තරගාවලි ජයක් පිලිබඳ සුබ සිහින දකිමින් සිටි ශ්‍රී ලංකා පිළට මරු පහරක් එල්ල වූ දිනයක් ලෙස අද (29) හරාරේ හිදී ක්‍රියාත්මක වූ ටෙස්ට් තරගයේ තෙවැනි දිනය හැඳින්විය හැකිය.
ඒ ඊයේ තරග නිමාව දක්වාම 2-0ක තරගාවලි ජයක් ගැන සිතා සිටි ශ්‍රී ලංකාවට අද දිනය නිමා වනවිට ටෙස්ට් තරග පරාජයක අවදානමකට මුහුණ දීමට සිදුවී තිබීම නිසාවෙනි. කරුණු කාරණා ඒ අයුරින් සිදුවීම වළක්වාගත නොහැකි වුවහොත් එය ශ්‍රී ලංකා පිළ නව වසරේ මුහුණ දෙන පළමු ඛේදවාචකය වනු ඇත!
දැවැන්ත ලකුණක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉව අල්ලති
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (28) හරාරේ හිදී ක්‍රියාත්මක වූයේ ඊයේ…
අද උදෑසන තෙවැනි දිනය සඳහා තරගය ඇරඹෙන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 122කි. එබැවින් අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටින ඔවුන් සිම්බාබ්වේ පිළ ලබාගත් ලකුණු 406 අභිබවා යනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු විය. නමුත් අද දිනය ශ්‍රී ලංකා පිළට කිසිදු ආකාරයකින් සුබවාදී නොවූ අතර විශේෂඥ පිතිකරුවන් මෙම පහසු තණතිල්ලේ අඩු ලකුණු වලට දැවී ගියේ සමාවක් ලබාදිය නොහැකි අන්දමිනි.
ඊට ආරම්භය ලබා දුන්නේ පන්දු 73කදී ලකුණු 22ක් ලබාගත් කුසල් මෙන්ඩිස් විසිනි. ඔහු සිකන්දර් රාසාට දෙවැනි කඩුල්ල හිමිකර දුන්නේ කාල් මුම්බා අතට ලබාදුන් උඩපන්දුවක් සමඟයි. පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමේ සිටින තවත් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් අද පිටියට පැමිණි සැනින් හයේ පහරක් එල්ල කර නැවත හැරී ගියේ තමාගෙන් රටට ඉටුවිය යුතු වගකීම අමතක කර දමමිනි. කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීමේ වැඩි බරක් පැටවෙන මෙවන් ක්‍රීඩකයින් ඉක්මනින්ම නරඹන්නන් බවට පත්වීම නිසා ශ්‍රී ලංකා පිළ පත්වූයේ අසරණ තත්වයකටයි.
මේ අතර ධනංජය ද සිල්වා පන්දු 64කදී ලකුණු 42ක් රැස් කරමින් කණ්ඩායම වැටුණු වළෙන් ගොඩ ගැනීමට උත්සාහ කළද අද තම ටෙස්ට් දිවියේ වාසනාවන්තම දිනයක් ගත කළ සිකන්දර් රාසා ඔහුටත් හරස් කැපීය. ඒ කෙලින්ම ධනංජය සිල්වාගේ කඩුල්ල බිඳ දමමිනි. දැවී යනවිට ඔහු හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි. පසුගිය තරගයේ දී විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස්කල ඇන්ජෙලෝ මැතිව්ස් අද දිනයේත් ඉතාමත් ප්‍රවේසම් සහගතව පිත්ත හසුරුවමින් ලකුණු 64ක් රැස් කළේය. පන්දු 158ක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.
