වසර 12ක පමණ තම දීර්ඝ ක්‍රීඩා දිවිය තුල වාර්තා කරගත් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සනිටුහන් කර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් අද (22) සමත් විය. ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. මැතිව්ස්ගේ මෙම වෑයම නිසාම දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ දින 4ක් අවසන් වනවිට තරගයේ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි.
මැතිව්ස් සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඔසවා තබයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්..
ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිම්බාබ්වේ පිළ තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 358ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව ලකුණු 295ක් ලබා සිටියේ කඩුලු 4ක් අතැතිවයි. ඒ වනවිට ඇන්ජෙලෝ මැතිව්ස් ශතකයක් ආසන්නයේ ද, ධනංජය ද සිල්වා අර්ධ ශතකයක් ආසන්නයේ ද පසුවූහ. කෙසේවෙතත් අද දිනය ආරම්භයේ දීම මුලින්ම වාර්තා වූයේ සමස්ථ කණ්ඩායමේ ත්‍රිත්ව ශතකයයි.
ඉන් අනතුරුව ධනංජයට තම සයවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමට අවස්ථාව උදාවිය. ඉතාමත් නිදහසේ පන්දු තෝරා බේරාගෙන පන්දුවට පහර දුන් ධනංජයගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. අවසානයේ වික්ටර් නියවුචි නම් මංගල තරගයට ක්‍රීඩා කරන පන්දු යවන්නා හමුවේ දැවී යනවිට ධනංජය පන්දු 112කට මුහුණ දී ලකුණු 63ක් ලබා සිටියේය.
ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ද අද ඉතාමත් ප්‍රශංසනීය ඉනිමක් ක්‍රීඩා කළ අතර වෙනදා ඔහු තුල තිබෙන කඩිමුඩිය අද ඔහු කෙරෙන් විද්‍යාමාන වූයේ නැත. ඒ අනුව නියම ටෙස්ට් පිතිකරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ දික්වැල්ල අද ලකුණු 63ක් ලබා ගත්තේ පන්දු 120කට මුහුණ දෙමිනි. ඒ අතරතුර ඔහු එල්ල කළේ හතරේ පහර 3ක් පමණක් වීමද විශේෂත්වයකි. ධනංජයගේ සහ දික්වැල්ලගේ මෙම ක්‍රීඩා විලාශයද ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සාර්ථකත්වයට උපකාරී වූ බව නොකියාම බැරිය.
වේගපන්දුවෙන්, හිතුවක්කාරකමෙන් ලොව දිනූ ඩෙනිස් ලිලී
හැත්තෑව සහ අසූව දශකවල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියේ ප්‍රමුඛයා වූයේ ඔහුය…
අද දිනයේ කතා නායකයා බවට පත්වූ 32 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ද්විත්ව ශතකය කරා ගියේ පන්දු 467කට මුහුණ දෙමිනි. මේ තරම් දීර්ඝ කාලයක් තණතිල්ල මත රැඳී සිටිමින් දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට පසුගිය කාලයේ ඔහු වැඩි වශයෙන් ව්‍යායාම් වල යෙදෙමින් ශරීරය වඩාත් සැහැල්ලු කරගෙන තිබීම පහසුවක් වූ බව පැහැදිලි විය. ඒ අතරතුරේ දී මැතිව්ස් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් විය.
පන්දු යවන්නෙකු වුවද හරාරේ තණතිල්ල පිතිකරණයෙන් ද වර්ණවත් කළ සුරංග ලක්මාල් අද පන්දු 41 කදී ලකුණු 27ක් ලබා ගත්තේය. මේ අනුව ශ්‍රී ලංකා පිළේ මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුනේ කඩුලු 9කට ලකුණු 515ක් ලෙසයි. මේ නිසා ලකුණු 157ක ඉදිරියක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා පිළ ඇන්ජෙලෝ මැතිව්ස් ද්විත්ව ශතකය වාර්තා කර ගැනීමත් සමඟ තීරණය කළේ ඉනිම අත්හිටුවීමටයි. පන්දු යැවීමේ දී සිකන්දර් රාසා සහ වික්ටර් නියවුචි කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර රාසාට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට තිබූ අවස්ථාවක් ද නූලෙන් අහිමි විය.
