සනී නොකී කතා!

162
©Getty Images

ඉන්දියාවෙන් බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු වූ සුනිල් ගවස්කාර් ගැන ඔබ නෑසූ කතා කිහිපයක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්කල් දුටු නවසීලන්ත ප්‍රාඥයා

1962 වසරේ සැප්තැම්බරයේ දිනක නවසීලන්ත ඕල්බ්ලැක්ස් ……

ගවස්කාර් ක්‍රිකට් ලෝකයට ලබා දුන් කනේ හිල.

සුනිල් ගවස්කාර් යනු ඉන්දියාවෙන් බිහි වූ අතිවිශිෂ්ටතම පිතිකරුවෙකි. නමුත් තීක්ෂණ දෑසක් හිමි ගවස්කාර්ගේ මාමා කෙනෙකු නොවන්නට සුනිල් ගවස්කාර් කෙනෙකු ක්‍රිකට් ලෝකයට බිහි නොවන්නට තිබුණි. ගවස්කාර් තමා කුඩා කල මුහුණ දුන් අපූරු අත්දැකීම විස්තර කරන්නේ මෙසේය.

“මම උපන් දවසේ නාරායන් මසුරේකාර් නම් මගේ මාමා රෝහලට පැමිණ තිබුණා මා බැලීමට. ඔහු නිරීක්ෂණය කර තිබුණා මගේ වම් කන් පෙත්තේ ඇති කුඩා සිදුරක්. දෙවැනි දවසේත් මා බැලීමට පැමිණි ඔහු බියෙන් තැතිගෙන තිබුණා. මගේ කනේ සිදුර මැකී ගොසින්. සියලු දෙනාම එක්වී මුළු රෝහලම පරීක්ෂා කර තිබුණා. අවසානයේ කනේ සිදුරක් ඇති දරුවෙකු ධීවර කාන්තාවක් ළඟ නිදාගෙන සිටිය දී සොයාගනු ලැබුවා. 

සියළුම දරුවන් ස්නානයට ගෙන ගිය පසු ඉහත කී ධීවර කාන්තාවගේ දරුවා සමඟ මා මාරුවීමක් සිදුවී තිබුණේ. තීක්ෂණ දෑසක් හිමි මගේ මාමා නොවන්නට අද වන විටත් මමත් ඉන්දියාවේ බටහිර වෙරළේ ධීවරයෙකු ලෙස කටයුතු කරන්නට සෑහෙන ඉඩ කඩක් තිබුණා”

මවගේ නාසය කඩා දැමූ සනී.

සුනිල් ගවස්කාර්ගේ කුඩා අවධියේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඔහුගේ මවය. නිවසේ තිබූ ඉතා කුඩා ඉඩකඩක් තමන්ගේ දෛනික ක්‍රිකට් තරගය සඳහා සුනිල් සහ මව තෝරාගෙන තිබුණි.

“මටත් මගේ මවටත් ක්‍රීඩා කිරීමට තිබුණේ ඉතාම කුඩා ඉඩක්. ඇත්තටම ඇයට පන්දු යවන්නට සිදු වුනේ බිම දණ ගහගෙන. ඉතා සෙමින් තමයි ඇයට පන්දුව යොමු කිරීමට සිදු වුණේත්.

දිනක් ඇය එවූ පන්දුවකට මා එල්ල කළ වේගවත් පහරක් ඉතා තදින් ඇගේ නාසයේ වැදුණා. අපි ක්‍රීඩා කළේ ටෙනිස් පන්දුවකින්. නමුත් ඒ පහරේ වේගයට සහ ඇය ඉතාම ආසන්නයේ සිටීම නිසා පහර වැදුණු හැටියේම ඇගේ නාසයෙන් නොකඩවා ලේ වහනය වෙන්න පටන් ගත්තා. 

නමුත් නාසය සෝදා දැමූ පසු ලේ ගලා ඒම නැවතුණ නිසා අපි ආයේ ක්‍රිකට් තරගය ආරම්භ කළා. එතැන් පටන් දවස පුරාවටම පෙර පාදයේ ආරක්ෂිත පහරෙන් තොර පහරක් එල්ල නොකිරීමට මම සෑහෙන වගබලා ගත්තා.”

ෂේන් වෝන්ට හිසරදයක් වූ ශ්‍රී ලාංකිකයා

ෂේන් වෝන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් ………

ඔබ ද කැප්ටන් මම ද කැප්ටන්?

“ඉන්දියාවේ එක්තරා පළමුපෙළ තරගයක් වෙනුවෙන් බටහිර කලාප කණ්ඩායම සහ දකුණු කලාප කණ්ඩායම තරග වැදී සිටියා.  මා නියෝජනය කලේ බටහිර කලාප කණ්ඩායම. තරගය අතරතුර බටහිර කලාප කණ්ඩායමේ නායක අජිත් වඩේකාර්ට පිටියෙන් ඉවත් වන්නට සිදු වුනා. උඩපන්දුවක් රැකගන්නට යෑමේ දී ඔහුගේ අතේ ඇඟිලි කරුවක් පැලී ගොස් තිබුණා.

අජිත්ට ප්‍රතිකාර ලබාගැනීමට වහාම පිටියෙන් ඉවත් වන්නට සිදු වුනා. ඒ අවස්ථාවේ නැගුණ ප්‍රශ්නය වුනේ අජිත්ගෙන් හිස්වූ නායකත්වය බාර ගන්නේ කවුද යන්නයි. මම ඒ වන විට මුම්බායි කණ්ඩායමේ උපනායකයා. එවකට මුම්බායි කණ්ඩායමේ නායකත්වය දැරුවේත් අජිත් වඩේකාර් විසින්.