අමුතු එක්දින තරගයේ දී හයේ පහර 48යි; හතරේ පහර 70යි
බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන පෙළ එක්දින ක්‍රිකට් තරගයක දී කණ්ඩායම් ද්විත්වයම එක්ව ලකුණු 818ක්…
මීට අමතරව කණ්ඩායමේ අනෙක් පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල අද තණතිල්ල මතට පැමිණි විගස එක් ලකුණකට දැවී ගියේ පසුපෙළ පිතිකරුවන් හා එක්ව නොදැවී සිටිමින් ලකුණු පුවරුව ඉහළ දැමීම තමාට කණ්ඩායම තුල භාර දී ඇති රාජකාරිය බව නොතකමිනි. කෙසේවෙතත් පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්වී සිටින විශ්ව ප්‍රනාන්දු අද මෙම විශේෂඥ පිතිකරුවන්ටද ආදර්ශයක් වෙමින් ලකුණු 38ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 293ක් දක්වා ඔසවා තබමිනි. පන්දු 81කට සංයමයකින් යුතුව මුහුණ දුන් ඔහු ඒ අතරේ හතරේ පහර 5ක් එල්ල කළේය.
ටෙස්ට් දිවියේ තම පෞද්ගලික හොඳම පන්දු යැවීම සහ සිම්බාබ්වේ ක්‍රීඩකයෙකුගේ දෙවැනි හොඳම දක්ෂතාවය යන වාර්තා දෙකම අද ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් සිකන්දර් රාසා ලකුණු 113කට කඩුලු 7ක් දවා ගත්තේය. ඒ කලකට පෙර දඟ පන්දු යවන්නන්ට හොඳින්ම මුහුණ දුන් ශ්‍රී ලංකා පිළේ වත්මන් තත්ත්වය ලොවටම හෙළි කරමිනි. ඔහු පළමු ඉනිමේදී ලකුණු 72ක් ද ලබාගත් නිසා මේ වනවිට තරගයේ වීරයා සම්මානයට වඩාත්ම ආසන්නයෙන් සිටින ක්‍රීඩකයායි. රාසාගේ මෙම දක්ෂතා නිසා සිම්බාබ්වේ පිළ තම දෙවැනි ඉනිම ඇරඹුවේද ලකුණු 113ක ඉදිරියක් සමඟයි.
සිම්බාබ්වේ දෙවැනි ඉනිම ද මේ දක්වා නිවැරදි මාවතේ ගමන් කරන අතර දිනය නිමා වෙද්දී බිඳ වැටුනේ ඔවුන්ගේ එක් කඩුල්ලක් පමණි. ඒ ක්‍රේග් අර්වයින් අවාසනාවන්ත ලකුණක් ලෙස සැලකෙන ලකුණු 13 දී විශ්ව ප්‍රනාන්දුට ගොදුරු වීමයි. ඒ හැරෙන්නට දිනය නිමා වනතෙක් නොදැවී සිටින ප්‍රින්ස් මැස්වෝරේ ලකුණු 26ක් ද, රෙගිස් චකබ්වා ලකුණු 14ක් ද ලබා සිටියි. මෙහිදී සිම්බාබ්වේ පිළ චකබ්වා අංක 3 පිතිකරු ලෙස භාවිතා කළ ද ඔහු පසුගිය ඉනිම තුනේදීම කටයුතු කළේ පසුපෙළ පිතිකරුවෙකු ලෙසයි.
