2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (03) චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයේ දී ලකුණු 119ක ජයග්‍රහණයක් ලබා ගත් එංගලන්තය අවසන් පූර්ව වටය සුදුසුකම් ලබා ගන්නට සමත් විය.
බුම්රා බංගලියන්ගේ බලාපොරොත්තු විනාශ කර දමයි
මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත්…..
මේ වන විට ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ද අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටියේ තවත් තරගයක් බැගින් ඉතිරිව තිබිය දී ය.
මෙම තරග ජයග්‍රහණයත් සමඟින් එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වූ එංගලන්තය, නවසීලන්තය එම ස්ථානයට ඇද දමමින් ඉහළට පිවිසියේ සත්කාරකයන් ලෙසින් ලෝක කුසලානයට මාන බැලීමේ තවත් අවස්ථාවක් උදාකර ගනිමිනි.
මේ තරග පරාජයත් සමඟින් නවසීලන්තයට මේ මස 5 වැනිදා පැවැත්වෙන පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය දෙස විමසිලිමත්ව බලා සිටීමට සිදු වනු ඇත. ඒ පාකිස්තානය මේ තරගයේ දී පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගන්නේ නම් නවසිලන්තයට හතර වැනි ස්ථානය ද අහිමි වෙන බැවිනි.
12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 305ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 186ක් පමණි.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු ජොනි බෙයාර්ස්ටෝව් ය. ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තේය. තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 8 වැනි ශතකය රැස් කළ ජොනී මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී රැස් කළ දෙවැනි ශතකයයි මේ. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.
ඔහු සහ අනෙක් ආරම්භක පිතිකරු ජේසන් රෝයි එක්ව පළමු කඩුල්ලට ලකුණු 123ක් රැස් කරමින් එංගලන්ත ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා ගත්හ. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි වරටත් ලකුණු 100 පසු කළ මෙම සබඳතාව ලෝක කුසලාන තරග මාලාවේ එවැන්නක් කළ පළමු වැන්නෝ බවට පත් වූහ.
ජේසන් රෝයි රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 60කි. පන්දු 61ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය. රෝයි අද රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර දිවියේ 17 වැනි ශතකය වන අතර මෙවර ලෝක කුසලානයේ තෙවැනි අර්ධ ශතකයයි.
ජොනි බෙයාර්ස්ටෝව් සහ ජෝ රූට් (24) එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 71ක් වාර්තා කරමින් එංගලන්ත ඉනිම තවත් ශක්තිමත් කළහ. එංගලන්ත ඉනිමේ ලකුණු 200 වාර්තා කිරීම සඳහා වැය වූයේ පන්දුවාර 31ක් පමණක් වීම කැපී පෙණුනි. එසේ වූවත් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ජොනි බෙයාර්ස්ටෝව් දැවී ගිය පසු එංගලන්ත ඉනිම ගොඩනැගීම මන්දගාමී විය.
මාටින් ගප්ටිල් ඇඟිලි දෙකෙන් පුහුණුකරුවාට කළ සංඥාව
2015 ලෝක කුසලානයේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර…..
ප්‍රතිවාදී නවසීලන්ත පන්දු යවන්නෝ ශක්තිමත් වෙද්දී ඊට එරෙහිව පිතිකරණයේ යෙදෙමින් ලකුණු 42ක් ලබා ගැනීමට නායක ඔයින් මෝර්ගන් සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේය.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි සහ ජේම්ස් නීශාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. එය නවසීලන්ත ඉනිමේ බලාපොරොත්තු සහමුලින්ම විනාශ වීමක් විය. ඒ සමඟම නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ද ලකුණු 14ක් වෙද්දී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
මෙයින් කම්පනයට පත් නවසීලන්ත නායක කේන් විලියම්සන් ඉතා අසීරුවෙන් තම ඉනිම ගොඩ ගැනීමට වෙහෙස විය. එහෙත් ඔහුගේ ගමන ද ලකුණු 61ක් වෙද්දී දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් අවසන් විය. මේ නොසිතූ දැවී යෑම සිදු වෙද්දී විලියම්සන් පන්දු 40කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියේය.
තව දුරටත් එකී ව්‍යසනය පවත්වා ගෙන යෑමට නවසීලන්ත ක්‍රීඩකයෝ අවාසනාවන්ත වූහ. ඒ ඔවුන්ගේ සිව්වැනි කඩුල්ල ද දුවද්දී දැවී යෑමකට ගොදුරු කර ගනිමිනි. එවර කඩුල්ල අහිමි කර ගත්තේ රොස් ටේලර් ය. ඔහු දැවී යන විට පන්දු 42කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියේය.
ඉන්දීය ප්‍රේක්ෂිකාවන් දෙදෙනෙක්ට වටිනා සිහිවටනයක්
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බර්මින්ග්හැම් හිදී නිමා…..
ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට ටොම් ලේතම් සහ ජේම්ස් නීශම් සමත් වූහ. ඔවුන් දෙදෙනා අතුරින් ජේම්ස් නීෂම් පන්දු 27කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා පිටියෙන් ඉවත් වන විට නවසීලන්ත ලකුණු පුවරුව 123ක් විය. තවත් ලකුණු 5ක් ඉනිමට එක් වෙද්දී නවසීලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ද දැවී ගියේය.
එතැන් සිට ලකුණු 58ක් තුළ ඉතිරි කඩුලු දවා ගැනීමට එංගලන්තය සමත් විය. ටොම් ලේතම් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී නවසීලන්ත ඉනිම 164ක් ව තිබූ අතර ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 14 වැනි අර්ධ ශතකයයි.
කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යැවූ මාර්ක් වුඩ් ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තේය.
2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jason Roy | c Mitchell Santner b Jimmy Neesham | 60 | 61 | 8 | 0 | 98.36 |
Jonny Bairstow | b Henry Nicholls | 106 | 99 | 15 | 1 | 107.07 |
Joe Root | c Tom Latham b Trent Boult | 24 | 25 | 1 | 0 | 96.00 |
Jos Buttler | c Kane Williamson b Trent Boult | 11 | 12 | 1 | 0 | 91.67 |
Eoin Morgan | c Mitchell Santner b Matt Henry | 42 | 40 | 5 | 0 | 105.00 |
Ben Stokes | c Matt Henry b Mitchell Santner | 11 | 27 | 0 | 0 | 40.74 |
Chris Woakes | c Kane Williamson b Jimmy Neesham | 4 | 11 | 0 | 0 | 36.36 |
Liam Plunkett | not out | 15 | 12 | 1 | 0 | 125.00 |
Adil Rashid | b Tim Southee | 16 | 12 | 1 | 0 | 133.33 |
Jofra Archer | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 15 (b 4 , lb 4 , nb 0, w 7, pen 0) |
Total | 305/8 (50 Overs, RR: 6.1) |
Did not bat | Mark Wood, |
Fall of Wickets | 1-123 (18.4) Jason Roy, 2-194 (30.1) Joe Root, 3-206 (31.4) Jonny Bairstow, 4-214 (34.2) Jos Buttler, 5-248 (41.6) Ben Stokes, 6-259 (44.5) Chris Woakes, 7-272 (46.1) Eoin Morgan, 8-301 (49.3) Adil Rashid, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Santner | 10 | 0 | 65 | 1 | 6.50 | |
Trent Boult | 10 | 0 | 56 | 2 | 5.60 | |
Tim Southee | 9 | 0 | 70 | 1 | 7.78 | |
Matt Henry | 10 | 0 | 54 | 2 | 5.40 | |
Colin de Grandhomme | 1 | 0 | 11 | 0 | 11.00 | |
Jimmy Neesham | 10 | 1 | 41 | 2 | 4.10 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Martin Guptill | c Jos Buttler b Jofra Archer | 8 | 16 | 1 | 0 | 50.00 |
Henry Nicholls | lbw b Chris Woakes | 0 | 1 | 0 | 0 | 0.00 |
Kane Williamson | run out (Mark Wood) | 27 | 40 | 3 | 0 | 67.50 |
Ross Taylor | run out (Adil Rashid) | 28 | 42 | 2 | 0 | 66.67 |
Tom Latham | c Jos Buttler b Liam Plunkett | 57 | 65 | 5 | 0 | 87.69 |
Jimmy Neesham | b Mark Wood | 19 | 27 | 1 | 0 | 70.37 |
Colin de Grandhomme | c Joe Root b Ben Stokes | 3 | 13 | 0 | 0 | 23.08 |
Mitchell Santner | lbw b Mark Wood | 12 | 30 | 1 | 0 | 40.00 |
Tim Southee | not out | 7 | 16 | 0 | 0 | 43.75 |
Matt Henry | b Mark Wood | 7 | 13 | 0 | 0 | 53.85 |
Trent Boult | not out | 4 | 7 | 1 | 0 | 57.14 |
Extras | 14 (b 2 , lb 6 , nb 0, w 6, pen 0) |
Total | 186/9 (45 Overs, RR: 4.13) |
Fall of Wickets | 1-2 (0.5) Henry Nicholls, 2-14 (5.2) Martin Guptill, 3-61 (15.1) Kane Williamson, 4-69 (16.4) Ross Taylor, 5-123 (25.1) Jimmy Neesham, 6-128 (28.1) Colin de Grandhomme, 7-164 (38.3) Tom Latham, 8-166 (39.2) Mitchell Santner, 9-181 (43.4) Matt Henry, 10-186 (44.6) Trent Boult, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chris Woakes | 8 | 0 | 44 | 1 | 5.50 | |
Jofra Archer | 7 | 1 | 17 | 1 | 2.43 | |
Liam Plunkett | 8 | 0 | 28 | 1 | 3.50 | |
Mark Wood | 9 | 0 | 34 | 3 | 3.78 | |
Joe Root | 3 | 0 | 15 | 0 | 5.00 | |
Adil Rashid | 5 | 0 | 30 | 1 | 6.00 | |
Ben Stokes | 5 | 0 | 10 | 1 | 2.00 |