ඊයේ දිනයේ ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකයත්, අවසන් දිනයේ දී සුරංග ලක්මාල් ප්රමුඛ පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාත් නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූ ආකාරයේම ජයක් මව්බිමට දිනා දීමට අද (23) ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට හැකිවිය. ඒ හරාරේ හිදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමිනි.
සිම්බාබ්වේ ඉනිම අභිබවා යමින් ඇන්ජිගෙන් ද්විත්ව ශතකයක්
වසර 12ක පමණ තම දීර්ඝ ක්‍රීඩා දිවිය තුල වාර්තා කරගත් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සනිටුහන්…………
අද උදෑසන තරගය ආරම්භ වන විට ජයග්‍රහණයක් අපේක්ෂා කිරීමට නම් ශ්‍රී ලංකාවට ප්‍රතිවාදී කඩුලු 10ම බිඳ දැමීමට අවශ්‍ය විය. මේ නිසාවෙන්ම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමේ වැඩි ඉඩක් ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවූහ. ඒ මුල් ඉනිමේ දී සිම්බාබ්වේ පිතිකරුවන් පෙන්නුම් කළ විශ්වාසනීය පිතිකරණ රටාවත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ පසුගාමීත්වයත් සැලකිල්ලට ගනිමිනි.
මේ අනුව දිනය ඇරඹෙද්දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 30ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායම සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 127ක් පිටුපසිනුයි. පිටියේ රැඳී සිටියේ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් රැස් කළ ප්‍රින්ස් මැස්වෝරේ සහ කෙවින් කසූසාගේ ආබාධ තත්වයක් නිසා නව නීති වලට අනුව කණ්ඩායමට ඇතුළත් කෙරුණු බ්‍රයන් මුසිගන්යාමා නම් කෝඩුකාර පිතිකරුවායි. එහිදී අද තම පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ සුරංග ලක්මාල් මුල් ඉනිමේ දස්කම් දැක්වූ ප්‍රින්ස් මැස්වෝරේව ලකුණු 17කට සීමා කරන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක් ලබා දෙමිනි.
එතකින් නොනැවතුනු ඔහු තම අත්දැකීම් යොදා ගනිමින් මීලඟ අනුයාත පන්දුවාර දෙකේදී තවත් කඩුලු දෙකක් බිඳ හෙලන්නේ ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රහණයක බලාපොරොත්තු ඇති කරවමිනි. මේ අනුව සිම්බාබ්වේ ඉනිම ලකුණු 41කට කඩුලු 3ක් ලෙස සටහන් වූ අතර එතැන් පටන් ලකුණු 79ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු නිසා ශ්‍රී ලංකාවට දිවා විවේකය දක්වාම වෙනත් කඩුලු බිඳ දැමීමට හැකි නොවීය. ඒ සිම්බාබ්වේ පිළේ අත්දැකීම් අතින් වැඩිම පිතිකරණ යුගලය වන බ්‍රෙන්ඩන් ටේලර් සහ සීන් විලියම්ස් තරගය ජය පැරදුමකින් තොරව නිමාකර ගැනීමට උපරිම උත්සාහ දැරූ බැවිනි.
කෙසේවෙතත් දිවා විවේකයෙන් අනතුරුව නැවතත් තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට නතුවූ අතර එහිදී නැවත වරක් කඩුලු අතරට පිවිසෙන්නේ මෙම යොවුන් පන්දු බල ඇණියට තම අත්දැකීම් මත විශිෂ්ට නායකත්වයක් ලබාදුන් සුරංග ලක්මාලුයි. ඔහු අද සිම්බාබ්වේ පිළේ මුල් කඩුලු 4ම දවා ගනිමින් පෙන්නුම් කළ සුවිශේෂී දක්ෂතා මෙම තරග ප්‍රතිඵලයට බෙහෙවින්ම හේතු වූ බව නොකියාම බැරිය. ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 38ක් ලබා සිටියේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි.
සිංහ පැටවුන් අත තිබූ ජය කිවියන් අවසන් මොහොතේ ඩැහැ ගනියි!
ක්‍රිකට් ක්‍රීඩාව තුල සැඟව ඇති අවිනිශ්චිතතාවය යළිත් වරක් පසක් කරමින් ශ්‍රී ලංකා යොවුන් පිළ අත තිබූ……….
ඉන් අනතුරුව පෙරට පැමිණි කසුන් රාජිත, ප්‍රතිවාදී නායක සීන් විලියම්ස්ව පිටියෙන් ඉවත් කරන්නේ සිම්බාබ්වේ පිතිකරණ කොඳු නාරටිය බිඳ දමමිනි. කඩුලු රකින දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දෙමින් විලියම්ස් දැවී යද්දී ඔහු හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියේය. ඔවුන්ගේ ප්‍රධානම තුරුම්පු දෙක අහිමි වීමත් සමඟ වැඩ වරදින්නට යන බව තේරුම් ගත් සිම්බාබ්වේ පසුපෙළ වහාම ගියරය මාරු කරමින් පන්දු එකින් එක කා දැමීමට පටන් ගත්හ. ඒ තරගය ජය පැරදුමෙන් තොර කර ගැනීමේ අපේක්ෂාවෙනි.
