අද (24) දිනයේ දී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පළමු ඉනිමේ කොඳුනාරටිය බවට පත්වෙමින් ශතකයකින් පී. සරා ඕවල් පිටිය අලංකාරවත් කරද්දී, ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 244ට පිළිතුරු ලෙස නවසීලන්තය වෙනුවෙන් සටන්කාමී පිතිකරණයක නිරත වෙන ටොම් ලේතම් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට නොදැවී ලකුණු 111*ක් රැස්කරගෙන සිටියි.
දිමුත් සහ ධනංජය වැස්සේ රජ වෙයි
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන…
උදෑසන 9.45ට ආරම්භ වූ අද දිනයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දකුණතින් පිතිකරණයේ නිරත වන ධනංජය ද සිල්වා හා දිල්රුවන් පෙරේරා යි. ඔවුන් දෙදෙනා අද දිනය තුල තවත් ලකුණු 27ක් එකතු කරමින් ශ්‍රී ලංකා ලකුණු සටහන තවදුරටත් සවිමත් කළේ 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩනංවමිනි. එය ශ්‍රී ලංකා මුල් ඉනිමේ වාර්තා වූ හොඳම තෙවැනි සබඳතාවය බවට පත්වූ අතර එම සබඳතාවය නිමා වූයේ දිල්රුවන් ලකුණු 13කට දැවී යාමත් සමඟයි.
අනතුරුව පිටියට පැමිණි සුරංග ලක්මාල් හා එක්වූ ධනංජය 8 වැනි කඩුල්ල සඳහා ද සෙමින් සීරුවේ ලකුණු 43ක සබඳතාවයක් එක් කළේය. ටිම් සවුති ඇතුළු නවසීලන්ත වේගපන්දු යවන්නන් එවූ බවුන්සර් පන්දු කිහිපයක් ලක්මාල්ගේ දකුණු උරහිසේ වැදුණු අතර ඉන් පන්දු කිහිපයකට පසුව ඔහුගේ කඩුල්ල දවා ගන්නට (10) සවුතිට අවස්ථාව උදා විය.
ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාම දැවී යන විට අනෙක් අන්තයේ ස්ථාවර වෙමින් කඩුල්ලේ රැඳී සිටි ධනංජය ලකුණු 94ක් ලබාගෙන සිටි අතර අවසන් පිතිකරු ලෙස පිටියට පැමිණි ලහිරු කුමාර සිය අන්තය රැකගනිමින් ධනංජයට සිය ශතකය වෙත යාමට අවශ්‍ය මඟ සකස් කර දුන්නේ. තෙවැනි දිනයේ උදෑසන කාලය තුල ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 100ක් ලබා ගත් අතර ඉන් ලකුණු 77ක්ම බැර වූයේ ධනංජය ද සිල්වාගේ ලකුණු ගිණුමටයි.
සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5 වැනි ශතකය රැස්කරගත් ධනංජය අද දිනයේ දී නැවතත් ශතකයක් වාර්තා කළේ ටෙස්ට් ඉනිම් 27කට පසුව වීම ද සුවිශේෂී වේ.
නවසීලන්තය වෙනුවෙන් සවුති කඩුලු 4ක් දවා ගන්නා විට, ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, අජාස් පටෙල් හා විලියම් සමර්විල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් රැසක්
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක් හා…
නවසීලන්තය සිය පිළිතුරු පළමු ඉනිම ආරම්භ කළ අතර දිවා ආහාරය සඳහා තරගය නවතා දමන විට ඔවුන් කිසිවෙක් නොදැවී එක් ලකුණක් ලබාගෙන තිබුණි. දිවා ආහාරයට පසුව ක්‍රියාත්මක වුනු දෙවන පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම ජීට් රවාල් (0) දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් විය.
