විශ්ව විද්‍යාල කණ්ඩායම් 10කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත “ICBT රග්බි ශූරතා තරගාවලිය” මේ මස 24 වැනි සෙනසුරාදා දින කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.
වෙස්ලි හඬවමින් ඉසිපතනයට ජයපැන්!
2019 මයිලෝ වයස අවුරුදු 16න් පහළ දස සාමාජික තරගාවලියේ ශූරතාවයේ අවසන් මහා තරගය අද (10)…
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (13) ICBT ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. මේ සඳහා ICBT ආයතනයේ ගරු සභාපති ආචාර්ය ජගත් අල්විස්, ICBT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සහ විධායක පීඨාධිපති සම්පත් කන්නංගර, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න, තරගාවලි අධ්‍යක්ෂක ඩිලරෝයි ප්‍රනාන්දු හා ICBT ආයතනයේ අලෙවිකරණ අධ්‍යක්ෂක අනුර ගමගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්වී සිටියහ.
එහි දී අදහස් දක්වමින් ආචාර්ය ජගත් අල්විස් ප්‍රකාශ කර සිටියේ “ඉදිරි වසර තුළ දී අප තවත් විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන මෙම තරගාවලිය තවත් හොඳින් කරන්නට බලාපොරොත්තු වෙනවා, ඒ වගේම අප මේ වසරේ දී දිවයිනේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ක්‍රීඩකයින්ගේ හා සියලුම දෙනාගේ ආරක්ෂාව ගැන සිතමින් පිටරට විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගැනීම නැවැත්වුවා. නමුත් අපි බලාපොරොත්තු වනවා ලබන වර මෙය තවත් හොඳින් කරන්නට” යනුවෙනි.
හැව්ලොක් ක්‍රීඩකයෙක් කණ්ඩායම හැර යයි
හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ දිනුක් අමරසිංහ එළඹෙන තරග වාරය වෙනුවෙන් CR&FC…
තරගාවලි අධ්‍යක්ෂක ලෙස පත් කර තිබූ හිටපු ප්‍රධාන රග්බි විනිසුරුවකු වූ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා පැවසුවේ රටේ රග්බි ක්‍රීඩාව නගා සිටුවීමට මෙවැනි තරගාවලි වැඩි වශයෙන් ඉවහල් වන බවයි.
එසේම මෙහි දී තම අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ රග්බි තරගාවලි අතරතුර දී ක්‍රීඩකයින්ගේ විනය ඉතා ඉහළ මට්ටමකින් තබා ගත යුතු බවත් එතුළින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ තත්වය ද ඉහළ නැංවිය හැකි බවත්ය.
සහභාගී වන විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙසේයි.
A කාණ්ඩය | B කාණ්ඩය |
ICBT | NSBM |
ANC | JOHN KOTHALAWALA
DEFENCE UNIVERSITY |
SLIIT | ROYAL INSTITUTE |
SLIM | ICBT KANDY |
MERCURY INSTITUTE | MORATUWA UNIVERSITY |
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<