එහිදී රෙගිස් චකබ්වා පන්දු 142කට මුහුණ දෙමින් ලකුණු 26ක් පමණක් රැස් කරද්දී සිකන්දර් රාසා පන්දු 55ක් වැය කරමින් ලකුණු 17ක් රැස් කළේය. කෙසේවෙතත් මෙම පිතිකරුවන් දෙදෙනාගේම හිසරදය නිමා කරමින් නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට යොවුන් ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට හැකිවිය. ඉතිරි කඩුලු තුනටම වග කියූවේ තම වේගය ඉදිරියේ සිම්බාබ්වේ පසුපෙළ පිතිකරුවන් මට්ටු කළ ලහිරු කුමාරයි. ඒ අනුව ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 170කට සීමා විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ මෙම සුවිශේෂී දක්ෂතා නිසා කණ්ඩායමේ පිතිකරුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 14ක ඉතාමත්ම පහසු ඉලක්කයක් හිමිවිය. මෙය පන්දුවාර 3ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවීම සපුරා ගත්තේ නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්රනාන්දුයි. ඒ අනුව ශ්‍රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක් සහ තරගාවලියේ 1-0ක ඉදිරියක් හිමිවිය. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට අති විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කරගත් ඇන්ජෙලෝ මැතිව්ස්ට හැකිවිය.
19න් පහල ලෝක කුසලානයේ දී මොකද වුනේ?
වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට…………..
කෙසේවෙතත් බොහෝ කලක් තිස්සේ සිම්බාබ්වේ ජාතික වර්ණ දැරූ ක්‍රීඩකයින් රැසක් නොමැතිව ඔවුන් මෙම තරගයේ දී දැක්වූ දක්ෂතා කැපී පෙනුනු අතර ටෙස්ට් තරගයකට උචිත ඉවසීමත්, විනයත් සමඟ මෙම ටෙස්ට් තරගය පස්වැනි දිනයේ අවසානය දක්වාම රැගෙන එන්නට හැකි වීමද අගය කළ යුතුය. දෙරට අතර කෙටි තරග සංචාරය නිමා කරමින් දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලබන 27 වැනිදා හරාරේ පිටියේදීම පැවැත්වීමට නියමිතය.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Dimuth Karunaratne b Lasith Embuldeniya | 55 | 149 | 7 | 0 | 36.91 |
Kevin Kasuza | lbw b Lahiru Kumara | 63 | 214 | 5 | 1 | 29.44 |
Craig Ervine | b Suranga Lakmal | 85 | 187 | 5 | 3 | 45.45 |
Brendan Taylor | lbw b Suranga Lakmal | 21 | 47 | 1 | 1 | 44.68 |
Sean Williams | c Niroshan Dickwella b Lasith Embuldeniya | 18 | 46 | 1 | 1 | 39.13 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 41 | 65 | 6 | 0 | 63.08 |
Regis Chakabva | c Angelo Mathews b Lasith Embuldeniya | 8 | 20 | 1 | 0 | 40.00 |
Donald Tiripano | not out | 44 | 103 | 3 | 0 | 42.72 |
Kyle Jarvis | b Lasith Embuldeniya | 1 | 5 | 0 | 0 | 20.00 |
Ainsley Ndlovu | c Kusal Mendis b Lahiru Kumara | 5 | 25 | 1 | 0 | 20.00 |
Victor Nyauchi | c Lakshan Sandakan b Suranga Lakmal | 11 | 29 | 1 | 0 | 37.93 |
Extras | 6 (b 0 , lb 4 , nb 2, w 0, pen 0) |
Total | 358/10 (148 Overs, RR: 2.42) |
Fall of Wickets | 1-96 (50.1) Prince Masvaure, 2-164 (75.3) Kevin Kasuza, 3-208 (91.5) Brendan Taylor, 4-247 (106.3) Sean Williams, 5-247 (107.2) Craig Ervine, 6-266 (114.2) Regis Chakabva, 7-307 (128.4) Sikandar Raza, 8-309 (130.1) Kyle Jarvis, 9-328 (139.1) Ainsley Ndlovu, 10-358 (147.6) Victor Nyauchi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 27 | 10 | 53 | 3 | 1.96 | |
Kasun Rajitha | 29 | 9 | 55 | 0 | 1.90 | |
Lasith Embuldeniya | 42 | 12 | 114 | 5 | 2.71 | |
Lahiru Kumara | 29 | 8 | 82 | 2 | 2.83 | |
Dhananjaya de Silva | 21 | 8 | 50 | 0 | 2.38 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | c Ainsley Ndlovu b Victor Nyauchi | 37 | 78 | 4 | 0 | 47.44 |
