එළඹෙන SAG ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ සහය දිවීමේ කණ්ඩායම තෝරා ගැනීම සඳහා වන තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 20 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබයි.
SAG යන යෞවනයින්ට සාමාන්‍ය පෙළ ගැටලුවක් නොවේ!
ලබන දෙසැම්බර් මස 1 සිට 10 වැනිදා දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට…..
මේ වන විට එක් එක් සහය දිවීමේ කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර ඒ අතරින් මුල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා තෝරාගැනීම සඳහා මෙම තරගාවලිය සංවිධානය කර ඇත. මෙම තරගාවලියේ දී එක් එක් කාණ්ඩය යටතේ හොඳම දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා මූලික කණ්ඩායමට ඇතුළත් වන අතර පස්වැනි ස්ථානය ලබා ගන්නා ක්‍රීඩකයා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලිය යටතේ පිරිමි/ කාන්තා මීටර් 100*4 හා පිරිමි/කාන්තා මීටර් 400*4 යන තරග ඉසව් සඳහා කණ්ඩායම් තෝරාගනු ඇත. කෙසේ වෙතත් කාන්තා 400*4 සහය දිවීමේ කණ්ඩායමේ උපමාලිකා රත්නකුමාරි පෞද්ගලික හේතුවක් නිසාවෙන් තරගාවලිය සඳහා සහභාගි නොවන බැවින් එම කණ්ඩායම සඳහා ක්‍රීඩිකාවන් 5 දෙනෙකු පමණක් සහභාගි වේ. ඉන් හොඳම දස්කම් දක්වන ක්‍රීඩිකාවන් සිව්දෙනා මූලික කණ්ඩායම සඳහා තෝරාගැනීම සිදුවේ.
ඊට අමතරව මෙම වසරේ මුල් භාගයේ දී වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා 4*400 සහය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩිකාවක වූ නිමාලි ලියනාආරච්චි මෙම කණ්ඩායමට කැඳවීමට ද වැඩි ඉඩකඩක් පවතී. ඇය SAG ක්‍රීඩා උළෙලේ මීටර් 800 හා මීටර් 1500 යන තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද නියමිතය.
කෙසේ වෙතත් පසුගිය SAG ක්‍රීඩා උළෙලේ මීටර් 100 ජයග්‍රාහිකාව වූ රුමේශිකා රත්නායක හා මෙම වසරේ දෙවන වේගවත්ම ක්‍රීඩිකාව වූ ශෙලින්ඩා ජැන්සන් තවමත් SAG ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර නැත. ඔවුන් දෙදෙනාට පසුගිය දා නිමා වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව නිමා කිරීමට නොහැකි විය. ඒ එම තරග ඉසව්ව අතරතුර ඇතිවූ පාදයේ ආබාධයක් නිසාවෙනි. ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම SAG ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්විය.
දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලුණුවිලින් සහ කොළඹින්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරටත් සංවිධානය කළ 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය…..
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙම SAG ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා වන තෝරා ගැනීමේ වැඩපිළිවෙළ ලෙස ජාතික මහා ක්‍රීඩා උළෙල සලකන බව මීට පෙර දන්වා තිබූ අතර එම නිසා ඇමරිකාවේ ජීවත් වන මාර්ග ධාවන ශූරි හිරුණි විජයරත්න ද ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට මෙරටට පැමිණියාය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
මීට පෙර SAG කණ්ඩායමට ඇතුළත් කර නොසිටි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරන හශිනි රාජසූරිය ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.
පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඇය තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ අතර එහි දී ඇය මීටර් 12.95 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය. එහි දී ඇය දෙවැනි වූයේ ජාතික ශූරිය වන විදුෂා ලක්ශානිට පමණි.
කෙසේ වෙතත් මෙම දක්ශතාවය පසුගිය SAG ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගත් දක්ශතාවයට සමාන විය. මේ පිළිබඳව සලකා බලන ලෙස හශිනි රාජසූරිය කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මලල ක්‍රීඩා සංගමය විසින් ඇය කණ්ඩායමට ඇතුළත් කිරීමට තීරණය කළේය.
ජාතික මහා ක්‍රීඩා උළෙලෙන් අනතුරුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් එක් එක් ඉසව්වන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගින් වන සංචිතයක් නම් කළ අතර පසුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංචිතයේ ක්‍රීඩක සංඛ්‍යාව වැඩි බවට කරන ලද දැන්වීමකට අනුව ඉසව් කීපයක දෙවන ස්ථානය ලබාගත් ක්‍රීඩකයන් ඉවත් කිරීමට තීරණය කර තිබිණි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනෙකු සහභාගි වීමට නියමිත අතර එයට පසුගිය SAG ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ඇතුළත් වේ. ඒ හිමාශ ඒශාන් (මීටර් 100), විනෝජ් සුරන්ජය ද සිල්වා (මීටර් 200), නිමාලි ලියනාආරච්චි (මීටර් 800) හා ඉදුනිල් හේරත් (මීටර් 800) ය.
