දකුණත් පිතිකරු ඕෂද ප්‍රනාන්දුගේ අති දැවැන්ත ඉනිමත්, වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක චානක කොමසාරුගේ විස්මිත පන්දු යැවීමත් නිසා අද (30) සුපිරි ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හැකි විය.
ඒ හැරෙන්නට ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණිය නියෝජනය කරමින් පැවති අනෙක් තරග ත්‍රිත්වය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.
මීගමුව සහ කළුතර අතර තරගයේ ලකුණු සමවේ
තීරණය කුමකින් කුමක්වේ දැයි අවසානය දක්වාම කිව නොහැකි වූ මීගමුව ක්‍රිකට් සමාජය සහ කළුතර නාගරික සමාජය අතර කදිරානේ දී අද (30) නිමා වූ Tier B තරගය ජය පරාජයෙන්…
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය
ඉනිමක සහ ලකුණු 139ක දැවැන්ත ජයක් වරාය අධිකාරියට හිමිවුණු මෙම තරගය පැවැත්වුණේ මග්ගොන සරේ විලේජ් හිදීයි. මුලින් පන්දුවට පහර දීම තෝරාගත් වරාය අධිකාරිය, මදූක ලියනපතිරණගේ වාර්තා කළ ශතකයෙන් සවිමත්ව ලකුණු 359ක් රැස් කළහ.
ඉන් අනතුරුව ප්‍රතිවාදී බදුරලිය ක්‍රිකට් සමාජය ලකුණු 105කට සීමා කරමින් තරගය තුල තම බල පරාක්‍රමය විහිදුවන්නට ද ඔවුන්ට හැකි විය. පසුව බදුරලිය දෙවැනි ඉනිම ද ලකුණු 115ක බිඳ දමමින් සුපිරි ජයක හිමිකරුවන් බවට ඔවුන් පත්විය. පන්දු යැවීමේ දී චානක කොමසාරු කඩුලු 12ක් බිඳ දමමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය – සියල්ලන්ම දැවී ලකුණු 359 (පන්දුවාර 100.3): මධූක ලියනපතිරණගේ 115*, ප්‍රශාන් වික්‍රමසිංහ 88, ගිහාන් රූපසිංහ 48, අදීල් මලික් 25, ගයාන් මනීශාන් 20, යශෝධ ලංකා 20, අලංකාර අසංක 7/79, නිම්නාද සුබසිංහ 3/56.
බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 56): සම්මික රුවන් 20, චානක කොමසාරු 6/34.
බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 115 (පන්දුවාර 58.5): සංජය චතුරංග 31, චානක කොමසාරු 6/39, මදූක ලියනපතිරණගේ 2/28, අකලංක ගනේගම 2/24.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය
යුධ හමුදා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 197ක දැවැන්ත පරාජයක් හිමිවුණු මෙම තරගය ක්‍රියාත්මක වූයේ කටුනායක දීයි.
කාසියේ වාසිය ජය ගනිමින් මුලින් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් පිළ ලකුණු 545ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වූහ. එහි දී ඕෂද ප්‍රනාන්දු අති විශිෂ්ට ඉනිමක නිරත වෙමින් ලකුණු 196ක් රැස්කර ගත්තේ තම ද්විත්ව ශතකය නූලෙන් අහිමි කර ගනිමිනි. ඒ පසුපස හඹාගිය යුධ හමුදා පළමු ඉනිම ලකුණු 160කට සීමා වූ අතර දෙවැනි ඉනිම ද ලකුණු 188කට බිඳ වැටුණි. ඒ වෙනුවෙන් මාලින්ද පුෂ්පකුමාර කඩුලු 9ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 545 (පන්දුවාර 118.3): ඕෂද ප්‍රනාන්දු 196, ශෙහාන් ජයසූරිය 118, සචිත්‍ර සේරසිංහ 65, ඉසුරු උදාන 56, රිසිත් උපමාල් 41, පුලිණ තරංග 37, ජනිත් සිල්වා 5/114, දුශාන් විමුක්ති 2/139.
යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 49): සංජික රිද්ම 35*, ඒ.කේ.එන්. ද සිල්වා 27, නවෝද් ඉලුක්වත්ත 20, නුවන් ලියනපතිරණ 20, මාලින්ද පුෂ්පකුමාර 6/56, අසිත ප්‍රනාන්දු 3/24.
යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 188 (පන්දුවාර 62.1): දිල්ශාන් ද සොයිසා 62, කසුන් ද සිල්වා 51, තික්ෂිල ද සිල්වා 3/19, මාලින්ද පුෂ්පකුමාර 3/69.
මීගමුව සහ කළුතර අතර තරගයේ ලකුණු සමවේ
තීරණය කුමකින් කුමක්වේ දැයි අවසානය දක්වාම කිව නොහැකි වූ මීගමුව ක්‍රිකට් සමාජය සහ කළුතර නාගරික සමාජය අතර කදිරානේ දී අද (30) නිමා වූ Tier B තරගය ජය පරාජයෙන්…
මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය
බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගය නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. එහි දී ප්‍රතිවාදී පිළේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජය රැස්කළ ලකුණු 163ට පිළිතුරු ලෙස ලකුණු 213ක් රැස්කර ගන්නට සත්කාරක බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට හැකි විය.