ගාලු තණතීරුවේ ඉනිම් දෙක තුලම අසාර්ථක වූ නවසීලන්ත නායක කේන් විලියම්සන්, පිට ඉන්නට තරමක් ඉවත පතිත කරමින් කුමාර එවූ පන්දුවකට දෙවන ස්ලිප් කලාපයේ රැඳී සිටි කුසල් මෙන්ඩිස්ගේ අතට උඩපන්දුවක් ලබා දෙමින්, තමා මුහුණ දුන් 28 වැනි පන්දුවේ දී දැවී ගියේ, පුහුණුවීම් අතරතුර ස්ලිප් ක්‍රීඩකයින්ට උඩපන්දු රැකගැනීමට අවස්ථාවක් ලබාදෙන ආකාරයේ පහරක් එල්ල කරමිනි.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලේතම් හා පිටියේ එක්වූ අත්දැකීම් බහුල ක්‍රීඩක රෝස් ටේලර් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සෙමින් සීරුවේ ස්ථාවර වෙමින් පන්දු 81ක් තුල අර්ධ ශතක සබඳතාවයක් වාර්තා කරගත්තේය. ලහිරු කුමාර එවූ පන්දුවක් කඩුලු රකිමින් සිටි දික්වැල්ලගේ අතේ වැදීම නිසා නවසීලන්ත ඉනිමේ 15 වැනි පන්දුවාරයෙන් පසුව තෙවැනි දිනය අවසන් වන තෙක් කඩුලු රැකීම සිදු කළේ දිනේෂ් චන්දිමාල් විසිනි.
නවසීලන්ත මැදපෙළ ප්‍රබල බලාපොරොත්තුවක් වූ ටේලර්ගේ ඉනිම අවසන් කිරීමට වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. ඒ වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන තිබුණි. නවසීලන්ත ආරම්භක පිතිකරු ලේතම් නවසීලන්ත ඉනිම එක අන්තයකින් ස්ථාවර කරමින් ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වන විට , හෙන්රි නිලක්ස්ගේ ඉනිම ලකුණු 15කට සීමා කළ දිල්රුවන් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ කරන ලදි.
>>Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 3<<
තරගයේ පළමු දින දෙක මෙන් නොව අද දිනයේ දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූයේ මිනිත්තු 20ක කාලයක් පමණි. ලකුණු 126කට කඩුලු 4ක් දැවී ගොස් සිටි නවසීලන්ත ඉනිම, ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යාමට හැකි මට්ටමකට ගෙන ආවේ 5 වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 70*ක සබඳතාවයක් එකතු කළ ලේතම් – වොට්ලින්ග් සබඳතාවයයි.
අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 196ක් රැස්කරගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 86ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින ලේතම් 4 පහර 10ක් එල්ල කරමින් ලකුණු 111*ක් ලබාගෙන සිටින අතර බී. ජේ. වොට්ලින්ග් ලකුණු 25*යි.
පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ලකුණු 76කට කඩුලු 2ක් දවා ගන්නා විට ලහිරු කුමාර හා ලසිත් ඇඹුල්දෙණිය අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
තරගයේ ලකුණු සටහන
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | c BJ Watling b Tim Southee | 65 | 165 | 6 | 0 | 39.39 |
Lahiru Thirimanne | c Kane Williamson b William Somerville | 2 | 35 | 0 | 0 | 5.71 |
Kusal Mendis | c BJ Watling b Colin de Grandhomme | 32 | 70 | 4 | 0 | 45.71 |
Angelo Mathews | c BJ Watling b Trent Boult | 2 | 29 | 0 | 0 | 6.90 |
Kusal Perera | lbw b Trent Boult | 0 | 4 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | b Trent Boult | 109 | 148 | 16 | 2 | 73.65 |
Niroshan Dickwella | c BJ Watling b Tim Southee | 0 | 3 | 0 | 0 | 0.00 |
Dilruwan Perera | lbw b Ajaz Patel | 13 | 54 | 1 | 0 | 24.07 |
Suranga Lakmal | c BJ Watling b Tim Southee | 10 | 24 | 1 | 0 | 41.67 |
Lasith Embuldeniya | lbw b Tim Southee | 0 | 2 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 5 | 11 | 0 | 0 | 45.45 |
Extras | 6 (b 1 , lb 2 , nb 3, w 0, pen 0) |
Total | 244/10 (90.2 Overs, RR: 2.7) |