ඒ අනුව අද දිනය නිමා වීමට පෙර සිම්බාබ්වේ පිළට පන්දුවාර 17ක් සඳහා පිතිකරණයේ යෙදීමට සිදුවූ අතර එහිදී කිසිදු කඩුල්ලක් බිඳ වැටෙන්නට ඉඩ නොතැබීමට තරම් ඔවුහු ප්‍රවේසම් වූහ. මේ වනවිට තම දෙවැනි ඉනිම සඳහා ලකුණු 30ක් ලබා සිටින සිම්බාබ්වේ පිළ සංචාරක ශ්‍රී ලංකාවට වඩා ලකුණු 127ක් පිටුපසින් පසුවෙයි.
ප්ලෙසිස් සමුගැනීමට සූදානම්?
එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු ප්‍රබල වේගපන්දු යවන්නෙකු වන..
එබැවින් තරගය පැවැත්වෙන තණතිල්ල මේ දක්වා හොඳ තත්ත්වයක ඇති නිසාත්, සිම්බාබ්වේ පිළ සතුව කඩුලු 10ම ඇති නිසාත් හෙට දිනයේ දී බොහෝදුරට තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනු දැකිය හැකිවනු ඇති අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් අපේක්ෂා කිරීමට නම් පන්දු යවන්නන්ට මෙන්ම පන්දු රකින්නන්ට ද තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Dimuth Karunaratne b Lasith Embuldeniya | 55 | 149 | 7 | 0 | 36.91 |
Kevin Kasuza | lbw b Lahiru Kumara | 63 | 214 | 5 | 1 | 29.44 |
Craig Ervine | b Suranga Lakmal | 85 | 187 | 5 | 3 | 45.45 |
Brendan Taylor | lbw b Suranga Lakmal | 21 | 47 | 1 | 1 | 44.68 |
Sean Williams | c Niroshan Dickwella b Lasith Embuldeniya | 18 | 46 | 1 | 1 | 39.13 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 41 | 65 | 6 | 0 | 63.08 |
Regis Chakabva | c Angelo Mathews b Lasith Embuldeniya | 8 | 20 | 1 | 0 | 40.00 |
Donald Tiripano | not out | 44 | 103 | 3 | 0 | 42.72 |
Kyle Jarvis | b Lasith Embuldeniya | 1 | 5 | 0 | 0 | 20.00 |
Ainsley Ndlovu | c Kusal Mendis b Lahiru Kumara | 5 | 25 | 1 | 0 | 20.00 |
Victor Nyauchi | c Lakshan Sandakan b Suranga Lakmal | 11 | 29 | 1 | 0 | 37.93 |
Extras | 6 (b 0 , lb 4 , nb 2, w 0, pen 0) |
Total | 358/10 (148 Overs, RR: 2.42) |
Fall of Wickets | 1-96 (50.1) Prince Masvaure, 2-164 (75.3) Kevin Kasuza, 3-208 (91.5) Brendan Taylor, 4-247 (106.3) Sean Williams, 5-247 (107.2) Craig Ervine, 6-266 (114.2) Regis Chakabva, 7-307 (128.4) Sikandar Raza, 8-309 (130.1) Kyle Jarvis, 9-328 (139.1) Ainsley Ndlovu, 10-358 (147.6) Victor Nyauchi, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 27 | 10 | 53 | 3 | 1.96 | |
Kasun Rajitha | 29 | 9 | 55 | 0 | 1.90 | |
Lasith Embuldeniya | 42 | 12 | 114 | 5 | 2.71 | |
Lahiru Kumara | 29 | 8 | 82 | 2 | 2.83 | |
Dhananjaya de Silva | 21 | 8 | 50 | 0 | 2.38 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | c Ainsley Ndlovu b Victor Nyauchi | 37 | 78 | 4 | 0 | 47.44 |
Oshada Fernando | b Donald Tiripano | 21 | 41 | 2 | 0 | 51.22 |
Kusal Mendis | c Brendan Taylor b Victor Nyauchi | 80 | 163 | 8 | 0 | 49.08 |
Angelo Mathews | not out | 200 | 468 | 16 | 3 | 42.74 |
Dinesh Chandimal | c & b Sean Williams | 12 | 32 | 1 | 0 | 37.50 |
Dhananjaya de Silva | c Prince Masvaure b Victor Nyauchi | 63 | 112 | 7 | 0 | 56.25 |
Niroshan Dickwella | lbw b Sikandar Raza | 63 | 120 | 3 | 0 | 52.50 |
