අද (11) දිනය පුරාවට දැක්වූ සුපිරි පිතිකරණ දක්ෂතා නිසා 2018/19 සිංගර් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. ඒ ඊයේ දිනයේ සාන්ත අන්තෝනි විද්‍යාලය ලබා දුන් ලකුණු 266ක ඉලක්කය සාර්ථකව හඹාගොස් පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගැනීමට ඔවුන්ට අද (11) අවස්ථාව උදා වූ බැවිනි.
කල්හාරගේ ශතකය අන්තෝනි විද්‍යාලයේ කුසලාන බලාපොරොත්තු දල්වයි!
දින, සති ගෙවී ගොස් සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය අවසානය කරා පැමිණ තිබේ. එහි දෙවැනි කාණ්ඩය නියෝජනය කරමින් අද (10) ඇරඹුනේ…
ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට රාජකීයයන් එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් ලබා සිටියහ. ඒ පන්දුවාර 4ක් සඳහා පමණක් මුහුණ දෙමිනි. කෙසේ වෙතත් අද උදෑසන රාජකීය විද්‍යාලය දිනය ආරම්භ කළේ ඉක්මන් කඩුලු ද්විත්වයක් සමඟයි. දිනයේ මුල්ම කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඉසිවර දිසානායක ලකුණු 13කට දැවී ගිය අතර ඔහු වෙනුවට පිටියට පිවිසි කවිඳු මදරසිංහට කිසිදු ලකුණක් ලබා ගැනීමට අන්තෝනි පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත. ඒ අනුව අඩු ලකුණු ගණනකට කඩුලු 3ක් බිඳ වැටුණු රාජකීය විද්‍යාලයට ශූරතා කුසලානය අහිමි වන බවට ඉඟි පලවිය.
කෙසේ වෙතත් එම අවදානමෙන් තම විද්‍යාලය ගලවා ගත් අහන් සංචිත, අංක 5 පිතිකරු පසිඳු සූරියබණ්ඩාර සමඟ එක්වෙමින් නැවතත් ඉනිම පිළිසකර කිරීමට සමත් විය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අහන් සංචිත පන්දු 148කට මුහුණ දෙමින් ලකුණු 116ක් රැස්කර ගත්තේ අද රාජකීය විද්‍යාලයේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වෙමිනි. ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 11ක්ම අන්තර්ගත විය. ඉනිමේ කඩුලු 3ක් බිඳ වැටීමෙන් පසු පීඩනයත් සමඟ පිටියට පිවිසි පසිඳු සූරියබණ්ඩාර ලකුණු 52ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟයි. ඔහුගේ වේගවත් ඉනිමට පන්දු 49ක් ප්‍රමාණවත් විය.
මේ අයුරින් නැවතත් ශක්තිමත් වුනු රාජකීය ඉනිම ජයග්‍රහණයක් කරා ගෙන යන්නට නම් සංචිත හැරෙන්නට තවත් පරිපූර්ණ ඉනිමක අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට පටන් ගෙන තිබුණි. මේ මොහොතේ විද්‍යාලය වෙනුවෙන් එම යුතුකම ඉටු කිරීමට පෙරට පැමිණියේ මැදපෙළ පිතිකරු භාග්‍ය දිසානායකයි. ඔහු අන්තෝනි විද්‍යාලයේ අවසන් ජයග්‍රහණ සිහිනයත් බොඳකර දමමින් ලකුණු 91ක් තම නම ඉදිරියෙන් ලියා ගත්තේය. පන්දු 153ක දී ගොඩ නැගුණු භාග්‍යගේ සටන්කාමී ඉනිම හතරේ පහර 11කින් අලංකාරවත් විය. ඒ අනුව අද සන්ධ්‍යා කාලය වන විට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රථම ඉනිමේ ලකුණු සංඛ්‍යාව පසුකර යන්නට රාජකීය විද්‍යාලයට හැකි විය.