Fall of Wickets | 1-29 (14.4) Lahiru Thirimanne, 2-79 (32.3) Kusal Mendis, 3-93 (41.1) Angelo Mathews, 4-93 (41.5) Kusal Perera, 5-130 (57.3) Dimuth Karunaratne, 6-130 (57.6) Niroshan Dickwella, 7-171 (74.5) Dilruwan Perera, 8-214 (83.5) Suranga Lakmal, 9-224 (85.1) Lasith Embuldeniya, 10-244 (90.2) Dhananjaya de Silva, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Trent Boult | 22.2 | 6 | 75 | 3 | 3.38 | |
Tim Southee | 29 | 7 | 63 | 4 | 2.17 | |
Colin de Grandhomme | 17 | 3 | 35 | 1 | 2.06 | |
William Somerville | 6 | 3 | 20 | 1 | 3.33 | |
Ajaz Patel | 16 | 4 | 48 | 1 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jeet Raval | c Dhananjaya de Silva b Dilruwan Perera | 0 | 9 | 0 | 0 | 0.00 |
Tom Latham | lbw b Dilruwan Perera | 154 | 251 | 15 | 0 | 61.35 |
Kane Williamson | c Kusal Mendis b Lahiru Kumara | 20 | 28 | 2 | 0 | 71.43 |
Ross Taylor | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 23 | 43 | 3 | 0 | 53.49 |
Henry Nicholls | c Dhananjaya de Silva b Dilruwan Perera | 15 | 46 | 0 | 0 | 32.61 |
BJ Watling | not out | 105 | 226 | 4 | 0 | 46.46 |
Colin de Grandhomme | c Lahiru Kumara b Lasith Embuldeniya | 83 | 77 | 5 | 5 | 107.79 |
Tim Southee | not out | 24 | 10 | 2 | 2 | 240.00 |
Extras | 7 (b 0 , lb 4 , nb 0, w 3, pen 0) |
Total | 431/6 (115 Overs, RR: 3.75) |
Fall of Wickets | 1-1 (3.1) Jeet Raval, 2-34 (12.5) Kane Williamson, 3-84 (26.2) Ross Taylor, 4-126 (42.3) Henry Nicholls, 5-269 (85.3) Tom Latham, 6-382 (110.2) Colin de Grandhomme, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilruwan Perera | 37 | 4 | 114 | 3 | 3.08 | |
Dhananjaya de Silva | 5 | 1 | 10 | 0 | 2.00 | |
Suranga Lakmal | 11 | 2 | 32 | 0 | 2.91 | |
Lahiru Kumara | 25 | 0 | 115 | 1 | 4.60 | |
Lasith Embuldeniya | 37 | 4 | 156 | 2 | 4.22 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | run out (Ajaz Patel) | 0 | 5 | 0 | 0 | 0.00 |
Kusal Perera | c BJ Watling b Trent Boult | 0 | 3 | 0 | 0 | 0.00 |
Kusal Mendis | b William Somerville | 20 | 63 | 3 | 0 | 31.75 |
Angelo Mathews | c Ross Taylor b Colin de Grandhomme | 7 | 30 | 0 | 0 | 23.33 |
Dhananjaya de Silva | c Tim Southee b Ajaz Patel | 1 | 19 | 0 | 0 | 5.26 |
Niroshan Dickwella | c Tom Latham b Ajaz Patel | 51 | 161 | 4 | 0 | 31.68 |
Dimuth Karunaratne | lbw b Tim Southee | 21 | 70 | 2 | 0 | 30.00 |
Dilruwan Perera | c Ross Taylor b Tim Southee | 0 | 12 | 0 | 0 | 0.00 |
Suranga Lakmal | c Tom Latham b William Somerville | 14 | 45 | 2 | 1 | 31.11 |
Lasith Embuldeniya | c Kane Williamson b Trent Boult | 5 | 11 | 0 | 0 | 45.45 |
Lahiru Kumara | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 0 , lb 2 , nb 0, w 1, pen 0) |
Total | 122/10 (70.2 Overs, RR: 1.73) |
Fall of Wickets | 1-0 (0.5) Lahiru Thirimanne, 2-4 (2.2) Kusal Perera, 3-11 (11.3) Angelo Mathews, 4-22 (18.3) Dhananjaya de Silva, 5-32 (21.5) Kusal Mendis, 6-73 (43.5) Dimuth Karunaratne, 7-75 (47.4) Dilruwan Perera, 8-115 (65.3) Suranga Lakmal, 9-118 (69.3) Niroshan Dickwella, 10-122 (70.2) Lasith Embuldeniya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Trent Boult | 14.2 | 8 | 17 | 2 | 1.20 | |
Tim Southee | 12 | 6 | 15 | 2 | 1.25 | |
Ajaz Patel | 19 | 3 | 31 | 2 | 1.63 | |
Colin de Grandhomme | 4 | 1 | 8 | 1 | 2.00 | |
William Somerville | 21 | 6 | 49 | 2 | 2.33 |
තරගය හෙට (25) සිව්වැනි දිනයටත් පැවැත්වෙන අතර විනිසුරුවරුන් විසින් උදෑසන 9.45ට තරගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<