ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් C කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම හා කැන්බරා හීට් කණ්ඩායම තරග වැදුණු අතර පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. තරගාවලිය මියන්මාරයේ Nay Pyi Taw හිදී පැවැත්වේ.
‘Lanka Lions’ in Asian Men’s Club Volleyball Championship
The Sri Lanka Men’s National Team will participate in the 2018 Asian..
ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම “ලංකා ලයන්ස්” ලෙස තරගාවලියට එක්වන අතර, මෙම තරගාවලිය නව ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු Dejan Vulicevic සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගාවලියයි.
ලකුණු 25-20ක් ලෙස ලයන්ස් කණ්ඩායම පළමු වටය ජය ගත් අතර ඉතා තියුණු මුහුණුවරක් ගත් දෙවන වටය ද ඔවුන් ලකුණු 25-21ක් ලෙස ජය ගැනීමට සමත් විය. තෙවැනි වටය ද ලකුණු 25-09ක් ලෙස ජය ගනිමින් වට 3-0ක් ලෙස සුපිරි ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
ලංකා ලයන්ස් කණ්ඩායම අද (31) හොං කොං කණ්ඩායමක් වන යන්චායි කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<