Suranga Lakmal | st Regis Chakabva b Sikandar Raza | 27 | 41 | 0 | 2 | 65.85 |
Lasith Embuldeniya | b Sikandar Raza | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | lbw b Sean Williams | 1 | 6 | 0 | 0 | 16.67 |
Extras | 11 (b 2 , lb 5 , nb 4, w 0, pen 0) |
Total | 515/9 (176.2 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-32 (11.1) Oshada Fernando, 2-92 (28.6) Dimuth Karunaratne, 3-184 (66.2) Kusal Mendis, 4-227 (81.4) Dinesh Chandimal, 5-325 (116.2) Dhananjaya de Silva, 6-461 (160.3) Niroshan Dickwella, 7-510 (173.4) Suranga Lakmal, 8-510 (173.5) Lasith Embuldeniya, 9-515 (176.2) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kyle Jarvis | 37 | 12 | 84 | 0 | 2.27 | |
Victor Nyauchi | 32 | 7 | 69 | 3 | 2.16 | |
Donald Tiripano | 31 | 3 | 82 | 1 | 2.65 | |
Ainsley Ndlovu | 28 | 3 | 107 | 0 | 3.82 | |
Sean Williams | 32.2 | 3 | 104 | 2 | 3.23 | |
Sikandar Raza | 16 | 0 | 62 | 3 | 3.88 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Prince Masvaure | c Niroshan Dickwella b Suranga Lakmal | 17 | 58 | 2 | 0 | 29.31 |
Brian Mudzinganyama | lbw b Suranga Lakmal | 16 | 62 | 2 | 0 | 25.81 |
Craig Ervine | c Dimuth Karunaratne b Suranga Lakmal | 7 | 13 | 0 | 0 | 53.85 |
Brendan Taylor | c Kusal Mendis b Suranga Lakmal | 38 | 58 | 5 | 1 | 65.52 |
Sean Williams | c Niroshan Dickwella b Kasun Rajitha | 39 | 79 | 5 | 0 | 49.37 |
Sikandar Raza | st Niroshan Dickwella b Lasith Embuldeniya | 17 | 55 | 1 | 0 | 30.91 |
Regis Chakabva | b Lasith Embuldeniya | 26 | 142 | 1 | 0 | 18.31 |
Donald Tiripano | lbw b Lahiru Kumara | 6 | 61 | 1 | 0 | 9.84 |
Kyle Jarvis | b Lahiru Kumara | 1 | 15 | 0 | 0 | 6.67 |
Ainsley Ndlovu | b Lahiru Kumara | 0 | 7 | 0 | 0 | 0.00 |
Victor Nyauchi | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 170/10 (92 Overs, RR: 1.85) |
Fall of Wickets | 1-33 (18.2) Prince Masvaure, 2-36 (20.3) Brian Mudzinganyama, 3-41 (22.3) Craig Ervine, 4-120 (44.3) Brendan Taylor, 5-120 (45.2) Sean Williams, 6-148 (62.1) Sikandar Raza, 7-159 (81.6) Donald Tiripano, 8-163 (85.6) Kyle Jarvis, 9-165 (89.4) Ainsley Ndlovu, 10-170 (91.6) Regis Chakabva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 20 | 8 | 27 | 4 | 1.35 | |
Kasun Rajitha | 14 | 6 | 23 | 1 | 1.64 | |
Dhananjaya de Silva | 11 | 6 | 12 | 0 | 1.09 | |
Lahiru Kumara | 21 | 8 | 32 | 3 | 1.52 | |
Lasith Embuldeniya | 26 | 8 | 74 | 2 | 2.85 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Dimuth Karunaratne | not out | 10 | 13 | 1 | 0 | 76.92 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 14/0 (3 Overs, RR: 4.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Donald Tiripano | 2 | 0 | 8 | 0 | 4.00 | |
Victor Nyauchi | 1 | 0 | 6 | 0 | 6.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<