මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ දී නිමා වූයේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරයන් බවට පත්කරමිනි. රන් පදක්කම් 15ක් සමඟින් මලල ක්‍රීඩා තරගාවලිය නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ රන් පදක්කම් ලාභීන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වීමේ වරම් හිමිව තිබේ.
මෙමෙ තරගාවලිය නියෝජනය කිරීම මගින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ද නියෝජනය කිරීමට අවස්ථාව උදා වනු ඇත.
ලොමු ඩැහැගැන්වූ අවසන් තරගයක් සමඟින් ශ්‍රී ලංකාවට රන් 15ක්
දෙසැම්බර් මස 01 සිට 10 දක්වා පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (07) සාර්ථකව නිමාවට…..
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් තුනක් දිනා ගත් ඩිල්ෂි කුමාරසිංහ මීටර් 400 හා 800 ඉසව් සඳහාත්, රන් පදක්කම් දෙකක් දිනා ගත් අරුණ දර්ශන මීටර් 400 ඉසව්වටත්, රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම දිනා ගත් ලක්ෂිකා සුගන්ධී මීටර් 60 කඩුලු හා පංච ප්‍රයාම තරග සඳහාත්, රන් පදක්කම් දෙකක් දිනා ගත් නිලානී රත්නායක මීටර් 1500 හා මීටර් 3000 ඉසව්වලටත්, මීටර් 800 රන් පදක්කම දිනා ගත් ඉඳුනිල් හේරත් මීටර් 800 ඉසව්ව සඳහාත් සහභාගී වීමට නියමිතය.
මේ අතර, තුන්පිම්ම හා දුර පැනීමෙන් රන් පදක්කම් දිනා ගත් හෂිනි බාලසූරිය හා සාරංගී සිල්වා එම ඉසව් දෙකට සහභාගී වනු ඇත.
තරගාවලිය සඳහා මීටර් 400 සහාය දිවීමේ කාන්තා තරග ඉසව්ව සඳහා ද කණ්ඩායමක් සහභාගී කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ගියවර ඉරානයේ දී පැවති තරගාවලියේ දී, කාන්තා සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූයේ කණ්ඩායම් 4ක් පමණක් වීම හේතුවෙන්, ඉදිරිපත් කර ඇති ක්‍රීඩිකාවන් අතරින් සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද පවතී.
ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
- අරුණ දර්ශන – මීටර් 400
- ඉදුනිල් හේරත් – මීටර් 800
- ඩිල්ධි කුමාරසිංහ – මීටර් 400, මීටර් 800
- සාරංගි සිල්වා – දුර පැනීම
- හශිනි බාලසූරිය – තුන් පිම්ම
- ලක්ශිකා සුගන්ධි – මීටර් 60 කඩුලු, පංච ප්‍රයාම
- නිලානි රත්නායක – මීටර් 1500, මීටර් 3000
ඉඳුනිල්, ආයු රක්ඛන්තු ආවඩා!
ආයු රක්ඛන්තු ආවඩා! ඉතිහාසයේ ශාන්තිකර්ම වල භාවිතා වූ එම පද වැල එක් යුගයක ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වදන් පෙළ….
ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සපුරාලිය යුතු පරිසාධන මට්ටම්
ඉසව්ව | පිරිමි | කාන්තා |
මීටර් 60 | තත්පර 6.63 | තත්පර 7.30 |
මීටර් 400 | තත්පර 46.70 | තත්පර 52.90 |
මීටර් 800 | තත්පර 1.46.50 | තත්පර 2.01.50 |
මීටර් 1500 | තත්පර 3.39.50 | තත්පර 4.09.00 |
මීටර් 3000 | තත්පර 7.50.00 | තත්පර 8.49.00 |
මීටර් 60 කඩුලු | තත්පර 7.70 | තත්පර 8.16 |
උස පැනීම | මීටර් 2.33 | මීටර් 1.95 |
හෙල්ල විසි කිරීම | මීටර් 5.78 | මීටර් 4.70 |
දුර පැනීම | මීටර් 8.19 | මීටර් 6.75 |
තුන් පිම්ම | මීටර් 17.05 | මීටර් 14.30 |
යගුලිය | මීටර් 20.80 | මීටර් 18.30 |