කෙසේ නමුත් ඉන් අනතුරුව අද දිනයේ නිමාව දක්වාම නොකඩවා පිතිකරණයේ යෙදුණු රාජකීය විද්‍යාලය තම සියලුම කඩුලු බිඳ වැටෙන මොහොත වන විට පන්දුවාර 84.3කට මුහුණ දෙමින් ලකුණු 314ක් ලබා සිටියහ. ඒ වන විට ක්‍රමයෙන් කොළඹ කෝල්ට්ස් පිටියට අඳුර ගලා එමින් තිබූ නිසාත්, තවත් ක්‍රීඩා කිරීමෙන් තරගයේ ප්‍රතිඵලය වෙනස් නොවන නිසාත් තරගය එතැනින් නතර කිරීමට දෙපාර්ශවම තීරණයක් ගත්හ. තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කල්හාර සේනාරත්න ශතකයක් රැස්කළ අතර මනුල පෙරේරා සහ කමිල් මිශාර කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
C Wickramasinghe | c Kavindu Madarasinghe b Kavindu Pathirathne | 8 | 13 | 2 | 0 | 61.54 |
A Wanninayake | c Bagya Dissanayake b Kaushan Kulasooriya | 32 | 63 | 5 | 0 | 50.79 |
Prabath Sachin | c Kavindu Pathirathne b Kamil Mishara | 15 | 39 | 2 | 0 | 38.46 |
T Gunasinghe | c Isiwara Dissanayake b Manula Perera | 3 | 25 | 0 | 0 | 12.00 |
T Abeykoon | run out (G Dissanayake) | 31 | 53 | 4 | 0 | 58.49 |
K Senarathna | not out | 102 | 173 | 13 | 0 | 58.96 |
L Werellagama | c Isiwara Dissanayake b Kamil Mishara | 6 | 16 | 0 | 0 | 37.50 |
M Kamil | lbw b Kamil Mishara | 27 | 76 | 3 | 0 | 35.53 |
G Ebert | c Kavindu Madarasinghe b Manula Perera | 6 | 29 | 1 | 0 | 20.69 |
S Hirudika | c Ahan Sanchitha b Manula Perera | 0 | 1 | 0 | 0 | 0.00 |
N Jayathilaka | c Kaushan Kulasooriya b Kavindu Pathirathne | 14 | 52 | 3 | 0 | 26.92 |
Extras | 22 (b 10 , lb 7 , nb 3, w 2, pen 0) |
Total | 266/10 (88.5 Overs, RR: 2.99) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavindu Pathirathne | 10.5 | 3 | 33 | 2 | 3.14 | |
Lahiru Madushanka | 12 | 2 | 44 | 0 | 3.67 | |
Kamil Mishara | 28 | 6 | 73 | 3 | 2.61 | |
Manula Perera | 21 | 7 | 50 | 3 | 2.38 | |
Kaushan Kulasooriya | 8 | 1 | 24 | 1 | 3.00 | |
Gishan Balasuriya | 9 | 1 | 32 | 0 | 3.56 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Isiwara Dissanayake | c M Kamil b N Jayathilaka | 13 | 31 | 1 | 0 | 41.94 |
Kamil Mishara | b S Hirudika | 4 | 2 | 0 | 0 | 200.00 |
Ahan Sanchitha | c T Gunasinghe b N Jayathilaka | 116 | 148 | 11 | 0 | 78.38 |
Kavindu Madarasinghe | run out () | 0 | 10 | 0 | 0 | 0.00 |
Pasindu Sooriyabandara | c M Kamil b T Abeykoon | 52 | 49 | 6 | 2 | 106.12 |
Bagya Dissanayake | c T Abeykoon b N Jayathilaka | 91 | 153 | 11 | 0 | 59.48 |
Lahiru Madushanka | c K Senarathna b T Abeykoon | 1 | 6 | 0 | 0 | 16.67 |
Kavindu Pathirathne | c K Senarathna b N Jayathilaka | 10 | 28 | 2 | 0 | 35.71 |
Kaushan Kulasooriya | b N Jayathilaka | 3 | 8 | 0 | 0 | 37.50 |
Manula Perera | c T Gunasinghe b C Wickramasinghe | 5 | 64 | 0 | 0 | 7.81 |
Gishan Balasuriya | not out | 4 | 10 | 1 | 0 | 40.00 |
Extras | 15 (b 12 , lb 0 , nb 2, w 1, pen 0) |
Total | 314/10 (84.3 Overs, RR: 3.72) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
S Hirudika | 5 | 0 | 33 | 1 | 6.60 | |
C Wickramasinghe | 6 | 2 | 17 | 1 | 2.83 | |
N Jayathilaka | 36.3 | 5 | 119 | 5 | 3.28 | |
K Senarathna | 19 | 2 | 57 | 0 | 3.00 | |
A Wanninayake | 7 | 1 | 29 | 0 | 4.14 | |
G Ebert | 3 | 0 | 28 | 0 | 9.33 | |
T Abeykoon | 8 | 1 | 20 | 2 | 2.50 |