ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) මාධ්‍යට නිකුත් කරන ලද ලෝක ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණය අතර පළමු විස්ස දක්වා ඉදිරියට පැමිණීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව ඇත.
නායක දිමුත් ICC පළමු 10න් ඇද වැටෙයි?
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ……..
ඒ අනුව ඊයේ (23) නිමා වූ සිම්බාබ්වේ තරගයට පෙර ඇන්ජලෝ මැතිව්ස් එම ශ්‍රේණිගත කිරීම්වල 24 වැනි ස්ථානයේ පසුවූවත්, එම තරගයේ දී ලබා ගත් සුපිරි ද්විත්ව ශතකය නිසාවෙන් එම ස්ථානයේ සිට ස්ථාන 8ක් ඉදිරියට පැමිණීමට මැතිව්ස් සමත් වී තිබේ.
2014 වසර තුල ලොව දෙවැනියාට වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවන තැන දිනා ගත් මැතිව්ස් එම වසරේ දී ලොව ටෙස්ට් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දිනාගත්තේය. එය ඔහු විසින් ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් තුල දැනට දිනාගෙන තිබෙන හොඳම ස්ථානයයි.
ඊට අමතරව කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා ද ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 26 වැනි සහ 37 වැනි ස්ථාන දිනා ගනිමින් පිළිවෙළින් ස්ථාන 4ක් සහ ස්ථාන 2ක් ඉදිරියට පැමිණ තිබීම සුවිශේෂී වේ.
දකුණු අප්‍රිකාවට සමුදෙන වේගපන්දු පුරාවෘත්තය
දකුණු අප්‍රිකානු වේගපන්දු පුරාවෘත්තය වර්නන් ෆිලෙන්ඩර්,…..
පන්දු යවන්නන් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා විශාල සහයක් ලබා දුන් අතර එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගය පුරාවට වැඩිම කඩුලු ලබා ගත් සුරංග ලක්මාල් 26 වැනි ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ද ස්ථාන දෙකක් (32 වැනි තැන සිට 30 දක්වා) ඉදිරියට පැමිණ තිබීම ඉතාමත් සුබදායී ලකුණකි.
ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයෙන් 5 සිටින පිතිකරුවන්,
- විරාත් කෝලි (ඉන්දියාව) – ප්‍රසාද ලකුණු 928
- ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව) – ප්‍රසාද ලකුණු 911
- මාර්නස් ලබුශේන් (ඕස්ට්‍රේලියාව) – ප්‍රසාද ලකුණු 827
- කේන් විලියම්සන් (නවසීලන්තය) – ප්‍රසාද ලකුණු 814
- ඩේවිඩ් වෝර්නර් (ඕස්ට්‍රේලියාව) – ප්‍රසාද ලකුණු 793
ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයෙන් 5 සිටින පන්දු යවන්නන්,
- පැට් කමින්ග්ස් (ඕස්ට්‍රේලියාව) – ප්‍රසාද ලකුණු 904
- නීල් වැග්නර් (නවසීලන්තය) – ප්‍රසාද ලකුණු 852
- ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්) – ප්‍රසාද ලකුණු 830
- කගීසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) – ප්‍රසාද ලකුණු 810
- මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව) – ප්‍රසාද ලකුණු 796
ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයෙන් 5 සිටින තුන් ඉරියව් ක්‍රීඩකයින්,
- ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්) – ප්‍රසාද ලකුණු 473
- බෙන් ස්ටෝක්ස් (එංගලන්තය) – ප්‍රසාද ලකුණු 852
- රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව) – ප්‍රසාද ලකුණු 406
- වර්නෑන් පිලැන්ඩර් (දකුණු අප්‍රිකාව) – ප්‍රසාද ලකුණු 323
- රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව) – ප්‍රසාද ලකුණු 308
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<