ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය බංග්ලාදේශයේ කොක්ස් බසාර් ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (05) නිමා විය.
ජෙහාන්ගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්
ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට්…..
තරගයේ පළමු දින දෙක පුරාවටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර අද දිනය ද වර්ෂාවේ බාධා එල්ල වීම් හමුවේ ආරම්භ වූයේ මද වේලාවක ප්‍රමාදයකින් අනතුරුවයි.
තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනට තරගය නවතන විට කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලබා සිටි අතර දිනය අවසානයේ නොදැවී පන්දුවට පහර දෙමින් පිටියේ රැඳී සිටි නජ්මුල් හොසේන් ශන්ටෝ සහ අෆිෆ් හොසේන් පිළිවෙළින් ලකුණු 26ක් සහ 16ක් ලබා සිටියේය.
තෙවැනි දිනය අරඹමින් තැන්පත් ආරම්භයක් ලබා ගත් අෆීෆ් – නජ්මුල් යුගලය කෙමෙන් කෙමෙන් පිටියේ ස්ථාවර වෙමින් විශාල පහරවල් කරා ද ගොස් ලකුණු රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ආක්‍රමණශීලී පිතිහරඹයක් දියත් කරමිනි.
හතරේ පහරවල් 11කින් සහ හයේ පහරවල් 2කින් සමන්විත වූ අෆීෆ්ගේ ඉනිම තරගයේ කැපී පෙනුණු ඉනිම පත්වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් නායක ශන්ටෝ හතරේ පහරවල් 10කින් සහ හයේ පහරවල් 3කින් තම ඉනිම වර්ණවත් කළේ නායකත්වයේ ඉනිමක් දියත් කරමිනි.
දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 88ක් සහ අෆිෆ් හොසේන් ලකුණු 100ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේ ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුණු 187ක සබඳතාවයක් පවත්වා ගනිමිනි.
අද දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 43ක් පිතිකරණයේ යෙදුණු අතර ඒ කාලසීමාව අතරවාරයේ කණ්ඩායමේ ලකුණු පුවරුව 208/3ක් දක්වා රැගෙන ගියේ අද දිනය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි.
පන්දු යැවීමේ දී ජෙහාන් ඩැනියෙල් ලකුණු 28කට කඩුලු 2ක් ද, මොහොමඩ් ෂිරාස් ලකුණු 41කට එක් කඩුල්ලක් ද දවා ගනු ලැබීය. තරගයේ සිව්වැනි සහ අවසන් දිනය හෙටයි (06).
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Saif Hassan | c Nishan Peiris b Mohamed Shiraz | 4 | 10 | 1 | 0 | 40.00 |
Aminul Islam | b Jehan Daniel | 9 | 31 | 1 | 0 | 29.03 |
Najmul Hossain Shanto | not out | 88 | 173 | 10 | 3 | 50.87 |
Yasir Ali | c Minod Bhanuka b Jehan Daniel | 0 | 4 | 0 | 0 | 0.00 |
Afif Hossain | not out | 100 | 180 | 11 | 2 | 55.56 |
Extras | 7 (b 1 , lb 3 , nb 2, w 1, pen 0) |
Total | 208/3 (66 Overs, RR: 3.15) |
Fall of Wickets | 1-6 (1.6) Saif Hassan, 2-21 (11.2) Aminul Islam, 3-21 (11.6) Yasir Ali, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 14 | 4 | 31 | 0 | 2.21 | |
Mohamed Shiraz | 18 | 4 | 41 | 1 | 2.28 | |
Jehan Daniel | 11 | 6 | 28 | 2 | 2.55 | |
Nishan Peiris | 13 | 1 | 63 | 0 | 4.85 | |
Amila Aponso | 10 | 0 | 41 | 0 | 4.10 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<