ශ්‍රී ලංකා A කණ්ඩායම කාර්යය බහුල වන ලකුණු

655

සිව් දින තරග හතරක් හා එක්දින තරග තුනක් සඳහා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම මේ මස අවසානයේ බංගලාදේශය කරා පියාසර කිරීමට නියමිතය.

ජුනි 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ‘Aකණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුලත් වනු ඇති බව වාර්තා වේ.

බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාව 360ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි…

අවසාන වරට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ‘A’ කණ්ඩායම සමඟ තරගාවලියකට එක්වූ අතර නිල නොවන ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනිමට ද, නිල නොවන එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ද ඔවුන් සමත් විය.

චරිත් සේනානායක කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ගුණවර්ධන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

දිනය තරගය ක්‍රීඩාංගනය
ජුනි 26 සිට 29 දක්වා පළමු සිව්දින තරගය ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (ප්‍රධාන ක්‍රීඩාංගණය), කොක්ස් බසාර්
ජූලි 03 සිට 06 දක්වා දෙවන සිව්දින තරගය ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (ඇකඩමි ක්‍රීඩාංගණය), කොක්ස් බසාර්
ජූලි 10 සිට 13 දක්වා තෙවන සිව්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 17 පළමු එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 19 දෙවන එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 22 තෙවන එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<