අශාන් ප්‍රියන්ජන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් දඹුල්ල ගොඩයයි

404

කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන 29 හැවිරිදි දකුණත් පිතිකරු අශාන් ප්‍රියන්ජන්ගේ ප්‍රවේගවත් ඉනිමෙන් අසරණ වූ මහනුරව ක්‍රීඩකයෝ ලකුණු 18කි පරාජය කිරීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වුනා.

උපුල් තරංග කොළඹ නියෝජනය කරමින් ගාල්ලට බැට දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ …..

අශාන් ප්‍රතිවාදීන් සම්පූර්ණයෙන්ම අඩපණ කරමින් පන්දු 52ක දී ලකුණු 108ක් ලබා ගත්තා. එම දැවැන්ත ඉනිම වෙනුවෙන් හතරේ පහර 9ක් හයේ පහර 6ක් එකතු කිරීමට ද ඔහු සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති දෙවැනි තරගයයි මේ.

මහනුවර සහ දඹුල්ල අතර පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 184ක් පමණයි.

දඹුලු කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 44ක් වූවා. ධනුෂ්ක ගුණතිලක සහ රමිත රඹුක්වැල්ල ඉනිම ආරම්භ කළ අතර ඉන් රඹුක්වැල්ල පළමුවෙන් දැවී ගියේ ලකුණු 24ක් ලබා සිටිය දී. 15 වැනි පන්දුවේ දී දැවී ගිය එම ඉනිමට හතරේ පහර 5ක් ඇතුලත්ව තිබුණා. අනතුරුව දෙවැනි කඩුල්ල ලෙසින් සධීර සමරවික්‍රම ලකුණු 2කට දැවී ගියා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ අශාන් ප්‍රියංජන් ලකුණු 122ක සබඳතාවක් එක් කරමින් දඹුලු කණ්ඩායම වඩා හිදුවීමට සමත් වීම කැපී පෙණුනා. ධනුෂ්ක රැස් කළ ලකුණු සංඛ්‍යාව 39ක්. පන්දු 43කට මුහුණ දුන් ඔහු තම ඉනිමට හතරේ පහර 3ක් එකතු කර ගත්තා.

වනිඳු හසරංග ලකුණු 2කට දැවී ගිය අතර ඉනිම නිමා වෙන විට ඉසුරු උදාන පන්දු 4ක දී ලකුණු නොදැවී ලකුණු 13ක් ලබා සිටියා. අනෙක් අන්තයෙන් රමේෂ් මෙන්ඩිස් ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

විස්සයි විස්සේ වුන දේ ගැන ලසිත් මාලිංග කට අරියි

ඔහු සාම්ප්‍රදායෙන් පිට තමන්ගේ රටාවකටම පන්දු යවයි. සාමාන්‍ය පන්දු යවන්නෙකු මෙන් හිස අසලින් දකුණත් බාහුව ගේනවා……

කඩුලු බිඳ හෙළීමේ දී මුතුමුදලිගේ පුෂ්පකුමාර ලකුණු 33කට කඩුලු 2ක් බිඳ හෙළූ අතර කලකට පසු ජාතික තරගයකට සහභාගී වූ ලසිත් මාලිංග කඩුල්ලක් ලබා ගත්තා. ඔහුගේ පන්දුවාර 4 ලකුණු 30කට සීමා කරමින් යැවීමට මාලිංග සමත් වුනා.

ඊට අමතරව චරිත් අසලංක සහ සචිත් පතිරණ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 184ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ගාල්ලෙන් මහනුවරට එක් වූ තික්ෂිල ද සිල්වා ය. ඔහු පන්දු 38ක දී ලකුණු 63ක් ලබා ගත්තා. එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඇතුලත් කිරීමට ද තික්ෂිල සමත් වුනා.

ඊට අමතරව ලහිරු තිරිමාන්න පන්දු 32කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 43ක් ලබා ගත්තා. අනතුරුව දෙකේ ආරම්භ වෙන ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වූයේ භානුක රාජපක්ෂ ය. ඔහු පන්දු 18කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතරව ලකුණු ලබා ගැනීමේ දී සටහන් තැබිය හැකි වගකීමක් දැරුවේ නායක දසුන් ශානක (12) සහ චරිත් අසලංක (15) පමණි. අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට ආසන්න වීමට දඹුලු පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැහැ.

ප්‍රතිවාදී ඉනිම මෙල්ල කිරීමේ දී මහනුවර නායකයා පන්දු යවන්නෝ 9 දෙනෙක් යොදා ගත් අතර ඒ අතුරින් සාර්ථක ඵල නෙළා ගත්තේ ඉසුරු උදාන සහ ෂෙහාන් මධුශංක යි. ඔවුන් දෙදෙනා කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතරව ධනුශ්ක ගුණතිලක, අශාන් ප්‍රියන්ජන්, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග කඩුල්ල බැගින් දවා ගත්තා.

දඹුල්ල; කඩුලු 5ක් දැවී 202 (20.0): ධනුෂ්ක ගුණතිලක 39, රමිත රඹුක්වැල්ල 24, අශාන් ප්‍රියන්ජන් 108, මුතුමුදලිගේ පුෂ්පකුමාර 2/33

මහනුවර; කඩුලු 8ක් දැවී 184 (20.0): තික්ෂිල ද සිල්වා 63, ලහිරු තිරිමාන්න 43, භානුක රාජපක්ෂ 26, ඉසුරු උදාන 2/29, ෂෙහාන් මධුශංක 2/09

තරගාවලියේ මීළඟ තරග වන කොළඹ සහ මහනුවර අතර තරගයත් ගාල්ල සහ දඹුල්ල අතර තරගයත් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 තරගාවලියේ සියලුම තරග ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් TV නාලිකා අංක 123 හා ඩයලොග් MyTV හරහා සජීව ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර තරගයේ උණුසුම් තොරතුරු සමගින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<