තරගාවලිය ආරම්භයේම කැන්රිච් ෆිනෑන්ස්ට තියුණු ජයක්

813

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියේ 2018 අදියර අද (26) කොළඹ වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී ආරම්භ වූ අතර පැවති පළමු තරගයෙන් කැන්රිච් ෆිනෑන්ස් B කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගන්නා ලදි.

Fair & Lovely Men වෙළඳසේවා ක්‍රිකට් B සවිබල ගන්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගම් B කාණ්ඩයේ සීමිත පන්දුවාර තරගාවලියේ 2018 අදියර

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් එක්ස්පෝ ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 125ක් පමණි. ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් දකුණතින් පිත්ත හසුරුවන නදීර නාවල 4 පහර 3ක් සමඟ ලකුණු 38ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ඩිලාන් ජයලත් ලකුණු 23ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී කැන්රිච් ෆිනෑන්ස් B කණ්ඩායමේ චන්දුල වීරරත්න කඩුලු 5ක් දවා ගනිමින් එක්ස්පෝ ලංකා පිතිකරුවන් අසරණ කරද්දී, තරුෂාන් ඉද්දමල්ගොඩ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ඉනිමක කඩුලු 5ක් දවා ගත් ළාබාලම ශ්‍රී ලාංකිකයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

1994 වර්ෂයේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට

ලකුණු 126ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ කැන්රිච් ෆිනෑන්ස් B කණ්ඩායම පන්දුවාර 40යි එක් පන්දුවක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකළ අතර තුන් ඉරියව් දස්කම් දැක්වූ තරුශාන් ඉද්දමල්ගොඩ ලකුණු 49ක් ලබා ගත්තේය. ඊට අමතරව දසුන් සෙනෙවිරත්න ලකුණු 33යි. ඩිලාන් ජයලත් හා හෂාන් ශාස්ත්‍ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක් දවා ගත්හ.

අඛණ්ඩව දෙවන වතාවටත් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Fair & Lovely Men වන අතර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 8 අතරින් ජයග්‍රාහක කණ්ඩායමට Fair & Lovely Men අභියෝගතා කුසලානය පිරිනැමෙනු ඇත.

එක්ස්පෝ ලංකා – 125 (33): නදීර නාවල 38, ඩිලාන් ජයලත් 23, චන්දුල වීරරත්න 5/41, තරුශාන් ඉද්දමල්ගොඩ 3/19.

කැන්රිච් ෆිනෑන්ස් (B) – 128/9 (40.1): තරුශාන් ඉද්දමල්ගොඩ 49, දසුන් සෙනෙවිරත්න 33, ඩිලාන් ජයලත් 3/33, හෂාන් ශාස්ත්‍රී 2/26.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<