බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පසුගිය (14) ලක්නව් හිදී පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 30ක ජයක් හිමි කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූයේ ඔවුන් ලබා ගත් දීර්ඝ විස්සයි විස්ස තරග පරාජයන් රැල්ලට තිත තබමිනි.
ලුවිස් සහ විලියම්ස් කොදෙව්වෝ දිනවති
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ…
කොදෙව්වන් වෙනුවෙන් එවින් ලුවිස් ලබා ගත් අර්ධ ශතකය සහ කැස්රික් විලියම්ස් දවා ගත් කඩුලු 3 තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායමට විශාල පිටිවහලක් විය.
මේ වසරේ විස්සයි විස්ස තරග 7ක් පරාජය වී තිබෙන කොදෙව් කණ්ඩායම එම තරගයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත් අතර එයට පිළිතුරු දුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 134ක් පමණි.
කොදෙව් නායකයා ලෙස සිය මංගල විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ කිරන් පොලාර්ඩ් පන්දු 22ක් තුල එම ලකුණු 32*ක වාර්තා කරගත්තේ 4 පහර 2ක් සහ 6 පහරක් සමඟයි.
“මට ඒ තරගයේ දී මගේ තුන් ඉරියව් දස්කම් දක්වලා තරගයේ වීරයා වෙලා මගේ නායකත්වය යටතේ අපේ කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යන්න පුළුවන් වුනා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.” පොලාර්ඩ් තරගයට පසුව පැවසීය.
එම තරගයේ දී ඇෆ්ගන් ඉනිම යම් මට්ටමකට ස්ථාවර කර ගැනීමට වෙර දැරූ හස්රතුල්ලා සසායි පන්දු 29කට මුහුණ දෙමින් ලකුණු 23ක් ලබා ගන්නා විට, අනෙක් අන්තයෙන් පන්දු 22කට මුහුණ දුන් නජිබුල්ලා සද්‍රාන් ලකුණු 27ක් වාර්තා කරගත්තේ පන්දු 24ක් තුලයි. එම ඉනිමට 4 පහර 3ක් හා එක් 6 පහරක් ඇතුළත් විය.
වසර 30ක් සපිරෙන තෙන්දුල්කාර් පුරාවෘත්තය
ඒ 1988 වසරයි. සීතල දෙසැම්බර් උදෑසනක බරෝඩා හි පැවති පුහුණු කඳවුරක් සඳහා මුම්බායි කණ්ඩායමේ …
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නොකඩවා විස්සයි විස්ස තරග 12ක් ජය ගනිමින් ලෝක වාර්තාවක් තැබූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග තුනම පරාජයට පත් වී තිබේ.
“අපි එදා තරගයේ පළමු පන්දුවාර 10 යැවීමේ දී ටිකක් අසාර්ථක වුනා. එක තමයි මේ තරගය පරාජය වෙන්න ගොඩක්ම හේතු වුනේ. අපිට ඉදිරි වසර 5 සඳහා හොඳ සැලසුමක් තියෙනවා. ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී වගේම ආසියානු කුසලාන තරගාවලිවල දී ඒ වෙනස අපේ කණ්ඩායම තුලින් දැකගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙයි.” යැයි ඇෆ්ගනිස්තාන නායක රෂීඩ් ඛාන් එම තරගයට පසුව පවසන ලදි.
දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ මස 16 වැනිදා ලක්නව් හි දීම පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<