බම්බලපිටිය සාන්ත පීතරයන්ගේ පළමු ඉනිමට එරෙහිව ඩාර්ලි පාරේ ක්‍රීඩකයෝ වඩාත් විශ්වාසවන්ත ඉනිමක් ගොඩ නගන බවක් පෙන්නුම් කරමින් අද (1) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ වූ 85 වැනි සාන්තුවරයන්ගේ සටන පළමු දිනයට නිමා විය.
ජය සොයන සාන්තුවරයෝ 85 වැනි වරටත් ගැටෙන්නට පෙර
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 85 වැනි වරටත්…
සංතුශ් ගුණතිලකගේ දක්ෂතා හේතුවෙන් ම හිස එසවූ සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව වඩාත් විශ්වාසවන්ත ඉනිමක් ගොඩ නැගීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වූයේ ජොහැන්නේ ද සිල්වා සහ දිනෙත් ජයකොඩිගේ සාර්ථක ඉනිම් හේතුවෙනි. සානත් පීතරයන්ගේ පළමු ඉනිම අභිබවා යෑමට ඩාර්ලි පාර ජෝසප්වරුන්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 30ක් පමණි. ඒ වෙනුවෙන් ඔවුන් සතුව තවත් කඩුලු 7ක් ඇත..
කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක අශේන් ඩැනියෙල්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රන්මිත් ජයසේනගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු දිනයේ තේ විවේකයට තරගය නතර කරන විට තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සාන්ත පීතර විද්‍යාලය තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා සිටිය හ.
සාන්ත පීතර විද්‍යාලයේ වඩාත් බලාපොරොත්තු තබා සිටි ක්‍රීඩකයා වූ සංතුශ් ගුණතිලක තමන් කෙරෙහි තබා තිබූ විශ්වාසය එලෙසින්ම තබමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහු පන්දු 105කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව දිනිත් අංජුල ලකුණු 41ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිම පන්දු 74කින් සමන්විත වූ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට ඇතුලත් විය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 59කි. එය එම ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය.
ක්‍රිකට් ජීවිතයේ ගත් සංවේදී තීරණයක් ගැන තරංග හෙළි කරයි!
අත්දැකීම් සහිත ආරම්භක පිතිකරු උපුල් තරංග ඊයේ දිනයේ (28) හොඳින් පිත්ත හසුරුවමින් පන්දු 34ක් …
ඔවුන් දෙදෙනාට අමතරව සාන්ත පීතර විද්‍යාලයීය ඉනිමට ශක්තිමත් ලකුණු පුවරුවක් ගොඩ නැගීමට පසුපෙළ පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි වනුජ සහන් සමත් විය. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය. කණ්ඩායමේ නායක රන්මිත් ජයසේනට අද තරගයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 21ක් පමණි. ඒ වෙනුවෙන් ඔහු වැය කළේ පන්දු 27ක් පමණි. ඔහුත් සමඟ නිපුනක ෆොන්සේකා ද ලකුණු 21ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් පන්දු 63ක් වැයව තිබූ අතර හතරේ පහරක් එම ඉනිමට ඇතුලත් විය. අනෙක් සෑම පිතිකරුවෙක්ම ලකුණු 10 සීමාවේ සහ ඊට මෙපිටින් තැබීමට සාන්ත ජෝසප් පන්දු යවන්නෝ සමත් වූහ.
කඩුලු ලබා ගැනීමේ දී අශේන් ඩැනියෙල් ලකුණු 58කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් විය. ඔහුට අමතරව ලක්ෂාන් ගමගේ සහ ඩිලේෂ් පෙරේරා ද කඩුලු 2 බැගින් දවා ගත්හ.
Photos: St. Joseph’s College vs St. Peter’s College | 85th Battle of the Saints – Day 1
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කිසිදු අපහසුවකින් තොරව ලකුණු අතරට පිවිසියේ දිනෙත් ජයකොඩි ගේ අර්ධ ශතකය සහ ජොහෑන් ද සිල්වා ගේ අර්ධ ශතකයකට ආසන්න ඉනිම ද සමඟිනි.
ආරම්භක පිතිකරු ජොහෑන් ද සිල්වා පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරන විට දිනෙත් ජයකොඩි පන්දු 85කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටිමින් ඩාර්ලි පාර සාන්තුවරයන්ගේ දිනයේ වීරයා විය.