දකුණු අප්‍රිකාවට තරගයට අමතරව ප්‍රසාද ලකුණු 6කුත් නැති වෙයි
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාගෙන තිබූ…
අද සන්ධ්‍යා කාලයේ හරාරේ පිටියට වර්ෂාවක් ඇද හැලීමත් සමඟ දිනය අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළ අතර මේ වනවිට සිම්බාබ්වේ දෙවැනි ඉනිම දැක්වෙන්නේ ලකුණු 62ට එක් කඩුල්ලක් ලෙසයි. මුල් ඉනිමේ ලබාගත් වාසියද සමඟින් ගණිතමය ආකාරයකින් බැලූ කළ එය ලකුණු 175ක ඉදිරියකි. ඒ අනුව ශ්‍රී ලංකා පිළ හමුවේ ගොඩ නැගෙමින් තිබෙන පීඩනය සුළුපටු නොවේ. එබැවින් මෙම තරගය කෙසේ හෝ ගොඩ දමාගෙන තරගාවලි ජයත් කණ්ඩායමේ අභිමානයත් බේරා ගැනීම ඉදිරි දින දෙකේදී ඔවුන් හමුවේ ඇති අභියෝගයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Niroshan Dickwella b Lahiru Kumara | 9 | 44 | 1 | 0 | 20.45 |
Kevin Kasuza | b Suranga Lakmal | 38 | 97 | 4 | 0 | 39.18 |
Craig Ervine | c Oshada Fernando b Dhananjaya de Silva | 12 | 11 | 1 | 1 | 109.09 |
Brendan Taylor | lbw b Suranga Lakmal | 62 | 62 | 10 | 1 | 100.00 |
Sean Williams | b Dhananjaya de Silva | 107 | 137 | 10 | 3 | 78.10 |
Sikandar Raza | c Angelo Mathews b Lasith Embuldeniya | 72 | 99 | 4 | 2 | 72.73 |
Regis Chakabva | c Niroshan Dickwella b Lasith Embuldeniya | 31 | 69 | 3 | 0 | 44.93 |
Tinotenda Mutombodzi | lbw b Dhananjaya de Silva | 33 | 99 | 4 | 0 | 33.33 |
Donald Tiripano | c Suranga Lakmal b Lasith Embuldeniya | 13 | 47 | 1 | 0 | 27.66 |
Carl Mumba | not out | 11 | 19 | 2 | 0 | 57.89 |
Victor Nyauchi | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 6 | 10 | 1 | 0 | 60.00 |
Extras | 12 (b 8 , lb 3 , nb 1, w 0, pen 0) |
Total | 406/10 (115.3 Overs, RR: 3.52) |
Fall of Wickets | 1-21 (13.6) Prince Masvaure, 2-49 (19.4) Craig Ervine, 3-114 (32.6) Kevin Kasuza, 4-133 (36.5) Brendan Taylor, 5-292 (71.6) Sikandar Raza, 6-324 (78.5) Sean Williams, 7-362 (95.2) Regis Chakabva, 8-386 (110.1) Tinotenda Mutombodzi, 9-394 (111.6) Donald Tiripano, 10-406 (115.3) Victor Nyauchi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 22 | 9 | 37 | 2 | 1.68 | |
Vishwa Fernando | 14 | 1 | 45 | 0 | 3.21 | |
Lahiru Kumara | 20 | 5 | 60 | 1 | 3.00 | |
Lasith Embuldeniya | 42.3 | 8 | 182 | 4 | 4.30 | |
Dhananjaya de Silva | 17 | 1 | 71 | 3 | 4.18 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | lbw b Sikandar Raza | 44 | 120 | 3 | 0 | 36.67 |
Oshada Fernando | c Regis Chakabva b Donald Tiripano | 44 | 119 | 4 | 0 | 36.97 |
Kusal Mendis | c Carl Mumba b Sikandar Raza | 22 | 73 | 1 | 1 | 30.14 |
Angelo Mathews | c Regis Chakabva b Carl Mumba | 64 | 158 | 3 | 2 | 40.51 |
Dinesh Chandimal | c & b Sikandar Raza | 6 | 9 | 0 | 1 | 66.67 |
Dhananjaya de Silva | b Sikandar Raza | 42 | 64 | 5 | 1 | 65.62 |
Niroshan Dickwella | lbw b Sikandar Raza | 1 | 6 | 0 | 0 | 16.67 |
Suranga Lakmal | c Tinotenda Mutombodzi b Sikandar Raza | 5 | 27 | 0 | 0 | 18.52 |
Lasith Embuldeniya | c Brian Mudzinganyama b Sikandar Raza | 5 | 39 | 0 | 0 | 12.82 |
Vishwa Fernando | c Regis Chakabva b Victor Nyauchi | 38 | 81 | 5 | 0 | 46.91 |