කෙසේ වෙතත් පළමු ඉනිමේ සිදු වූ වැරදි නිවැරදි කර ගත් මුවර්ස් පිතිකරුවන් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 372ක් රැස් කරමින් සාර්ථකත්වයට පත්විය. කලක් ශ්‍රී ලංකා පිළේ නිත්‍ය මැදපෙළ පිතිකරුවෙකු වූ චාමර සිල්වා ඒ වෙනුවෙන් ලකුණු 134ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය. මුවර්ස් ඉනිම පසුපස හඹාගිය බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් කඩුලු 3ක් අතැතිව මුවර්ස් ක්‍රීඩා සමාජයට වඩා ලකුණු 40ක් පිටුපසින් සිටිය දී තරගය නිමාවට පත්විය.
මුවර්ස් ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 163 (පන්දුවාර 43.2): ශානුක දුලාජ් 39, තරිඳු රත්නායක 36, ප්‍රිමෝශ් පෙරේරා 20, ලහිරු සමරකෝන් 4/56, ඉම්රාන් කාන් 2/13, රමේෂ් මෙන්ඩිස් 2/73.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 68.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, සචින් ජයවර්ධන 49, මලිත් ද සිල්වා 25, ප්‍රමුද් හෙට්ටිවත්ත 22, සජීව වීරකෝන් 6/58, තරිඳු රත්නායක 2/93.
මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 372 (පන්දුවාර 80): චාමර සිල්වා 134, පබසර වඩුගේ 52, ප්‍රිමෝශ් පෙරේරා 28, ශිරාන් ප්‍රනාන්දු 26*, දෙනුවන් රාජකරුණා 25, ශානුක දුලාජ් 23, ලහිරු සමරකෝන් 4/72, නිපුන් කරුණානායක 2/44, මලිත් ද සිල්වා 2/86.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 282 (පන්දුවාර 73): ලහිරු ජයකොඩි 56, අදීශ නානායක්කාර 48, රමේෂ් මෙන්ඩිස් 59, ප්‍රමුද් හෙට්ටිවත්ත 45, සජීව වීරකෝන් 2/85, තරිඳු රත්නායක 2/119.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය
කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී පැවති මෙම තරගයේ දී BRC ආරාධනය පිළිගෙන මුලින් පිත්ත හැසිර වූ ටැමිල් යූනියන් පිළ කඩුලු 7කට ලකුණු 314ක් රැස්කර ගත්හ. එනමුත් තරගය අත් නොහළ BRC කණ්ඩායම ද පිළිතුරු ඉනිමේ දී ලකුණු 332ක් රැස්කර ගත්හ. ඒ වෙනුවෙන් නොදැවුණු ලකුණු 152ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ කලක් ජාතික කණ්ඩායමේ සිටි පිට දඟපන්දු යවන්නෙකු වන සුරාජ් රන්දිව්යි. පසුව ජීවන් මෙන්ඩිස්ගේ ශතකයේ ආධාරයෙන් තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 234ක් රැස්කර ගන්නට ටැමිල් යූනියන් පිළට හැකි විය.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 314 (පන්දුවාර 99): තරංග පරණවිතාන 123, දිනෙත් තිමෝද්‍ය 57, ශාලික කරුණානායක 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, විකුම් සංජය 3/63, හිමේෂ් රත්නායක 2/39, සුරාජ් රන්දිව් 2/81.
BRC – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 106.5): සුරාජ් රන්දිව් 152*, ශශීන් දිල්රංග 84, ප්‍රමෝද් මධුශාන් 5/85, ජීවන් මෙන්ඩිස් 3/74.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 234 (පන්දුවාර 53): ජීවන් මෙන්ඩිස් 100*, තරංග පරණවිතාන 60, මනෝජ් සරත්චන්ද්‍ර 40, ටී.එම්. සම්පත් 2/68.
කොළඹ ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය
SSC පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී දෙපිළේම පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා තරගය අවසන් වූයේ ජය පැරදුමකින් තොරවයි. කාසියේ වාසිය දිනා පිතිකරණය තෝරාගත් CCC කණ්ඩායම ලකුණු 314ක් රැස්කර ගනිද්දී SSC මුල් ඉනිම ලකුණු 459ක් දක්වා වර්ධනය විය. ඒ දිමුත් කරුණාරත්න, චාමර කපුගෙදර සහ මිනෝද් භානුක වාර්තා කළ ශතක ත්‍රිත්වයේ ආනුභාවයෙනි. තරගය අවසන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි CCC පිළ කඩුලු 5ක් දැවී ලකුණු 233ක් ලබා සිටියහ. ලසිත් අබේරත්න ලකුණු 90යි.
කොළඹ ක්‍රිකට් සමාජය 314 (පන්දුවාර 80.5): අශාන් ප්‍රියන්ජන් 84, මාධව වර්ණපුර 79, කවීන් බණ්ඩාර 53, ලසිත් අබේරත්න 43, අක්තාබ් කාඩර් 3/45, කසුන් මධුශංක 2/33, සචිත්‍ර සේනානායක 2/88.
සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 459 (පන්දුවාර 115): දිමුත් කරුණාරත්න 141, චාමර කපුගෙදර 114, මිනෝද් භානුක 100*, කවිඳු කුලසේකර 30, වනිඳු හසරංග 2/97, සචිත් පතිරණ 5/131.
කොළඹ ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 233 (පන්දුවාර 55): රොන් චන්ද්‍රගුප්ත 68, ලසිත් අබේරත්න 90, අශාන් ප්‍රියන්ජන් 32, සචිත්‍ර සේනානායක 4/67.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න