ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට දරුණු පරාජයක් උරුම කර දෙමින් අවසන් වන්නට තිබූ පළමු සිව්දින ටෙස්ට් තරගය මේ වනවිට පත්ව ඇත්තේ අතිශයින්ම උණුසුම් සටනක් බවටයි. ඒ අද (20) ලසිත් ඇඹුල්දෙණිය සහ අසිත ප්‍රනාන්දු පෙන්වූ සුපිරි පන්දුකරණයත්, ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් දැක්වූ විශ්වාසනීයත්වයත් නිසාවෙනි. ඒ අනුව හෙට දිනයේ දක්වන සාර්ථකත්වය මත මෙම තරගයේ තීරණය කණපිට හරවමින් ජයග්‍රහණයකින් අවසන් කරන්නට ද ශ්‍රී ලංකා පිළට අවස්ථාවක් උදාවී ඇත.
බිඳ වැටුණු ඉනිම ගොඩ ගන්නට නිශාන් පීරිස් හුදෙකලා සටනක!
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට…
අද තෙවැනි දිනය සඳහා තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා නැගී එන පිළ සිටියේ අන්ත අසරණ තත්වයකයි. මන්ද ලකුණු 382ක් වූ දකුණු අප්‍රිකානු පළමු ඉනිම පසුපස ලුහුබඳින්නට උත්සාහ කළ ඔවුන්ගේ කඩුලු 9ක්ම ලකුණු 230ක් තුල ඩැහැ ගන්නට ප්‍රතිවාදීන් සමත්කම් දැක්වූ බැවිනි. එබැවින් අද දිනය තුල තවදුරටත් දකුණු අප්‍රිකානු ආධිපත්‍යයට මෙම තරගය නතුවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.
එබැවින් දිනය ආරම්භ වී වැඩි වේලාවක් යන්නට පෙර ශ්‍රී ලංකා ඉනිම අවසන් කර දමමින් දකුණු අප්‍රිකානුවන් උත්සාහ දැරුවේ ශ්‍රී ලංකාවට ලඟා වන්නට නොහැකි අන්දමේ ඉලක්කයක් ලබා දීමටයි. නමුත් අද ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ සිට තරග ප්‍රතිඵලය ආපසු හැරවීමේ මෙහෙයුම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජැන්මන් මාලන්ව ලකුණු 2කට දවා ගනිමින් සටන ආරම්භ කළහ. එම කඩුල්ල හිමිවූයේ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටයි.
මිශාරගේ දස්කම් සමඟින් කොළඹ අපරාජිතව ඊළඟ වටයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (19) රංගිරි…
වේග පන්දු යවන්නෙකු පළමු පන්දුවාරයේම කඩුල්ලක් දවා ගත්තද ඊලඟ පන්දුවාරයේ පෙරළිකාර තීරණයක් ගත් නායක චරිත් අසලංක නව පන්දුව ලසිත් ඇඹුල්දෙණියට භාර කරන්නේ බොහෝ බලාපොරොත්තු ඔහු ගැන තබාගෙනයි. එම බලාපොරොත්තු වලට උපරිම සාධාරණය ඉටුකළ ඇඹුල්දෙණිය වැඩි කල් නොයවාම ජේසන් ස්මිත් සහ සිබනෙලෝ මකන්යා පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා පිළ නැවතත් තරගයට කැඳවමිනි.
එතකින් නොනැවතුනු ඔහු පළමු ඉනිමේ ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා පිළට ලොකුම හිසරදය වූ මැතිව් බ්රීස්කිව ක්‍රීඩාගාරයට පිටත් කර හැරියේ ඔහු ලකුණු 14ක් ලබා සිටියදීයි. ඒ අනුව 25 හැවිරිදි වමත් පිතිකරු කයිල් සිමන්ඩ්ස් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් රැස් කිරීමට අද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුනේ නැත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකා පිළ ලකුණු 86ක් වෙද්දී මුල්පෙළ දකුණු අප්‍රිකානු පිතිකරුවන් සත් දෙනෙකුම දවා ගත්තද පසුපෙළ පිතිකරුවන් එක් වී දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 189ක් කරා ඉහළ නැංවීමයි.
දුෂ්ටයා වීරයා වෙයි!
ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දහස් ගණනක් නවසීලන්ත හදවත් බිඳිමින් ලෝක කුසලානය එංගලන්තයට රැගෙන ගිය….
එසේ නොවන්නට තරගය මීටත් වඩා දෙපිළටම විවෘත වන්නට ඉඩ තිබුණි. සිමන්ඩ්ස්ට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ මාර්කෝ ජැන්සන් අද පන්දු 44කින් ලකුණු 49ක් රැස්කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟයි. කෙසේවෙතත් සමස්ථ ශ්‍රී ලංකා පන්දු යැවීම දෙස බැලීමේදී සතුටු විය හැකි කාරණා රැසක් තිබූ අතර ඉන් මුල් තැනක් ගත්තේ ආබාධය සුවවීමෙන් පසු ක්ෂණිකව දක්ෂතා අතරට පැමිණි ලසිත් ඇඹුල්දෙණිය අද ලකුණු 74ට කඩුලු 5ක් බිඳ දැමීමයි. මීට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකා පිළ තම දෙවැනි ඉනිම ඇරඹුවේ ලකුණු 330ක් වැනි බලාපොරොත්තුවක් හෝ තැබිය හැකි ඉලක්කයක් හඹායාමේ බලාපොරොත්තු ඇතිවයි. එහිදී ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාද තම වගකීම වටහා ගනිමින් පිත්ත හැසිරවූ අයුරු ප්‍රශංසනීය විය. පළමු කඩුල්ල වෙනුවෙන් හසිත බෝයගොඩ සහ මිනෝද් භානුක අතරේ සබඳතාවය ලකුණු 74ක් විය. හසිත බෝයගොඩ අද ලකුණු 33ක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා පිළේ ප්‍රථම කඩුල්ල ලෙසයි.
ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වෙනස් වෙයි!
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ නායක…
ප්‍රථම ඉනිමේ මුල්ම පන්දුවේ දී දැවී යමින් තම වගකීම ඉටු කරගත නොහැකි වූ මිනෝද් භානුක අද තම වරද නිවැරදි කර ගත්තේ දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 80ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකා පිළට දැවැන්ත සහනයක් ගෙනදුන් මෙම ඉනිමට මනරම් හතරේ පහර 11ක් ඇතුළත් විය. ඔහු සමඟ අද දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 71ක සබඳතාවයක් ගොඩ නගා සිටින පැතුම් නිස්සංක මේ වනවිට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 25කි. ඔහුගේ ඉනිමට මේ දක්වා එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් ඇතුළත්ව තිබේ.
ඒ අනුව මෙම තීරණාත්මක ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා නැගී එන පිළ කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 186ක් පිටුපසින් පසුවෙයි. ශ්‍රී ලංකාව සතුව තවත් නම ගිය යොවුන් පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටින නිසා හෙට දිනය තුල ජයග්‍රහණයක් වෙනුවෙන් පියවර එසවීමටද ඔවුන්ට මේ වනවිට ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇත. නමුත් එය සිතූ තරම් පහසු නොවන බව අනුමාන කළ හැක්කේ දකුණු අප්‍රිකානු තණතිලි මතදීම ඔවුන්ව පරාජය කර ටෙස්ට් ජයක් ලැබීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවන බැවිනි.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Janneman Malan | b Mohamed Shiraz | 75 | 93 | 12 | 1 | 80.65 |
Matthew Breetzke | c Minod Bhanuka b Chamika Karunarathne | 114 | 187 | 10 | 0 | 60.96 |
Raynard van Tonder | c Kamindu Mendis b Asitha Fernando | 69 | 117 | 6 | 0 | 58.97 |
Jason Smith | c Mohamed Shiraz b Lasith Embuldeniya | 1 | 12 | 0 | 0 | 8.33 |
Sibonelo Makhanya | c Minod Bhanuka b Nishan Peiris | 22 | 42 | 2 | 0 | 52.38 |