Lahiru Kumara | not out | 3 | 22 | 0 | 0 | 13.64 |
Extras | 19 (b 9 , lb 10 , nb 0, w 0, pen 0) |
Total | 293/10 (119.5 Overs, RR: 2.45) |
Fall of Wickets | 1-94 (36.2) Dimuth Karunarathne, 2-104 (43.1) Oshada Fernando, 3-134 (62.5) Kusal Mendis, 4-142 (64.5) Dinesh Chandimal, 5-226 (86.3) Dhananjaya de Silva, 6-228 (88.2) Niroshan Dickwella, 7-242 (94.3) Suranga Lakmal, 8-244 (97.1) Angelo Mathews, 9-268 (108.4) Lasith Embuldeniya, 10-293 (119.5) Vishwa Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Carl Mumba | 18 | 4 | 43 | 1 | 2.39 | |
Sikandar Raza | 43 | 8 | 113 | 7 | 2.63 | |
Donald Tiripano | 24 | 12 | 30 | 1 | 1.25 | |
Victor Nyauchi | 22.5 | 7 | 40 | 1 | 1.78 | |
Tinotenda Mutombodzi | 12 | 1 | 48 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | run out (Dhananjaya de Silva) | 35 | 105 | 3 | 1 | 33.33 |
Craig Ervine | c Niroshan Dickwella b Vishwa Fernando | 13 | 43 | 1 | 0 | 30.23 |
Regis Chakabva | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 15 | 39 | 1 | 0 | 38.46 |
Brendan Taylor | lbw b Lahiru Kumara | 67 | 75 | 7 | 1 | 89.33 |
Timycen Maruma | st Niroshan Dickwella b Lasith Embuldeniya | 0 | 14 | 0 | 0 | 0.00 |
Sikandar Raza | lbw b Vishwa Fernando | 34 | 74 | 4 | 0 | 45.95 |
Sean Williams | not out | 53 | 77 | 6 | 1 | 68.83 |
Tinotenda Mutombodzi | b Suranga Lakmal | 8 | 22 | 0 | 0 | 36.36 |
Donald Tiripano | not out | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 21 (b 4 , lb 15 , nb 1, w 1, pen 0) |
Total | 247/7 (75 Overs, RR: 3.29) |
Fall of Wickets | 1-32 (11.2) Craig Ervine, 2-64 (23.3) Regis Chakabva, 3-111 (38.2) Prince Masvaure, 4-124 (42.4) Timycen Maruma, 5-151 (49.3) Brendan Taylor, 6-221 (67.5) Sikandar Raza, 7-240 (74.3) Tinotenda Mutombodzi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 18 | 5 | 34 | 1 | 1.89 | |
Dhananjaya de Silva | 7 | 2 | 32 | 0 | 4.57 | |
Vishwa Fernando | 20 | 5 | 43 | 2 | 2.15 | |
Lahiru Kumara | 10 | 2 | 38 | 0 | 3.80 | |
Lasith Embuldeniya | 20 | 0 | 81 | 2 | 4.05 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | lbw b Sikandar Raza | 47 | 108 | 4 | 0 | 43.52 |
Dimuth Karunarathne | c Regis Chakabva b Carl Mumba | 12 | 38 | 0 | 0 | 31.58 |
Kusal Mendis | not out | 116 | 233 | 13 | 1 | 49.79 |
Angelo Mathews | c Craig Ervine b Victor Nyauchi | 13 | 69 | 1 | 0 | 18.84 |
Dinesh Chandimal | not out | 13 | 75 | 0 | 0 | 17.33 |
Extras | 3 (b 1 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 204/3 (87 Overs, RR: 2.34) |
Fall of Wickets | 1-26 (13.4) Dimuth Karunarathne, 2-107 (38.1) Oshada Fernando, 3-140 (61.2) Angelo Mathews, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sikandar Raza | 32 | 10 | 63 | 1 | 1.97 | |
Donald Tiripano | 16 | 10 | 15 | 0 | 0.94 | |
Carl Mumba | 4 | 1 | 13 | 1 | 3.25 | |
Sean Williams | 16 | 0 | 49 | 0 | 3.06 | |
Victor Nyauchi | 12 | 3 | 43 | 1 | 3.58 | |
Tinotenda Mutombodzi | 7 | 2 | 19 | 0 | 2.71 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<