ධර්මසේන හා රණවීර ජාත්‍යන්තර ටෙනිස් කිරුළක් දිනති

193

ජුනි 7 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වා චීන තායිපේ හිදී පැවැත්වුණු කෞෂුං ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි යුගල අංශයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුරේෂ් ධර්මසේන හා ආර්. ඒ. එල්. එස්. රණවීර සමත් වී තිබේ.

යුධ විරුවන් දෙදෙනෙකුගේ නොනවතින මෙහෙයුම – On your Wheels – සිංහල Documentary

“සීරුවෙන් සිටින්!”… ඔබට සීරුවෙන් ඉන්නට නොහැකිය. ඔබ සතුරාට බිය ය. ඔබට අමතක වූ ඔවුනට …

දශක 3ක් පුරාවට මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය මැඩලීමට විශාල සවියක් වූ යුද විරුවන් දෙදෙනෙකු ලෙස සුරේෂ් ධර්මසේන හා ආර්. ඒ. එල්. එස්. රණවීර හැඳින්වීමට හැකි අතර ඔවුන් දෙදෙනා විසින් මේ දිනා ගත් රෝද පුටු ටෙනිස් යුගල ශූරතාවය ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන තෙවැනි මට්ටමේ ප්‍රධාන තරගාවලියක දිනා ගත් ශූරතාවයක් ලෙස හැඳින්වීමට හැකිය.

මේ රෝද පුටු ටෙනිස් තරගාවලිය පිරිමි ඒකල, පිරිමි යුගල, කාන්තා ඒකල හා කාන්තා යුගල ලෙස ඉසව් 4කින් සමන්විත වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක චීන තායිපේ, ජපානය, තායිලන්තය, ස්විට්සර්ලන්තය, මැලේසියාව, තුර්කිය, දකුණු කොරියාව, ඇතුළු රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියේය.

පිරිමි යුගල තරගයේ ශ්‍රී ලංකාවට ලැබුණු පළමු අභියෝගය වුනේ ජපානයේ සටෝසි සයිදා හා හිර්යුකී ටකෙඩා හමුවේ පළමු තරග වටය ශ්‍රී ලංකාව ලකුණු 6-3ක් ලෙස පරාජය වූ අතර දෙවන තරග වටයේ දී එම ලකුණු ප්‍රමාණයම ලබාගත් ශ්‍රී ලංකාවේ ධර්මසේන හා රණවීර තරග වට 1/1ක් ලෙස තරගය සම කළේ තෙවැනි වටයක් සඳහා තරගය රැගෙන යමිනි. අවසානයේ ලකුණු 10-05ක් ලෙස ප්‍රබල ජපාන කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක යුගලය සමත් විය.

අනතුරුව පිරිමි යුගල තරග අංශයේ අවසන් පූර්ව තරග වටයට තේරී පත්වූ ධර්මසේන හා රණවීර ජපානයේ ක්‍රීඩකයෙක් හා තායිලන්තයේ ක්‍රීඩකයෙක්ගෙන් සමන්විත කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට තේරී පත්වුණි. එහි දී තරග වට 2/0ක් ලෙස ජපානයේ ඩයිසුකේ අරායි/ යෝශිනොබූ ෆුජිමොටෝ පරාජය කරමින් යුගල ශූරතාවය ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දෙන ලදි.

එසේම පිරිමි ඒකල තරග ඉසව්ව සඳහා ධර්මසේන හා රණවීර යන දෙදෙනාම සහභාගී වූ නමුත් රණවීර එහි දෙවන වටයෙන් ඉවත් වූ නමුත් ධර්මසේන ඉතාමත් හොඳින් දස්කම් පෙන්වීම නිසා අවසන් මහා තරගයට තේරී පත්විණි. අවසානයේ තායිලන්තයේ සුතී කලොන්ගුරුවා හමුවේ තරග වට 2/0ක් ලෙස පරාජය වූයේ ලකුණු 6-2ක් හා ලකුණු 7-5ක් ලෙසයි. අවසානයේ ඒකල පිරිමි අංශයේ අනුශූරතාවයෙන් සැහීමකට පත්වීමට සුරේෂ් ධර්මසේන හට සිදු විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<