අජිත්ට මුම්බායි කණ්ඩායමේ උපනායකයාව සිටින බැවින් මට වෙනසක් තේරුණේ නැහැ. මම එබැවින් බටහිර කලාප කණ්ඩායමේ නායකයා ලෙස පන්දුවාර තුනක් පමණ ක්‍රියා කළා. 

මොහොතක් යන්නට පෙර බටහිර කලාප කණ්ඩායමේ දොළොස්වැනි ක්‍රීඩකයා වහ වහා මා වෙත දිව ආවා. අජිත් වඩේකාර් ගෙන් හිස්වූ නායකත්වය කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයාට හිමි විය යුතු බවත් ඒ අනුව නායකත්වය හිමි විය යුත්තේ අශෝක් මන්කාඩ්ට බවත් ඔහු සඳහන් කළා.

ඇත්තටම මගේ ක්‍රිකට් ජීවිතයේ ලැජ්ජාවටම පත්වූ දවස එයයි. අශෝක් ඇත්තමට මහත්මයෙක් ලෙසින් මගේ තත්වය තේරුම් ගනිමින් මට සමාව දුන්නා. 

නමුත් විසිදාහකට අධික එදා තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා පිටියේ සිදු වූ වෙනස අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය වුනේ නැහැ. තවමත් එම සිදුවීම මතක් වන විට මට ඇතිවන්නේ විශාල ලැජ්ජාවක්.”

ෂේන් වෝන්ට හිසරදයක් වූ ශ්‍රී ලාංකිකයා

ෂේන් වෝන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් ……….

හයියෙන් ගහන්නකෝ සනී.

ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ විශාල කළු පැල්ලමක් ලෙසින් 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති සමාරම්භක තරගයේ දී සුනිල් ගවස්කාර් දියත් කළ මන්දගාමී ඉනිම හැඳින්විය හැකිය.

“මගේ ඉනිමේ දෙවැනි පන්දුව තරමක කෙටි පන්දුවක්. මගේ උත්සාහය වුනේ ස්කෙවෙයාර් කට් පහරක් එල්ල කරන්න. ජෙෆ් ආනෝල්ඩ් එල්ල කළ එම පන්දුව මග පිත්තේ යාන්තමින් දැවටෙමින් ගොස් කඩුලු රකින්නා විසින් රැක ගත්තා. නමුත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කිසිදු ඉල්ලීමක් කළේ නැහැ.

මම මේ ගැන ටෝනි ග්‍රේග් දැනුවත් කළා. කෙසේ හෝ එය ජෙෆ් ආනෝල්ඩ්ටත් දැනගන්නට ලැබී තිබුණා. හරියටම ඊට පසු පන්දුවාරයේත් ජෙෆ් ආනෝල්ඩ්ගේ පන්දුවකට මා එල්ල කළ කට් පහරක් කඩුලු රකින්නා අතට පත්වුණා. පිත්තත් පන්දුවත් අතර අඩියක පමණ පරතරයක් තිබුනත් එංගලන්ත කණ්ඩායම විශාල ඉල්ලීමක් කළා.

ටික වේලාවක් යද්දී මට හොඳින්ම තේරුණා මම එතරම් හොඳ පිතිකරණ රිද්මයක නොමැති බව. ඉන්දියානු ඉනිමේ විසිපස්වැනි පන්දුවාරයෙන් අනතුරුව තේ පානය සඳහා තරගය නතර කළ මොහොතේ මා අනෙකුත් ක්‍රීඩකයින්ට පැවසුවා මා කඩුල්ල  පූජා කර පැමිණෙන බව. නමුත් ඔවුන් සමහරෙක් පැවසුවේ මා කඩුල්ලේ රැඳී සිටිය යුතු බවත්, අනෙක් ක්‍රීඩකයින් මා වටා පන්දුවට පහර දිය යුතු බවකුත්.

මේ අතර ප්‍රේක්ෂකාගරයේ සිටි ඇතැම් ක්‍රීඩාලෝලීන් අතිශය කේන්තියට පත්ව සිටියා. ඇතැමෙකු තමන් බොමින් සිටි බීර කෑන් පොළොවේ ගසමින් තම විරෝධය ප්‍රකාශ කළා. ඇත්තටම එංගලන්ත පන්දු යවන්නන් නිසි තැනට පන්දුව යොමු කරමින් මා දැඩි අපහසුතාවයකට පත් කළා.

එම ඉනිමේ ඉතාම පහසු උඩපන්දු තුනක් එංගලන්ත පන්දු රකින්නන් විසින් අත් හරිනු ලැබුවා. ඇතැම් විටෙක මා කඩුල්ල විවෘත කරමින් ක්‍රීඩා කළේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වදීවි යන බලාපොරොත්තුව ඇතිව. නමුත් එවැන්නක් සිදු වුනෙත් නැහැ. 

පන්දුවාර හැටක් ක්‍රීඩා කරමින් ලකුණු 36ක් ලබා ගැනීමට කිසිම ලෙසකින් ක්‍රීඩකයෙකුට සමාව ලබා දීමට නොහැකියි. තරගයෙන් අනතුරුව කණ්ඩායම් කළමනාකාරවරයා මගෙන් ඒ ආකාරයෙන් පන්දුවට පහර දීමට හේතුව කුමක්ද කියා විමසීමක් ද කළා”

සුනිල් ගවස්කාර්ගේ Sunny Days චරිතාපදානය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<