ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව ගෙදර යවයි

3359

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස අශාන්ත ද මෙල් මහතා පත් කර තිබේ.

අශාන්ත ද මෙල් මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සභාපති ලෙස පත් කර ඇත්තේ හිටපු තේරීම් කමිටු ප්‍රධානියා වන ග්‍රැහැම්  ලැබ්රෝයි මහතා ධූරයෙන් ඉවත් කරමිනි.

තෙවැනි දිනයේ දී දිල්රුවන් වේගවත් වාර්තාවක් අලුත් කරයි

ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන හා අවසන් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ලකුණු 327ක….

ඊට අමතරව හිටපු තේරීම් කමිටු සාමාජිකයින් වන ගාමිණී වික්‍රමසිංහ, එරික් උපශාන්ත හා ජෙරිල් වවුච්ර්ස් යන මහත්වරුන් වෙනුවෙන් නව  ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න හා චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් තෝරා පත් කර ඇත.

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තේරීම් කමිටු සාමාජිකත්ව තනතුරට පත් කර ඇත්තේ තරග සංචාරයන් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙනි.

ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගිය දා පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ උපදෙස් මත මේ නව ක්‍රිකට් තේරීම් කමිටුව තෝරාපත් කර තිබේ. එ්ත් සමඟින් 2018 මැයි මස 16 වැනිදා සිට තවත් වසරක කාලයක් එනම්, 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පත් කර තිබූ ග්‍රැහැම් ලබ්රෝයි මහතා ප්‍රමුඛ තේරීම් කමිටුව අද (25) දින සිට බල රහිත වන අතර නව තේරීම් කමිටුව බලපැවැත්වෙන කාලය පිළිබඳව  නිසි සඳහනක් කර නොමැත.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය…

අද දිනයේ තේරී පත්වූ මේ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ  පළමු වගකීම වන්නේ ලබන මස මස 15 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීමයි.

නව තේරීම් කමිටුව,

  • අශාන්ත ද මෙල් මහතා – කමිටු ප්‍රධානී
  • බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා – සාමාජික
  • හේමන්ත වික්‍රමරත්න මහතා – සාමාජික
  • චන්දික හතුරුසිංහ මහතා – තරග සංචාරයන් සඳහා තේරීම් කටයුතු කිරීමට
  • චමින්ද මෙන්ඩිස් මහතා – සාමාජික

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<