2019 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසාන තරගය ඊයේ (06) ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර මැන්චෙස්ටර්හි දී පැවැත්විය. එහි දී ලකුණු 10ක තියුණු ජයක් හිමිකර ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් විය.
ශර්මා සහ රාහුල් ශ්‍රී ලංකාවට අමිහිරි සමුගැනීමක් තිළිණ කරයි
එම ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ….
ඒ සමඟින් මූලික වටයේ සියලු තරග අවසන් වූ අතර ලකුණු සටහනේ පළමු ස්ථානය ඉන්දියාවටත්, දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත් හිමි විය. තෙවැනි හා සිව්වැනි ස්ථාන පිළිවෙළින් එංගලන්තය හා නවසීලන්තය විසින් හිමිකර ගන්නා ලදි.
කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 325ක් වාර්තා කළේ ඕස්ට්‍රේලියානු පිළට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීම සඳහා අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමිනි.
එම ඉලක්කය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවන් හොඳ සටනක් ලබා දුන් නමුත් පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 315ක් පමණි.
හෂීම් අම්ලා ආබාධයකට ලක් වීම හේතුවෙන් ඒඩ්න් මාක්‍රම්, ක්වින්ටන් ඩි කොක් සමඟින් ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකානු පිළ වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 79ක වේගවත් සබඳතාවයක් ගොඩ නැගුවේ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ට සාර්ථක වීමට ඉඩ ලබා නොදෙමිනි.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
නේතන් ලයන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මාක්‍රම් ලකුණු 34කටත්, ඩි කොක් ලකුණු 52කටත් දැවී ගිය නමුත් පසුව පිටියේ එක් වූ නායක ඩු ප්ලෙසි හා රැසී වෑන් ඩර් ඩසන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 151ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කරන ලදි.
මෙහි දී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඩු ප්ලෙසි පන්දු 94ක දී ලකුණු 100ක් රැස් කළේ මෙම තරගාවලියේ සිය පළමු ශතකය ද වාර්තා කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.
ඩු ප්ලෙසි හට හොඳ සහයෝගයක් ලබා දුන් වෑන් ඩර් ඩසන් පන්දු 97ක දී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 95ක් වාර්තා කළ අතර එය දකුණු අප්‍රිකානු පිළට ලකුණු 300 සීමාව පසු කිරීමට විශාල හේතුවක් විය
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් හා නේතන් ලයන් කඩුලු 2 බැගින් ලබා ගත් අතර ජේසන් බෙහ්රන්ඩෝෆ් හා පැට් කමින්ස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.
ශ්‍රී ලංකා නැගී එන පිළට කඩුලු 3ක පරාජයක්!
දකුණු අප්‍රිකානු සංචාරයේ තමන් මේ දක්වා මුහුණ දුන් තරග 3ම ජයගෙන සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අද (06) මුල්වරට තරග…..
පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිළේ පළමු කඩුල්ල ලෙස නායක ඒරන් ෆින්ච් ඉනිමේ දෙවන පන්දුවාරයේ දී ම දවා ගැනීමට ඉම්රාන් තාහීර් සමත් වූයේ ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ ලබා නොදෙමිනි.
ඉන්පසු උස්මාන් කවාජා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර සෙසු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ද ලකුණු අතරට පිවිසීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් සමත් වූයේ ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රාහී ඉලක්කය තවත් අසීරු කරමිනි.
නමුත් එක් අන්තයක හුදකලා වී සිටි ඩේවිඩ් වෝනර් දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ කළ අතර ඊට කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිගෙන් ද හොඳ සහයෝගයක් හිමි වූයේ ඔවුන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.
ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ලට ලකුණු 108ක සම්බන්ධතාවයක් එක් කළ අතර එය බිඳ දැමීමට ඩ්වේන් ප්‍රිටෝරියස් සමත් වූයේ පන්දු 177ක දී ලකුණු 122ක් ලබා සිටි ඩේවිඩ් වෝනර් දවා ගනිමිනි.
මෙය වෝනර් මෙම තරගාවලියේ ලබා ගත් තෙවැනි ශතකය වූ අතර ඊට හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.
ක්‍රිකට් ගහන්න මට නිවාඩු ඕනෑ
කයිල් මැකලන් අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කළ දඟපන්දු යවන්නෙකි. 2007 ලෝක කුසලානයේ දී මැකලන් අමුතුම ඉරණමකට….
වෝනර්ගේ දැවී යාමෙන් අනතුරුව ඇලෙක්ස් කේරි එම රිද්මය දිගටම පවත්වා ගැනීමට සමත් වූ නමුත් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 275ක් වන විට ලකුණු 85ක් ලබා සිටි කේරි දැවී ගියේ යළි තරගය දකුණු අප්‍රිකානු පිළේ ග්‍රහණයට නතු කරමිනි.