ඊට අමතරව අනෙක් ආරම්භක පිතිකරු වූ ෂෙවෝන් ෆොන්සේකා ද ලකුණු 37ක් ලබා ගනිමින් සාන්ත ජෝසප් ඉනිමට ශක්තිමත් අත්තිවාරමක් දැමීමට උදව් කළේය. ඔහුගේ ඉනිම පන්දු 69කින් සමන්විත වූ අතර හතරේ පහර 4ක් එම ඉනිමට ඇතුලත් විය. ෂෙවෝන් සහ ජොහැන්නේ අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 72කි.
සුබ පෙරනිමිති රැසක් මැද ශ්‍රී ලංකාව පුහුණු තරගය ජය ගනියි
විශිෂ්ට ටෙස්ට් තරග ජයග්‍රහණ දෙකක් සමඟින් දකුණු අප්‍රිකානු තරග සංචාරය ආරම්භ කළ ශ්‍රී ලංකා…
ඉනිමේ අවාසනාවන්ත ම පිතිකරු ලෙස ෂෙවෝන් ඩැනියෙල් (0) පත් වූ අතර තරගය නතර කරන විට දිනෙත් සමඟින් අනෙක් අන්තයේ ඩිලේශ් පෙරේරා පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් ද තම ඉනිමට එකතු කර ගනිමින් ලකුණු 37ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටී. දිනෙත් සහ ඩිලේශ් අතර සිව්වැනි කඩුල්ලේ නොදැවුණ සබඳතාව ලකුණු 78කි.
සාන්ත ජෝසප් ඉනිම පාලනය කිරීමට සාන්ත පීතරයන් පන්දු යවන්නෝ 7 දෙනෙක් උපයෝගී කර ගත්ත ද, ඒ අතුරින් වඩාත් සාර්ථක වූයේ කනිශ්ක මධුවන්ත ය. ඔහු ලකුණු 51කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව රන්මිත් ජයසේන ද කඩුල්ලක් දවා ගත්තේ ය.
සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට) කඩුලු 3ක් දැවී 189 (44) ෂෙවෝන් ෆොන්සේකා 35, ජොහෑන් ද සිල්වා 45, දිනෙත් ජයකොඩි නොදැවී 62, ඩිලේෂ් පෙරේරා නොදැවී 37, කනිෂ්ක මධුවන්ත 2/51
සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට) කඩුලු 3ක් දැවී 170 (40) ෂෙවෝන් ෆොන්සේකා 35, ජොහැන්නේ ද සිල්වා 45, දිනෙත් ජයකොඩි නොදැවී 46, ඩිලේෂ් පෙරේරා නොදැවී 34, කනිෂ්ක මධුවන්ත 2/45
හෙට (2) තරගයේ දෙවැනි දිනයයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Banuka de Silva | lbw b Ashan De Alwis | 5 | 21 | 0 | 0 | 23.81 |
Dinith Anjula | c Miranga Wickramage b Dunith Wellalage | 41 | 74 | 4 | 2 | 55.41 |
Santhush Gunathilake | c Dilesh Perera b Ashen Daniel | 72 | 105 | 6 | 0 | 68.57 |
Ranmith Jayasena | b Shalinda Senevirathne | 21 | 27 | 1 | 0 | 77.78 |
Nipunaka Fonseka | lbw b Ashen Daniel | 21 | 63 | 1 | 0 | 33.33 |
Shivan Perera | c Sachintha Ravindu b Ashen Daniel | 9 | 13 | 1 | 0 | 69.23 |
Shannon Fernando | c Shevon Fonseka b Shalinda Senevirathne | 0 | 4 | 0 | 0 | 0.00 |
Kanishka Maduwantha | c Shevon Fonseka b Lakshan Gamage | 10 | 18 | 0 | 0 | 55.56 |
Wanuja Sahan | run out (Lakshan Gamage) | 26 | 28 | 1 | 0 | 92.86 |
Ruwin Senevirathne | b Lakshan Gamage | 0 | 2 | 0 | 0 | 0.00 |
Tariq Saboor | not out | 1 | 6 | 0 | 0 | 16.67 |
Extras | 13 (b 7 , lb 3 , nb 1, w 2, pen 0) |
Total | 219/10 (60 Overs, RR: 3.65) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakshan Gamage | 10 | 1 | 38 | 2 | 3.80 | |
Ashan De Alwis | 7 | 0 | 20 | 1 | 2.86 | |
