දෙවැනි අර්ධය ජයග්‍රහණය කර කුසලානය දිනා ගන්නේ කවුරුන් ද?

369

ඉතා උද්වේගකර තරග කිහිපයකින් අනතුරුව 2017/18 ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර පසුගිය දා නිමාවට පත්වූ අතර එහි දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 29 වන දින ආරම්භ වීමට නියමිත ය.

අනපේක්ෂිත යුද හමුදා ප්‍රහාරයෙන් ගුවන් මෙහෙයුම අසාර්ථක වේ

දෙවන අර්ධයේ දී තරගයේ රිද්මය සොයා ගත් යුද හමුදා ක්‍රීඩා සමාජය අතිශය තියුණු සටනකින් ගුවන් හමුදා කණ්ඩායම…

2017/18 වසර සඳහා වන ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය පසුගිය නොවැම්බර් මස 04 වන දින නිල වශයෙන් ආරම්භ වූ අතර සති 7ක කාලයක් පුරා, තරග 28ක් ආවරණය කරමින් පැවති එහි පළමු අදියර පසුගිය සති අන්තයේ දී නිමාවට පත්වූයේ මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිතව පෙරමුණේ රැඳෙමිනි.

තරගාවලියේ දෙවන අදියර එළඹෙන 29 වන දා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ CR & FC කණ්ඩායම අතර තරගයත් සමඟ ආරම්භ වීමට නියමිත අතර එදිනම රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් කණ්ඩායම අතර තරගය ද පැවැත්වීමට නියමිත ය. දෙවන අදියරේ පළමු සතියේ තරග යටතේ තවදුරටත් නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර තරගය වැලිසර දීත්, පළමු අදියරේ පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩා සමාජය සහ එහි අවසන් ස්ථානයේ පසු වූ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයත් පැවැත්වෙනු ඇත.

පෙබරවාරි මස 11 වන දින පැවැත්වෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර තරගයත් සමඟ තරගාවලියේ දෙවන අදියර නිමාවට පත්වනු ඇත.

හැව්ලොක් අභියෝගයට මහනුවරින් ප්‍රබල පිළිතුරක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර…

ඒ ආකාරයට ‘Dialog’ රග්බි ලීග් තරගාවලිය නිමාවට පත්වීමෙන් අනතුරුව පෙබරවාරි මස 17 වන දින ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය එහි අර්ධ අවසන් පූර්ව වටයේ තරග සමඟ ආරම්භ වීමට නියමිත ය. එහි අවසන් පූර්ව වටයේ තරග පෙබරවාරි මස 20 සහ 21 දිනයන් හිදී ද, අවසන් මහා තරගය එම මස 24 වන දින ද පැවැත්වෙනු ඇත.

දෙවන අදියරේ තරග කාලසටහන:

Week No Date Day Home Team vs Visiting Team Venue Time
Week – 8 29 29-Dec Friday Army SC vs C R & F C Army Grounds 4.00 pm
30 29-Dec Friday Air Force SC vs Havelock SC Ratmalana 4.00 pm
31 30-Dec Saturday Navy SC vs CH & FC Welisara 4.00 pm
32 30-Dec Saturday Kandy SC vs Police SC Nittawala 4.00 pm
Week – 9 33 5-Jan Friday Army SC vs Navy SC Army Grounds 4.00 pm
34 5-Jan Friday Havelock SC vs CH & FC Havelock Park 6.30 pm
35 6-Jan Saturday Air Force SC vs Kandy SC Ratmalana 4.00 pm
36 6-Jan Saturday Police SC vs C R & F C Police Park 4.00 pm
Week-10 37 12-Jan Friday CH & FC vs Air Force SC Racecourse Grounds 4.00 pm
39 13-Jan Saturday Police SC vs Navy SC Police Park 4.00 pm
38 13-Jan Saturday Kandy SC vs C R & F C Nittawala 4.00 pm
40 13-Jan Saturday Havelock SC vs Army SC Havelock Park 6.30 pm
Week-11 41 20-Jan Saturday Kandy SC vs CH & FC Nittawala 4.00 pm
42 20-Jan Saturday Air Force SC vs Army SC Ratmalana 4.00 pm
43 20-Jan Saturday Police SC vs Havelock SC Police Park 4.00 pm
44 20-Jan Saturday Navy SC vs C R & F C Welisara 4.00 pm
Week-12 45 26-Jan Friday Police SC vs Air Force SC Police Park 4.00 pm
46 27-Jan Saturday Havelock SC vs C R & F C Havelock Park 6.30 pm
47 27-Jan Saturday Navy SC vs Kandy SC Welisara 4.00 pm
48 28-Jan Sunday Army SC vs CH & FC Army Grounds 4.00 pm
Week-13 49 3-Feb Saturday CH & FC vs Police SC Racecourse Grounds 4.00 pm
50 3-Feb Saturday Havelock SC vs Navy SC Havelock Park 6.30 pm
51 3-Feb Saturday C R & F C vs Air Force SC Longdon Place 4.00 pm
52 3-Feb Saturday Army SC vs Kandy SC Army Grounds 4.00 pm
Week-14 53 9-Feb Friday Police SC vs Army SC Police Park 4.00 pm
54 9-Feb Friday Air Force SC vs Navy SC Ratmalana 4.00 pm
55 9-Feb Friday C R & F C vs CH & FC Longdon Place 4.00 pm
56 11-Feb Sunday Kandy SC vs Havelock SC Nittawala 4.00 pm

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<