අනුෂා, දිනිඳු සමඟ ක්ලිෆඩ් කුසලානය සඳහා පෙළගැසෙමු

343
Clifford cup 2017

“ක්ලිෆඩ් කුසලානය” යන නම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අලුත් අත්දැකීමක් නොවේ. රග්බි මෙන්ම බොක්සිං ක්‍රීඩාවට ද ක්ලිෆඩ් කුසලානය නම් ප්‍රමුඛ කුසලානයක් ඇත. එහි 2017 බොක්සිං තරගාවලිය එළඹෙන 5 වැනිදා ඇරඹෙන අතර 9 වැනිදා තෙක් පැවැත්වෙන්නේ කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේදීයි.

ගමෙන් උපන් ශක්තියෙන් යොවුන් කාන්තා බොක්සිං ලෝක ශූරතාවයට

නොවැම්බර් 19 සිට 26 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි හිදී පැවැත්වෙන යොවුන් කාන්තා බොක්සිං…

මේ වසරේ 91 වැනි උපන්දිනය සමරන ක්ලිෆඩ් කුසලානයේ පළමු තරගාවලිය 1927 වසරේ දී පවත්වා ඇති අතර එහි වැඩිම ශූරතාවල හිමිකරුවන් වන්නේ යුධ හමුදා ක්‍රීඩා සමාජයයි. 30 වරක් ශූරතාවය ලබා ඇති ඔවුන් 5 වරක් සම ශූරතාවය ද ලබා ඇත. ඔවුන්ගේ නවතම ප්‍රතිවාදීන් වන්නේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයයි. 2000 වසරේ ප්‍රමුඛ පෙළ බොක්සිං ක්‍රීඩාවට ඇතුලත් වීමෙන් පසු ඔවුන් මෙතෙක් ලබා ඇති ශූරතාවයන් ගණන 16කි.

“පිරිමි අංශය ගත්තොත් නව සහස්‍රය ඇරඹීමෙන් පසු යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ස්ලිම්ලයින් අතර පවතින සටන නයයි – මුගටියයි අතර සටනක් වගේ. දීර්ඝ කාලයක යුධ හමුදා ආධිපත්‍යයෙන් පසු නැවුම් ජවයක් තරගාවලියට එක්කරන්නට ඊට හැකිවී තිබෙනවා.” බොක්සිං සභාපති ඩයන් ගෝමස් මැතිතුමා කීවේය.

මෙම තරගාවලියට දිවයිනේ සුපිරි ක්‍රීඩකයන් රාශියක් සහභාගී වීමට නියමිතයි. එය ගණනින් 160කට අධික වනු ඇතැයි බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බොක්සිං බලාපොරොත්තුවක් වන දිනිඳු සපරමාදු 2016 වසරෙන් පසු මෙතෙක් දේශීය තරගාවලියකදී පරාජය වී නැත. ආසියාවේ අංක 5 ස්ථානය දරන ඔහු ජර්මනියේ පැවැත්වෙන ලෝක ශූරතා බොක්සිං තරගාවලියටද සුදුසුකම් ලබා සිටියි.

ශ්‍රී ලංකාවට පළමු ලෝක කාන්තා බොක්සිං පදක්කම ලබාදුන් අනුෂා කොඩිතුවක්කු ක්‍රීඩිකාවන් අතර ප්‍රධාන තැන ගනියි. ඇයද දේශීය බොක්සිං වළල්ල තුළ අපරාජිත තරුවකි.  . වසර දෙකක නිහැඬියාවකින් පසු බොක්සිං කවයට පිවිසෙන ඇය කෙසේ ක්‍රීඩා කරනු ඇත්දැයි සෑම බොක්සිං ප්‍රේක්ෂකයෙකුම බලා සිටියි.

Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 1

ක්‍රීඩාවේ දහසකුත් එකක් මානයන් අන්තර් ඥානයෙන් පූර්වාබෝධ කර ගනිමින් ද..

05 වැනිදා ඇරඹෙන තරගාවලිය 09 වැනිදා අවසන් වන විට සැබෑ ශූරයන් කවුරුන්දැයි හඳුනා ගැනීමට ThePapare.com අපද උනන්දුවෙන් බලා සිටින බව සතුටින් දැනුම් දෙන්නෙමු. තරග වාර්තා සඳහා රැඳෙන්න අප සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<