Shalinda Senevirathne | 13 | 2 | 43 | 2 | 3.31 | |
Johanne De Zilva | 4 | 2 | 8 | 0 | 2.00 | |
Ashen Daniel | 15 | 1 | 58 | 3 | 3.87 | |
Dunith Wellalage | 11 | 1 | 43 | 1 | 3.91 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shevon Fonseka | c Nipunaka Fonseka b Ranmith Jayasena | 37 | 69 | 4 | 0 | 53.62 |
Johanne De Zilva | c Santhush Gunathilake b Kanishka Maduwantha | 45 | 56 | 4 | 1 | 80.36 |
Shevon Daniel | lbw b Kanishka Maduwantha | 0 | 2 | 0 | 0 | 0.00 |
Dineth Jayakody | b Shivan Perera | 77 | 110 | 6 | 2 | 70.00 |
Dilesh Perera | c Shivan Perera b Tariq Saboor | 62 | 80 | 4 | 0 | 77.50 |
Lakshan Gamage | b Tariq Saboor | 1 | 2 | 0 | 0 | 50.00 |
Sachintha Ravindu | c Wanuja Sahan b Ranmith Jayasena | 22 | 15 | 0 | 0 | 146.67 |
Dunith Wellalage | c Nipunaka Fonseka b Santhush Gunathilake | 19 | 15 | 0 | 0 | 126.67 |
Ashen Daniel | not out | 5 | 6 | 0 | 0 | 83.33 |
Shalinda Senevirathne | not out | 9 | 9 | 0 | 0 | 100.00 |
Extras | 9 (b 0 , lb 4 , nb 4, w 1, pen 0) |
Total | 286/8 (60 Overs, RR: 4.77) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tariq Saboor | 11 | 0 | 51 | 2 | 4.64 | |
Santhush Gunathilake | 12 | 1 | 56 | 1 | 4.67 | |
Wanuja Sahan | 6 | 0 | 27 | 0 | 4.50 | |
Shivan Perera | 4 | 1 | 23 | 1 | 5.75 | |
Kanishka Maduwantha | 12 | 1 | 51 | 2 | 4.25 | |
Ruwin Senevirathne | 8 | 0 | 41 | 0 | 5.12 | |
Ranmith Jayasena | 7 | 0 | 33 | 2 | 4.71 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Banuka de Silva | c Dunith Wellalage b Ashan De Alwis | 4 | 11 | 0 | 0 | 36.36 |
Dinith Anjula | c Johanne De Zilva b Ashen Daniel | 6 | 22 | 0 | 0 | 27.27 |
Santhush Gunathilake | not out | 161 | 190 | 11 | 0 | 84.74 |
Shannon Fernando | c & b Shalinda Senevirathne | 25 | 47 | 3 | 0 | 53.19 |
Ranmith Jayasena | st Sheran Fonseka b Ashen Daniel | 3 | 13 | 0 | 0 | 23.08 |
Nipunaka Fonseka | b Lakshan Gamage | 11 | 39 | 1 | 0 | 28.21 |
Shivan Perera | run out (Dunith Wellalage) | 12 | 16 | 2 | 0 | 75.00 |
Kanishka Maduwantha | not out | 89 | 138 | 7 | 0 | 64.49 |
Extras | 6 (b 3 , lb 0 , nb 2, w 1, pen 0) |
Total | 317/6 (79 Overs, RR: 4.01) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakshan Gamage | 8 | 0 | 22 | 1 | 2.75 | |
Ashan De Alwis | 7 | 0 | 36 | 1 | 5.14 | |
Ashen Daniel | 23 | 2 | 65 | 2 | 2.83 | |
Dunith Wellalage | 14 | 1 | 59 | 0 | 4.21 | |
Shalinda Senevirathne | 18 | 1 | 66 | 1 | 3.67 | |
Johanne De Zilva | 7 | 0 | 58 | 0 | 8.29 | |
Shevon Daniel | 2 | 0 | 8 | 0 | 4.00 |