Sinethemba Qeshile | b Lasith Embuldeniya | 20 | 34 | 3 | 0 | 58.82 |
Dayyaan Galiem | lbw b Mohamed Shiraz | 28 | 43 | 4 | 0 | 65.12 |
Kyle Simmonds | lbw b Nishan Peiris | 4 | 17 | 0 | 0 | 23.53 |
M Jansen | c Charith Asalanka b Lasith Embuldeniya | 3 | 8 | 0 | 0 | 37.50 |
Nandre Burger | c Pathum Nissanka b Asitha Fernando | 9 | 42 | 1 | 0 | 21.43 |
Tladi Bokako | not out | 14 | 6 | 2 | 1 | 233.33 |
Extras | 23 (b 10 , lb 8 , nb 5, w 0, pen 0) |
Total | 382/10 (99.2 Overs, RR: 3.85) |
Fall of Wickets | 1-145 (33.1) Janneman Malan, 2-259 (61.6) Matthew Breetzke, 3-266 (64.5) Jason Smith, 4-288 (69.6) Raynard van Tonder, 5-318 (78.2) Sibonelo Makhanya, 6-328 (81.1) Sinethemba Qeshile, 7-339 (86.2) Kyle Simmonds, 8-348 (89.3) M Jansen, 9-368 (96.6) Dayyaan Galiem, 10-382 (99.2) Nandre Burger, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 18.2 | 3 | 63 | 2 | 3.46 | |
Mohamed Shiraz | 15 | 4 | 63 | 2 | 4.20 | |
Lasith Embuldeniya | 31 | 2 | 120 | 3 | 3.87 | |
Chamika Karunarathne | 11 | 1 | 40 | 1 | 3.64 | |
Nishan Peiris | 24 | 1 | 82 | 2 | 3.42 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Minod Bhanuka | c Raynard van Tonder b Kyle Simmonds | 0 | 1 | 0 | 0 | 0.00 |
Hasitha Boyagoda | lbw b Kyle Simmonds | 40 | 52 | 7 | 0 | 76.92 |
Pathum Nissanka | lbw b Tladi Bokako | 7 | 5 | 1 | 0 | 140.00 |
Charith Asalanka | b Kyle Simmonds | 56 | 84 | 6 | 2 | 66.67 |
Ashen Bandara | c Nandre Burger b Kyle Simmonds | 10 | 14 | 1 | 0 | 71.43 |
Kamindu Mendis | lbw b M Jansen | 33 | 54 | 5 | 0 | 61.11 |
Chamika Karunarathne | b Nandre Burger | 27 | 49 | 5 | 0 | 55.10 |
Nishan Peiris | not out | 52 | 56 | 8 | 2 | 92.86 |
Lasith Embuldeniya | lbw b M Jansen | 0 | 2 | 0 | 0 | 0.00 |
Asitha Fernando | b Nandre Burger | 0 | 11 | 0 | 0 | 0.00 |
Mohamed Shiraz | c & b Nandre Burger | 12 | 37 | 2 | 0 | 32.43 |
Extras | 4 (b 1 , lb 3 , nb 0, w 0, pen 0) |
Total | 241/10 (60.5 Overs, RR: 3.96) |
Fall of Wickets | 1-0 (0.1) Minod Bhanuka, 2-7 (1.2) Pathum Nissanka, 3-89 (16.5) Hasitha Boyagoda, 4-111 (24.1) Ashen Bandara, 5-116 (28.3) Charith Asalanka, 6-176 (42.6) Chamika Karunarathne, 7-176 (43.1) Kamindu Mendis, 8-176 (43.3) Lasith Embuldeniya, 9-185 (46.6) Asitha Fernando, 10-241 (60.5) Mohamed Shiraz, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kyle Simmonds | 19 | 4 | 88 | 4 | 4.63 | |
Tladi Bokako | 5 | 0 | 24 | 1 | 4.80 | |
Nandre Burger | 13.5 | 3 | 58 | 3 | 4.30 | |
M Jansen | 14 | 8 | 32 | 2 | 2.29 | |
Dayyaan Galiem | 8 | 1 | 28 | 0 | 3.50 | |
Matthew Breetzke | 1 | 0 | 7 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Janneman Malan | c Nishan Peiris b Asitha Fernando | 1 | 2 | 0 | 0 | 50.00 |
Matthew Breetzke | lbw b Lasith Embuldeniya | 14 | 35 | 1 | 0 | 40.00 |
Jason Smith | b Lasith Embuldeniya | 2 | 11 | 0 | 0 | 18.18 |
