හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

179

එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් හිදී ආරම්භ වීමට නියමිත ලෝක හමුදා ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වන 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 

තහනම් ලෙස උත්තේජනය වූ රුසියාවට තහනමක්?

රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රුධිර සාම්පල වල ඇති තහනම්…..

ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භ වීමට තවත් කෙටි කාලයක් ඉතිරිව තිබෙන අවස්ථාවක පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වන අතර ඔවුන් තරගාවලිය ජයග්‍රාහී ලෙස නිම කිරීමට දැඩි අධිෂ්ඨානයකින් යුක්ත බව නොඅනුමානය. මෙම තරගාවලියට පසුව දකුණු ආසියානු තරගාවලිය ද පැවැත්වීමට නියමිතය. 

මෙම හමුදා ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අතර එයට මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ විදූශා ලක්ශානි, හිමාශ එශාන්, අරුණ දර්ශන හා නිලානි රත්නායක ද ඇතුලත්ව ඇත. ඔවුන් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ. 

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ග්‍රේෂන් ධනංජය, ප්‍රසාද් විමලසිරි හා සාරංගි සිල්වා තුන් පිම්ම හා දුර පැනීම ඉසව් නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වන අතර මීටර් 800 ඉසව්ව සඳහා නදීශා රාමනායක සහභාගි වේ. හෙල්ල වීසි කිරීම සඳහා සුමේධ රණසිංහ හා නදීකා ලක්මාලි සහභාගි වීමට නියමිතය. මීටර් 400 තරග ඉසව්ව සඳහා උපමාලිකා රත්නකුමාරි ද, මීටර් 100 හා 200 ඉසව් සඳහා චානුක සංදීප, මොහොමඩ් සෆාන් හා ෆසීල් උදයර් සහභාගි වේ. 

වාර්තාගත පීතර, වලල සුසංයෝගය නැවතත් පාසල් මලල ක්‍රීඩා පිටිය කළඹයි

පුරා දින තුනක් මුළුල්ලේ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ……

ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ගයාන්තිකා අබේරත්න දිගු දුර දිවීමේ තරග ඉසව්ව සඳහා සහභාගි වන අතර නිමාලි ලියනාරච්චි, තාරිකා ප්‍රනාන්දු හා 2019 වසරේ ජාතික රිටි පැනීමේ ශූරයා වන ඉශාර සඳරුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වීමට නියමිතය. 

කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉශාර සඳරුවන්ට හිමිව ඇත.

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය 

  • ඉශාර සඳරුවන් (නායක)
  • ගයාන්තිකා අබේරත්න 
  • නිමාලි ලියනාආරච්චි
  • තාරිකා ප්‍රනාන්දු 
  • චානුක සන්දීප
  • මොහොමඩ් සෆාන්
  • ෆසීල් උදයර්
  • විදූශා ලක්ශානි
  • හිමාශ ඒශාන්
  • අරුණ දර්ශන
  • නිලානි රත්නායක
  • ග්‍රේෂන් ධනංජය
  • ප්‍රසාද් විමලසිරි
  • සාරංගි සිල්වා 
  • නදීශා රාමනායක 
  • සුමේධ රණසිංහ
  • නදීකා ලක්මාලි 
  • උපමාලිකා රත්නකුමාරි

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<