuldeniya | 0 | 14 | 0 | 0 | 0.00 |
Sikandar Raza | lbw b Vishwa Fernando | 34 | 74 | 4 | 0 | 45.95 |
Sean Williams | not out | 53 | 77 | 6 | 1 | 68.83 |
Tinotenda Mutombodzi | b Suranga Lakmal | 8 | 22 | 0 | 0 | 36.36 |
Donald Tiripano | not out | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 21 (b 4 , lb 15 , nb 1, w 1, pen 0) |
Total | 247/7 (75 Overs, RR: 3.29) |
Fall of Wickets | 1-32 (11.2) Craig Ervine, 2-64 (23.3) Regis Chakabva, 3-111 (38.2) Prince Masvaure, 4-124 (42.4) Timycen Maruma, 5-151 (49.3) Brendan Taylor, 6-221 (67.5) Sikandar Raza, 7-240 (74.3) Tinotenda Mutombodzi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 18 | 5 | 34 | 1 | 1.89 | |
Dhananjaya de Silva | 7 | 2 | 32 | 0 | 4.57 | |
Vishwa Fernando | 20 | 5 | 43 | 2 | 2.15 | |
Lahiru Kumara | 10 | 2 | 38 | 0 | 3.80 | |
Lasith Embuldeniya | 20 | 0 | 81 | 2 | 4.05 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | lbw b Sikandar Raza | 47 | 108 | 4 | 0 | 43.52 |
Dimuth Karunarathne | c Regis Chakabva b Carl Mumba | 12 | 38 | 0 | 0 | 31.58 |
Kusal Mendis | not out | 116 | 233 | 13 | 1 | 49.79 |
Angelo Mathews | c Craig Ervine b Victor Nyauchi | 13 | 69 | 1 | 0 | 18.84 |
Dinesh Chandimal | not out | 13 | 75 | 0 | 0 | 17.33 |
Extras | 3 (b 1 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 204/3 (87 Overs, RR: 2.34) |
Fall of Wickets | 1-26 (13.4) Dimuth Karunarathne, 2-107 (38.1) Oshada Fernando, 3-140 (61.2) Angelo Mathews, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sikandar Raza | 32 | 10 | 63 | 1 | 1.97 | |
Donald Tiripano | 16 | 10 | 15 | 0 | 0.94 | |
Carl Mumba | 4 | 1 | 13 | 1 | 3.25 | |
Sean Williams | 16 | 0 | 49 | 0 | 3.06 | |
Victor Nyauchi | 12 | 3 | 43 | 1 | 3.58 | |
Tinotenda Mutombodzi | 7 | 2 | 19 | 0 | 2.71 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<