Sibonelo Makhanya | c Minod Bhanuka b Lasith Embuldeniya | 5 | 4 | 1 | 0 | 125.00 |
Sinethemba Qeshile | lbw b Chamika Karunarathne | 31 | 38 | 7 | 0 | 81.58 |
Raynard van Tonder | lbw b Nishan Peiris | 17 | 48 | 1 | 0 | 35.42 |
Dayyaan Galiem | lbw b Lasith Embuldeniya | 0 | 3 | 0 | 0 | 0.00 |
Kyle Simmonds | c Minod Bhanuka b Asitha Fernando | 50 | 44 | 5 | 2 | 113.64 |
M Jansen | b Lasith Embuldeniya | 49 | 44 | 7 | 2 | 111.36 |
Nandre Burger | c Hasitha Boyagoda b Asitha Fernando | 16 | 12 | 2 | 0 | 133.33 |
Tladi Bokako | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0) |
Total | 189/10 (39.4 Overs, RR: 4.76) |
Fall of Wickets | 1-2 (0.5) Janneman Malan, 2-14 (5.1) Jason Smith, 3-20 (5.6) Sibonelo Makhanya, 4-29 (9.6) Matthew Breetzke, 5-62 (18.4) Sinethemba Qeshile, 6-63 (19.4) Dayyaan Galiem, 7-86 (25.2) Raynard van Tonder, 8-151 (34.6) Kyle Simmonds, 9-183 (38.6) Nandre Burger, 10-189 (39.4) M Jansen, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 9 | 0 | 47 | 3 | 5.22 | |
Lasith Embuldeniya | 15.4 | 2 | 74 | 5 | 4.81 | |
Chamika Karunarathne | 6 | 2 | 16 | 1 | 2.67 | |
Mohamed Shiraz | 3 | 0 | 12 | 0 | 4.00 | |
Nishan Peiris | 6 | 0 | 39 | 1 | 6.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasitha Boyagoda | c Sibonelo Makhanya b Kyle Simmonds | 33 | 49 | 7 | 0 | 67.35 |
Minod Bhanuka | c Sinethemba Qeshile b Tladi Bokako | 89 | 134 | 12 | 0 | 66.42 |
Pathum Nissanka | c Sinethemba Qeshile b Dayyaan Galiem | 47 | 117 | 3 | 1 | 40.17 |
Charith Asalanka | b M Jansen | 9 | 17 | 0 | 0 | 52.94 |
Ashen Bandara | c Sinethemba Qeshile b Tladi Bokako | 1 | 6 | 0 | 0 | 16.67 |
Kamindu Mendis | lbw b Nandre Burger | 17 | 31 | 2 | 0 | 54.84 |
Chamika Karunarathne | lbw b Nandre Burger | 10 | 22 | 1 | 0 | 45.45 |
Nishan Peiris | b Nandre Burger | 25 | 57 | 2 | 0 | 43.86 |
Mohamed Shiraz | c Sinethemba Qeshile b M Jansen | 49 | 96 | 7 | 0 | 51.04 |
Lasith Embuldeniya | c Sinethemba Qeshile b Tladi Bokako | 7 | 35 | 1 | 0 | 20.00 |
Asitha Fernando | not out | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 15 (b 8 , lb 4 , nb 3, w 0, pen 0) |
Total | 302/10 (94.1 Overs, RR: 3.21) |
Fall of Wickets | 1-74 (15.6) Hasitha Boyagoda, 2-159 (42.3) Minod Bhanuka, 3-170 (47.1) Charith Asalanka, 4-173 (48.6) Ashen Bandara, 5-201 (57.2) Pathum Nissanka, 6-207 (60.6) Kamindu Mendis, 7-214 (62.5) Chamika Karunarathne, 8-272 (80.6) Nishan Peiris, 9-302 (93.2) Mohamed Shiraz, 10-302 (94.1) Lasith Embuldeniya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nandre Burger | 16 | 7 | 38 | 3 | 2.38 | |
Tladi Bokako | 21.1 | 4 | 70 | 3 | 3.32 | |
Dayyaan Galiem | 15 | 2 | 37 | 1 | 2.47 | |
M Jansen | 17 | 2 | 58 | 2 | 3.41 | |
Kyle Simmonds | 22 | 0 | 74 | 1 | 3.36 | |
Sibonelo Makhanya | 3 | 0 | 13 | 0 | 4.33 |