ඉන්පසු ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට උත්සහ කළ ද ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට එම උත්සහය ප්‍රමාණවත් නොවීය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා කඩුලු 3ක් ලබා ගත් අතර ප්‍රිටෝරියස් හා ෆෙලුක්වායෝ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. ලකුණු 100ක් ලබා ගත් ෆෆ් ඩු ප්ලෙසි තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.
2019 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අනිද්දා (09) ඉන්දියාව හා නවසීලන්තය සමගින් මැන්චෙස්ටර්හි දී පැවැත්වීමට නියමිතව ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Aiden Markram | st Alex Carey b Nathan Lyon | 34 | 37 | 0 | 0 | 91.89 |
Quinton de Kock | c Mitchell Starc b Nathan Lyon | 52 | 51 | 0 | 0 | 101.96 |
Faf du Plessis | c Mitchell Starc b Jason Behrendorff | 100 | 94 | 0 | 0 | 106.38 |
Rassie van der Dussen | c Glenn Maxwell b Pat Cummins | 95 | 97 | 0 | 0 | 97.94 |
JP Duminy | c Marcus Stoinis b Mitchell Starc | 14 | 13 | 0 | 0 | 107.69 |
Dwaine Pretorius | b Mitchell Starc | 2 | 5 | 0 | 0 | 40.00 |
Andile Phehlukwayo | not out | 4 | 3 | 0 | 0 | 133.33 |
Extras | 24 (b 1 , lb 10 , nb 0, w 13, pen 0) |
Total | 325/6 (50 Overs, RR: 6.5) |
Fall of Wickets | 1-79 (11.3) Aiden Markram, 2-114 (17.4) Quinton de Kock, 3-265 (42.6) Faf du Plessis, 4-295 (46.5) JP Duminy, 5-317 (48.5) Dwaine Pretorius, 6-325 (49.6) Rassie van der Dussen, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 9 | 0 | 59 | 2 | 6.56 | |
Jason Behrendorff | 8 | 0 | 55 | 1 | 6.88 | |
Nathan Lyon | 10 | 0 | 53 | 2 | 5.30 | |
Pat Cummins | 9 | 0 | 66 | 1 | 7.33 | |
Steve Smith | 1 | 0 | 5 | 0 | 5.00 | |
Marcus Stoinis | 3 | 0 | 19 | 0 | 6.33 | |
Glenn Maxwell | 10 | 0 | 57 | 0 | 5.70 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
David Warner | c Chris Morris b Dwaine Pretorius | 122 | 117 | 15 | 2 | 104.27 |
Aaron Finch | c Aiden Markram b Imran Tahir | 3 | 4 | 0 | 0 | 75.00 |
Usman Khawaja | b Kagiso Rabada | 18 | 14 | 3 | 0 | 128.57 |
Steve Smith | lbw b Dwaine Pretorius | 7 | 6 | 1 | 0 | 116.67 |
Marcus Stoinis | run out (Kagiso Rabada) | 22 | 34 | 4 | 0 | 64.71 |
Glenn Maxwell | c Quinton de Kock b Kagiso Rabada | 12 | 20 | 1 | 0 | 60.00 |
Alex Carey | c Aiden Markram b Chris Morris | 85 | 69 | 11 | 2 | 123.19 |
Pat Cummins | c JP Duminy b Andile Phehlukwayo | 9 | 15 | 1 | 0 | 60.00 |
Mitchell Starc | b Kagiso Rabada | 16 | 11 | 1 | 1 | 145.45 |
Jason Behrendorff | not out | 11 | 6 | 0 | 0 | 183.33 |
Nathan Lyon | c Aiden Markram b Andile Phehlukwayo | 3 | 3 | 0 | 0 | 100.00 |
Extras | 7 (b 0 , lb 4 , nb 0, w 3, pen 0) |
Total | 315/10 (47 Overs, RR: 6.7) |
Fall of Wickets | 1-5 (2.1) Aaron Finch, 2-33 (6.3) Steve Smith, 3-95 (18.3) Marcus Stoinis, 4-119 (24.1) Glenn Maxwell, 5-227 (39.1) David Warner, 6-272 (44.2) Pat Cummins, 7-275 (45.2) Alex Carey, 8-301 (48.1) Usman Khawaja, 9-306 (48.5) Mitchell Starc, 10-315 (49.5) Nathan Lyon, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Imran Tahir | 9 | 0 | 59 | 1 | 6.56 | |
Kagiso Rabada | 10 | 0 | 56 | 3 | 5.60 | |
Dwaine Pretorius | 6 | 2 | 27 | 2 | 4.50 | |
Chris Morris | 9 | 0 | 63 | 2 | 7.00 | |
Tabraiz Shamsi | 9 | 0 | 62 | 0 | 6.89 | |
Andile Phehlukwayo | 3 | 0 | 0 | 0 | 0.00 | |
JP Duminy | 4 | 0 | 22 | 0 | 5.50 |