පසුගිය දා නිමාවට පත්වූ විසිඑක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උළෙලක් ඊයේ (19) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
මේ සඳහා ගරු වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා හා හිටපු ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමා ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.
කැන්ගරු දේශයේ සිට වාර්තා අලුත් කළ සිංහයන්ගේ පොදුරද මඩුලු සවාරිය
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙල, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, බ්‍රිතාන්‍ය පොදු…
බර ඉසිලීමෙන් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් ද්විත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් අතර බොක්සිං ක්‍රීඩාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ ලද ඉහළම පදක්කම් සංඛ්‍යාව මෙම වසරේ වාර්තා වීම විශේෂත්වයක් වූ අතර මේ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ දායකත්වය ද සුළුපටු නොවේ. මේ අවස්ථාවට පැමිණ සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ වසරකටත් පෙර සිටම පසුගිය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සූදානම් වූ බවයි. වසර 80කට පසුව ලබාගත් ඉහළම පදක්කම් ගණන මෙවර දිනා ගැනීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව මෙන්ම රටක් වශයෙන් සියලු දෙනා සතුටු විය යුතු බව එතුමා පවසා සිටියේය. වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍යතුමා,
“මම අනුන්ගේ පදක්කම් දාගෙන දඟලන කෙනෙක් නෙමෙයි. කිසිවිටෙකත් මෙය පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස මම සලකන්නේ නෑ. ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ පිටුපස සිට පෝෂණ දීමනා මූල්‍ය දීමනා ලබා දෙමින් හයියක් වුනා. ඒ තුලින් ක්‍රීඩා අමාත්‍යංශයේ යුතුකම් ඉෂ්ට කළා.”
“ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සූදානම් වෙන්න, විශේෂයෙන්ම මම මෙතන නැති වුනත් ලංකාවේ කොහේ හෝ සිට තමුන් එක්ක ක්‍රීඩාවට මට දෙන්න පුළුවන් උපරිම ශක්තිය මම ලබා දෙනවා.”
මින්පසු අදහස් දැක්වූ වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ හිටපු අමාත්‍යතුමාගේ ක්‍රියා පිළිවෙළ ඉදිරියටත් ඉටු කරගෙන යන බව ය. වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා,
“සහජීවනයේ හොඳම අවිය ක්‍රීඩාවයි. ක්‍රීඩාව තුලින් සහෝදරත්වය දියුණු වෙනවා. ක්‍රීඩා සංගම් අතරත් මේ සහෝදරත්වය ඇති කරන්නට පුළුවන් නම් මීටත් වඩා ලොකු ජයග්‍රහණ වලට අපට යා හැකියි.”
“මේ රටේ වැදගත්ම අමාත්‍යංශයක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය පෙන්වා දිය හැකි. සමාජයේ ක්‍රීඩකයන් වෘත්තීය මට්ටමට ඇවිත් තිබෙනවා, ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වෙනස් වෙලා තියෙනවා.”
ඉදිරියේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ත්‍යාග ලබා දීමේ උත්සවයක් පැවැත්වීමට ද බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා ජයග්‍රහණ වාර්තා කල සියලු ක්‍රීඩකයන්ට ආශීර්වාද කළේය.
පදක්කම් දිනූ ක්‍රීඩකයන් මෙසේයි.
- ඉන්දික දිසානායක – රිදී පදක්කම – බර ඉසිලීම
- චතුරංග ලක්ෂාන් – ලෝකඩ පදක්කම – බර ඉසිලීම
- දිනූෂා ගෝමස් – ලෝකඩ පදක්කම – බර ඉසිලීම
- අනුෂා කොඩිතුවක්කු – ලෝකඩ පදක්කම – බොක්සිං ක්‍රීඩාව
- තිවංක රණසිංහ – ලෝකඩ පදක්කම – බොක්සිං ක්‍රීඩාව
- ඉෂාන් බණ්ඩාර – ලෝකඩ පදක්කම – බොක්සිං ක්‍රීඩාව
පදක්කම් ලබා ගත් ක්‍රීඩකයන්ට හා සෙසු ක්‍රීඩකයන්ට අනාගතයේ දී සිංහ ධජය තවතවත් ජාත්‍යන්තරයේ රනින් බබළවන්නට ශක්තිය ධෛර්ය ලැබේවා’ යි ThePapare.com ද ඉත සිතින් සුබ පතන්නෙමු.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<