“ශ්‍රී ලංකාවටත් පාපන්දු පුළුවන් කියලා අපි පෙන්වනවා” – ජස්වර් උමාර්

202

 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හා 2023 ආසියානු කුසලානයේ මූලික තේරීම් තරගාවලි වල කණ්ඩායම් තේරීම පසුගිය දා (අප්‍රේල් 17) මැලේසියාවේ, ක්වාලාලම්පූර් හි ආසියානු පාපන්දු මූලස්ථානයේ දී (AFC) පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ මැකාවු පාපන්දු ලෝක කුසලාන සිහිනයට පොර අල්ලයි

2022 වර්ෂයේ දී කටාර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින්……….

ලෝක කුසලාන තරගාවලියට හා ආසියානු කුසලානයට තේරීමේ මූලික වටයේ තරගාවලිය ලෙස එක් තරගාවලියක් පමණක් පැවැත්වෙන අතර එහි දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා ලෙස තේරී පත්වුනේ මැකාවූ කණ්ඩායමයි.

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ මූලික තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රතිවාදියා වූයේ භූතානය යි.

කණ්ඩායම් තේරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා මෙසේ අදහස් දක්වා තිබුණා.

“ගියවර අපිට හිමි වුනේ භූතානයයි, කෙසේ නමුත් අපිට එය එතරම් සතුටුදායක අත්දැකීමක් වුනේ නැහැ, පසුගිය වසරේ දී ශ්‍රී ජාතික කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළා, අපි සතුටුයි අපිට ලැබුණු ප්‍රතිවාදියා පිළිබඳව, මැකාවූ කියන්නේ පහළ ශ්‍රේණිගත කිරීම්වල ඉතා හොඳ කණ්ඩායමක්, ඔබ දන්නවා අවසන් මිනිත්තුව තෙක් පාපන්දු ක්‍රීඩාවේ කිසිවක් කිව නොහැකියි, අපි මේ පාර හොඳට ක්‍රීඩා කරලා පෙන්වන්න කැමතියි ශ්‍රී ලංකාවට තවමත් පාපන්දු පුළුවන් කියලා”

පසුගිය ශ්‍රී ලංකා කණ්ඩායමට මුළු ගෝල 3-1ක් ලෙස ලෝක කුසලාන හා ආසියානු කුසලාන පළමු තේරීම් වටයෙන්ම තරගාවලි වලින් ඉවත්වන්නට සිදු විය.

භූතානය සමඟ පළමු තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර Tshering DORJI අවසන් මොහොතේ 82 වැනි මිනිත්තුවේ වාර්තා කළ ගෝලයකින් ද්වන්ධව තරග වට දෙකේ වැඩි වාසි හිමි කර ගන්නට භූතානය සමත් විය. ඒ සංචාරක ගෝලයේ වාසිය ලබා ගනිමින්.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය හෙටින් ඇරඹේ!

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ…………

දෙවන හා තීරණාත්මක තරගය භූතානයේ තිම්පු හී Changlimithang ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එහි දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වූයේ ගෝල 2-1ක් ලෙස පරාජය විමටයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුබාෂ් මධුශාන් ගෝලයක් වාර්තා කළත් එම ගෝලය සටනක් සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්ථානයේ සිටි කණ්ඩායම භූතානය වීම විශේෂත්වයක්.  

“සෑම තරගයක්ම ඉතා වැදගත්, අපි පෙර වතාවල මෙන් නොවී ඉතාම සැලසුම් සහගත ලෙස සූදානම් වෙනවා, අපිට ඉතා කැපවුණු පුහුණුකරුවෙකු, සහය පුහුණුකරුවන් මණ්ඩලයක් හා අනෙකුත් තාක්ෂණික නිලධාරීන් සිටිනවා.”

“මැකාවූ තරගයට ප්‍රථම අපි සුහද තරග කිහිපයක් ද ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා, කණ්ඩායම එම තරගවලින් හොඳ පෙරහුරුවක් ලබාගෙන මැකාවූ කණ්ඩායමට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය හෙටින් ඇරඹේ!

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ………

“ජයග්‍රහණය කියන්නේ අපිට ඉතා වැදගත් දෙයක්, මෙවැනි තරගාවලි වලින් තමයි ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය තීරණය වන්නේ, යොවුන් ක්‍රීඩකයින්ට වගේම සංවර්ධන කණ්ඩායම් වල ක්‍රීඩකයින්ටත් මෙය හොඳ අවස්ථාවක්, විශේෂයෙන්ම කුඩා පාපන්දු ක්‍රීඩකයින්ට මෙය ඉතා හොඳ අවස්ථාවක් ජාතික කණ්ඩායම දිනා බලලා හැදෙන්න.“

“මූලික අදියර ජයගතහොත් අපිට ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිට තරග කිහිපයක් ලැබේවි, වසර ගණනකට පසු ශ්‍රී ලංකාව තුළ හොඳ පාපන්දු තරග කිහිපයක් ලැබේවි, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දකුණු ආසියාවේ ඉහළ මට්ටමකට ගෙන යන්න පුළුවන් වේවි”

තරගාවලි දෙකක් සඳහා සුදුසුකම් ලැබීමේ දොරටු විවෘත කර දෙමින් පැවැත්වෙන මෙම තරග කිහිපයේ පළමු අදියරේ තරග ජුනි 06 වැනිදාත්, දෙවැනි අදියරේ තරග ජුනි 11 වැනිදාත් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<