පොදුරාජ්‍ය මණ්ඩලීය රග්බි සංචිතය නිකුත් වේ

1025

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන්, ක්‍රීඩකයින් දොළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක් මෙවර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට තෙවැනි සහ සිව්වැනි ස්ථානය

බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගයෙන්…

විසි එක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එළඹෙන අප්‍රේල් මස 4 වැනිදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී ආරම්භ වීමට නියමිත අතර 2014 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ නායක මුතුතන්ත්‍රී, ධනුෂ්ක රන්ජන් හා ශ්‍රීනාත් සූරියබණ්ඩාර පමණක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස යොදා ගනිමින් මෙවර ශ්‍රී ලංකා සංචිතය තරුණ මුහුණු රැසක් ද සමඟින් ඕස්ට්‍රේලියාව වෙත පියාසර කරනු ඇත.

හිටපු ඉසිපතන ක්‍රීඩක හා වත්මන් නාවික හමුදා ක්‍රීඩක අදිශ වීරතුංග නිමාවූ බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ පෙන්නුම් කළ දස්කම් හේතුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ද තෝරාගෙන තිබේ.

මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන වේගවත් ධාවකයින් වන ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල මෙන්ම සාන්ත තෝමස් කණ්ඩායම නියෝජනය කළ නවීන් හේනකන්කානම්ගේ ද මෙවර සංචිතයට ඇතුලත්ව සිටියි. CR & FC කණ්ඩයමේ නායක කවිඳු පෙරේරා ද සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔහුගේ වේගය ද කණ්ඩායමට අමතර වාසියක් වනු ඇත.

කවිඳු පෙරේරා බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ දී

අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන CR & FC කණ්ඩයමේ තරින්ද රත්වත්ත සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර හට මෙවර විශාල වගකීම් රැසක් පැවරෙනු ඇත. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය එළඹෙන අප්‍රේල් 14 වැනිදා ඔලිම්පික් රන් පදක්කම් ලාභී ෆීජි දේශය සමඟින් පැවැත්වෙනු ඇත.

නවසීලන්ත ජාතික පීටර් වුඩ්ස් කණ්ඩයමේ පුහුණුකරු වන අතර, නික් ගොබේ කණ්ඩායමේ භෞතචිකිත්සක ලෙස හා ඉන්ති මරිකාර් ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.

සංචිතය :

සුදර්ශන මුතුතන්ත්‍රි (නායක), ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ධනුෂ් දයාන්, හිරන්ත පෙරේරා, තරින්ද රත්වත්ත, රෙහාන් සිල්වා, සුදම් සූරියආරච්චි, නවීන් හේනකන්කානම්ගේ, අදිශ වීරතුංග, කවිඳු පෙරේරා, ආදේශක: රීසා රෆයිඩීන්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<