Oshada Fernando | b Donald Tiripano | 21 | 41 | 2 | 0 | 51.22 |
Kusal Mendis | c Brendan Taylor b Victor Nyauchi | 80 | 163 | 8 | 0 | 49.08 |
Angelo Mathews | not out | 200 | 468 | 16 | 3 | 42.74 |
Dinesh Chandimal | c & b Sean Williams | 12 | 32 | 1 | 0 | 37.50 |
Dhananjaya de Silva | c Prince Masvaure b Victor Nyauchi | 63 | 112 | 7 | 0 | 56.25 |
Niroshan Dickwella | lbw b Sikandar Raza | 63 | 120 | 3 | 0 | 52.50 |
Suranga Lakmal | st Regis Chakabva b Sikandar Raza | 27 | 41 | 0 | 2 | 65.85 |
Lasith Embuldeniya | b Sikandar Raza | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | lbw b Sean Williams | 1 | 6 | 0 | 0 | 16.67 |
Extras | 11 (b 2 , lb 5 , nb 4, w 0, pen 0) |
Total | 515/9 (176.2 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-32 (11.1) Oshada Fernando, 2-92 (28.6) Dimuth Karunaratne, 3-184 (66.2) Kusal Mendis, 4-227 (81.4) Dinesh Chandimal, 5-325 (116.2) Dhananjaya de Silva, 6-461 (160.3) Niroshan Dickwella, 7-510 (173.4) Suranga Lakmal, 8-510 (173.5) Lasith Embuldeniya, 9-515 (176.2) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kyle Jarvis | 37 | 12 | 84 | 0 | 2.27 | |
Victor Nyauchi | 32 | 7 | 69 | 3 | 2.16 | |
Donald Tiripano | 31 | 3 | 82 | 1 | 2.65 | |
Ainsley Ndlovu | 28 | 3 | 107 | 0 | 3.82 | |
Sean Williams | 32.2 | 3 | 104 | 2 | 3.23 | |
Sikandar Raza | 16 | 0 | 62 | 3 | 3.88 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Niroshan Dickwella b Suranga Lakmal | 17 | 58 | 2 | 0 | 29.31 |
Brian Mudzinganyama | lbw b Suranga Lakmal | 16 | 62 | 2 | 0 | 25.81 |
Craig Ervine | c Dimuth Karunaratne b Suranga Lakmal | 7 | 13 | 0 | 0 | 53.85 |
Brendan Taylor | c Kusal Mendis b Suranga Lakmal | 38 | 58 | 5 | 1 | 65.52 |
Sean Williams | c Niroshan Dickwella b Kasun Rajitha | 39 | 79 | 5 | 0 | 49.37 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 17 | 55 | 1 | 0 | 30.91 |
Regis Chakabva | b Lasith Embuldeniya | 26 | 142 | 1 | 0 | 18.31 |
Donald Tiripano | lbw b Lahiru Kumara | 6 | 61 | 1 | 0 | 9.84 |
Kyle Jarvis | b Lahiru Kumara | 1 | 15 | 0 | 0 | 6.67 |
Ainsley Ndlovu | b Lahiru Kumara | 0 | 7 | 0 | 0 | 0.00 |
Victor Nyauchi | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 170/10 (92 Overs, RR: 1.85) |
Fall of Wickets | 1-33 (18.2) Prince Masvaure, 2-36 (20.3) Brian Mudzinganyama, 3-41 (22.3) Craig Ervine, 4-120 (44.3) Brendan Taylor, 5-120 (45.2) Sean Williams, 6-148 (62.1) Sikandar Raza, 7-159 (81.6) Donald Tiripano, 8-163 (85.6) Kyle Jarvis, 9-165 (89.4) Ainsley Ndlovu, 10-170 (91.6) Regis Chakabva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 20 | 8 | 27 | 4 | 1.35 | |
Kasun Rajitha | 14 | 6 | 23 | 1 | 1.64 | |
Dhananjaya de Silva | 11 | 6 | 12 | 0 | 1.09 | |
Lahiru Kumara | 21 | 8 | 32 | 3 | 1.52 | |
Lasith Embuldeniya | 26 | 8 | 74 | 2 | 2.85 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Dimuth Karunaratne | not out | 10 | 13 | 1 | 0 | 76.92 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 14/0 (3 Overs, RR: 4.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Donald Tiripano | 2 | 0 | 8 | 0 | 4.00 | |
Victor Nyauchi | 1 | 0 | 6 | 0 | 6.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<