ලෝක පැරා ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 9ක්; නායකයා දිනේෂ්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන 2019 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගී……
තරගාවලිය සඳහා නම් කළ සංචිතය
ක්‍රීඩකයා ඉසව්ව
- හිමාශ ඒශාන් මීටර් 100, මීටර් 400*4
- විනෝජ් සුරංජය ද සිල්වා මීටර් 100, මීටර් 200, මීටර් 400*4
- ඒ. එස්. එම්. සෆාන් මීටර් 200
- අරුණ දර්ශන මීටර් 400, මීටර් 400*4
- ලක්මාල් ගුණරත්න මීටර් 400, මීටර් 400*4
- ඉදුනිල් හේරත් මීටර් 800
- රුසිරු චතුරංග මීටර් 800
- කුපුන් කුශාන්ත මීටර් 1500
- සජීව ලක්මාල් මීටර් 1500
- ආර්. එම්. එස්. පුශ්පකුමාර මීටර් 3000, මීටර් 5000
- ඩබ්ලියු. වී. එම්. යූ. කුමාර මීටර් 5000, මීටර් 10000
- කේ. ශාන්මුගේශ්වරම් මීටර් 10000
- රොශාන් රණතුංග මීටර් 110 කඩුලු
- අසංක රත්නසේන මීටර් 400 කඩුලු
- යූ. බී. හේරත් මීටර් 3000
- යුපුන් අබේකෝන් මීටර් 100*4
- චානුක ධර්මකීර්ති මීටර් 100*4
- ආර්.එම්. ආර්. එන්. රාජකරුණා මීටර් 400*4
- දිලීප් රුවන් මීටර් 400*4
- එස්. ඒ.ගුණරත්න මීටර් 400*4
- උශාන් තිවංක පෙරේරා උස පැනීම
- අමිල ජයසිරි දුර පැනීම
- ජේ. එච්. ජී. සම්පත් දුර පැනීම
- සෆ්රීන් අහමඩ් තුන් පිම්ම
- ග්‍රේශන් ධනංජය තුන් පිම්ම
- සමිත් ප්‍රනාන්දු යගුලිය දැමීම
- එස්. පී. ජේ. බංදුල කවපෙත්ත
- සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීම
- වරුණ දයාරත්න හෙල්ල විසිකිරීම
- ඩබ්ලියු. එම්. එස්. කුමාර මැරතන්
- දම්මික අරුණසිරි මැරතන්
ක්‍රීඩිකාව ඉසව්ව
- ලක්ශිකා සුගන්ධි මීටර් 100, මීටර් 100 කඩුලු, මීටර් 4*100
- අමාශා ද සිල්වා මීටර් 100, මීටර් 4*100
- ශර්මිලා ජෑන් මීටර් 200, මීටර් 100*4
- නදීශා රාමනායක මීටර් 200, මීටර් 400, මීටර් 4*400
- කෞශල්‍යා මධුශානි මීටර් 400, මීටර් 400 කඩුලු, මීටර් 4*400
- නිමාලි ලියනාආරච්චි මීටර් 800, මීටර් 1500
- දිල්ශි කුමාරසිංහ මීටර් 800, මීටර් 4*400
- ගයන්තිකා අබේරත්න මීටර් 1500
- නිලානි රත්නායක මීටර් 5000, මීටර් 3000
- හිරුණි විජේරත්න මීටර් 10000, මැරතන්
- නිලානි ආරියදාස මීටර් 10000
- ඉරේශානි රාජසිංහ මීටර් 100 කඩුලු
- එන්. ලක්මාලි මීටර් 4*400, මීටර් 400 කඩුලු
- දුලංජලී රණසිංහ උස පැනීම
- ව්දූශා ලක්ශානි දුර පැනීම, තුන් පිම්ම
- අංජලී පුල්වංශ දුර පැනීම
- තාරිකා ප්‍රනාන්දු යගුලිය
- එ. එච්. වී. වී. ලක්මාලි කවපෙත්ත
- නදීකා ලක්මාලි හෙල්ල විසිකිරීම
- මධුමාලී පෙරේරා මැරතන්
- සාරංගි සිල්වා මීටර් 4*400
- සදීපා හෙන්ඩර්සන් මීටර් 4*100
- ඔමායා උදයංගි මීටර් 4*100
- හශිනි රාජසූරිය මීටර් 4*400
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<