2020 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පළමු අදියරේ තරගයක් ලෙස ශ්‍රී ලංකාවේ Defenders SC සහ භූතානයේ Paro FC කණ්ඩායම් අතර අද (22) දින කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 3-3 ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.
ම්බාපේ එංගලන්තයට එයි ද?
ලෝක ශූර ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩක කිලියන් ම්බාපේ තමන්ගේ පාපන්දු ජීවිතයේ…
කණ්ඩායම් දෙකම තරගයට දැඩි ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත් නමුත් තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් ඉදිරියට පැමිණෙන්නට සමත් වූයේ Defenders ක්‍රීඩකයින් ය. එහිදී නායක සුනිල් රොෂාන් ලබා දුන් පන්දුවක් දක්ෂ ලෙස ගෝල රාමුවට යොමු කරමින් එම ගෝලය වාර්තා කරගනු ලැබුවේ සජිත් කුමාර විසිනි.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ අන්තයේ දීම ප්‍රතිවාදීන් හට නිදහස් පහර අවස්ථාවන් කිහිපයක්ම ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ ලකුණු තත්වය සම කරන්නට Paro ක්‍රීඩකයින් සමත් විය. ඒ නිදහස් පහර අවස්ථාවක් හරහා පන්දුව ලබා ගත් Chencho යොමු කළ පන්දුවකට Dieudonne Fabassou විසින් හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කරමිනි.
පසුව නැවතත් ක්‍රියාත්මක වූ Fabassou විසින් භාරකළ පන්දුවක් ලබා ගත් Chencho Gyeltshen විසින් එය ඉදිරියට රැගෙන යමින් ගෝල රාමුව තුළට යොමු කළේ තරගයේ ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කර ගනිමිනි.
Photos : Defenders FC v Paro FC | AFC Cup 2020
වැඩි වේලාවක් යන්නට පෙර තරගයේ ලකුණු තත්වය සම කරන්නට Defenders ක්‍රීඩක Evans Asante සමත් විය. ඒ Francis Agbeti යොමු කළ දීර්ඝ පන්දු යොමුවක් ග්‍රහණය කර ගැනීමට ඉදිරියට පැමිණි Paro ගෝල රකින ක්‍රීඩක Gyeltshen Zangpo අතින් සිදුවූ අත්වැරදීමකින් පන්දුව ලබා ගනිමින් පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමු කරමිනි.
පළමු අර්ධය අවසන් වන්නට පෙර නැවතත් ක්‍රියාත්මක වූ Paro ක්‍රීඩක Fabassou විසින් Chencho Gyeltshen ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමු කරමින් ඔහුගේ දෙවන ගෝලය මෙන්ම කණ්ඩායමේ තෙවන ගෝලයට ද හිමිකම් කියන්නට සමත් විය.
පළමු අර්ධය: Defenders FC 2 – 3 Paro FC
‘AFC’ කුසලානයේ පළමු තරගයට Defenders SC සූදානමින්
2020 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාවේ Defenders SC…
දෙවන අර්ධයේ දී ක්‍රීඩකයින් තරමක් මන්දගාමී ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීමත්, ගෝල වාර්තා කර ගන්නට පැහැදිලි අවස්ථාවන් නිර්මාණය කර ගැනීමට අපොහොසත් වීමත් නිසා තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගන්නට විය.
කෙසේ නමුත් තරගයේ 63 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සජිත් කුමාර ගෝල රාමුව අසළ සිට ඒ තුළට පහසුවෙන් පන්දුව යොමු කරමින් තරගයේ ඔහුගේ පෞද්ගලික දෙවන ගෝලයත්, කණ්ඩායමේ තෙවන ගෝලයත් වාර්තා කර ගනිමින් නැවතත් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.
තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කර ගන්නට පහසු අවස්ථාවන් කිහිපයක්ම හිමි වුවත් ඔවුන් ඒවා සාර්ථක කර ගන්නට අපොහොසත් විය. ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගය කණ්ඩායම් දෙකම ගෝල 3 බැගින් ලබා ගනිමින් ජය-පැරදුමකින් තොරව අවසන් විය.
සම්පූර්ණ කාලය: Defenders FC 3 – 3 Paro FC
Aguero නැවතත් Manchester City ගැලවුමට
එංගලන්ත Premier League තරගාවලියේ 24 වන සතියේ වැදගත් තරග කිහිපයක්…
ThePapare.com තරගයේ වීරයා – Dieudonne Fabassou (Paro FC)
ගෝල ලාභීන්:
Defenders FC – සජිත් කුමාර 5’ & 63’, Evans Asante 36’
Paro FC – Dieudonne Fabassou 12’ & 45+2’, Chencho Gyeltshen 24’
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<